❄05❄

739 127 420
                                    

"ටේ ඔබ අද ඉතාම සුන්දරයි."ජිමින් කුමරු කිව්වේ සුරදූතයෙක් මෙන් පෙනෙන ටේහ්‍යුන් කුමරුට.

ඔව් අද ටේහ්‍යුන් කුමරුගෙත් ජන්කුක් කුමරුගෙත් විවාහය.නියම කරගත් දිනයේදී විවාහ උත්සවයට පැවැත්තුවේ කිම් රාජදානියේ.ඒ වගේම විවාහයෙන් අනතුරුව එදිනම ජන්කුක් කුමරුගේ රාජාභිශේකය පවත්වන්නත් මියොන්ග්සොන්ග් රැජින තීරනය කරලා තිබුනා.තමන්ගේ සහෝදරයාගේ ජීවිතේ වැදගත්ම දවස විශේශ කරන්න පුලුවන් හැමදේම ජින් කුමරු කලා.ඒ නම්ජුන් රජුගේ උදව්වත් ඇතුව.උත්සවය සදහා සූදානම් වීමට ටේහ්‍යුන් කුමරුට ජිමින් කුමරුගේ උදව් ලැබුනා.

ඇත්තෙන්ම ටේහ්‍යුන් කුමරු අද පෙනුනේ සුරදූතයෙක් වගේ.මංගල ඇදුම් ඇද සිටි කුමරුගේ කඩවසම් සියුමැලි දේහයට ඔහුගේ රත් පැහැ ගැන්වුනු කම්මුල් තවත් සුන්දරත්වයක් එක් කලා.

"අනේ යන්න චිමී විහිලු නොකර"ටේහ්‍යුන් කුමරු කිව්වේ මුහුන තවත් ලැජ්ජාවෙන් රතු වෙද්දී.

"ඔහෝ මම බොරු කියනවා කියලද හිතන්නේ ආ??අද ජන්කුක් යුවරජතුමා ඔබ නිසා උමතු නොවුනොත් පුදුමයක්."

"චිමී!!!!!!මොනාද මේ කියන්නේ?"ජන්කුක් කුමරුගේ නම ඇසුනු ගමන් ටේහ්‍යුන් කුමරු ලැජ්ජාවෙන් ඇඹරුනා.

"ආ ආ ජන්කුක් කුමරුගේ නම ඇසුනු සැනින් එක් අයෙක්ට ලැජ්ජ හිතිලා වගේ"ටේහ්‍යුන් කුමරුගේ මුහුන දුටුවහම ජිමින් කුමරුට හිනා ගියා.

"ඒත් මට ඔයාලව දාලා යන්න දුකයි චිමී"මෙතෙක් වේලා විහිලු කරමින් සිටි ටේහ්‍යුන් කුමරුගේ ඇස් දෙකට කදුලු ආවා.

"අනේ මේ මොනවද කියන්නේ ආ???ඔබ යන්නේ අපේ අසල්වැසි රාජදානියකටනේ.ඔබට කැමති වෙලාවක අපව බලන්න එන්න පුලුවන්."

"ඒ වුනත් මට දුකයි.ඔයත් එක්ක මීට පස්සේ නගරේ ඇවිදින්න යන්න වෙන්නෙත් නෑ.කලින් වගේ විනෝද වෙන්න හම්බෙන්නෙත් නෑ."ටේහ්‍යුන් කුමරු කිව්වේ ඇස් පිස දමමින්.

"අනේ ටේ අපිට ආපහු දවසක් එයිනේ එහෙම විනෝද වෙන්න.ඔයා දුක් වෙන්න එපා"

"ජිමිනී"ජිමින් කුමරුව වැලද ගත් ටේහ්‍යුන් කුමරු හඩන්නට වුනා.

𝗕𝗲𝗮𝘂𝘁𝘆 & 𝗧𝗵𝗲 𝗕𝗲𝗮𝘀𝘁Where stories live. Discover now