...තටු ලදිමි... 18+

1.6K 324 328
                                    

"කෝ කෙල්ල...?"

"ඉස්කෝලේ ගියා හාමිනේ..."

"මොන එකකටද බන් ඔච්චර ඕකිට උගන්නන්නේ..? රට රාජ්ජේ යවන්නද..? අප්පත් නැති ඕකිට ඔය වයස පැන්නම මොකෙක් හරි බන්දලා දීපන්. උඹලා හදන්නේ රට ලෝකේ අල්ලන්නද? "

"ඉතින් හාමිනේ උපාධියක්වත් තිබ්බා නම් වටිනවා කියලා තමයි ඉස්කෝලේ මහත්තයා නම් කිව්වේ..කෙල්ල ඉගෙනුමටත් හෙන දස්සයිලු.ඒකයි මාත් මේ බැරි මරගාතේ හරි ඒකිට උගන්නන්න දඟලන්නේ.."

"හරි හමන් කෑමක්වත් බඩට වැටෙන්නේ නැති උඹලට මොන උපාධිද සුමනෝ....මොකෝ උපාධිය කන්නද..? ඔන්න ඔහේ කොල්ලෙක් අල්ලන් කොහේ හරි වැටිලා ඉන්න හොඳ තැනක් හදාගනින්
මම ආවේ ඒ කාරනේට නෙමෙයි..මම එදා අර කියපු කාරණේට මොකෝ කෙල්ල කීවේ.කෙල්ලට හොඳට කවි කියන්න පුලුවන් නේ..ලඟ එන ඡන්ද රැස්වීම්වල කවි කියන්න යන්න හොඳ අවස්‍ථාවක් මේක.යහමින් මුදලුත් ලැබෙනවා. මන්ත්‍රීතුමාගේ ගෝලයෝ මගෙන් විටෙන් විට ඇහුවා..කොහෙද උඹලා නිකන් වැනෙන උත්තරනේ දෙන්නේ..මම කොහොමද ඒ මහත්තයලට හරි පිලිතුරක් දෙන්නේ..?"

"අනේ මන්දා හාමිනේ..අන්න කෙල්ල එනවා හාමිනේම ඇහුවනම් "

මම ගෙදර එද්දි වලව්වේ හාමිනේ අපේ ගෙදර ඇවිත් ඉන්නවා ඈත තියාම දැක්කා..අර ඡන්ද වේදිකාවල කවි කියන එක ගැන අම්මා එක්ක කතා කරගන්න වෙන්න ඇති..
හාමිනේ මොනවා කිව්වත්මම කැමති නෑ ඒ වැඩේට..ඔය රට පාලුවොන්ගෙන් සල්ලි මට ඕනේ නැහැ. අම්මටයි මටයි එක වේලක් හරි කාලා ඉන්න පුලුවන්.

හාමිනේ දැක්කේ නැති ගානට ඒ ඇතුලට යන්නයි මම හැදුවේ..

"ඈ බන් මිහිනියෝ මෙහෙ වරෙන් "

මගේ නම මිහිනි ඒත් හාමිනේ කියන්නේ මිහිනියෝ කියලා..කොහොමත් හාමිනේ කැමති අපි වගේ පොඩි මිනිස්සු පහත් කරලා කතා කරන්න.

"උඹට මම එදා කියපු වැඩේ කොහොමද..?එදා ඉස්කෝලේදි උඹේ කවි අහලා මන්ත්‍රීතුමා ප්‍රශන්සා කරලා තිබ්බා උඹට..ඒකයි මේ අවස්ථාවත් දුන්නේ.."

හාමිනේ මෙච්චරටම මේ බලකරන්නේ මේ වැඩෙන් හාමිනේගේ ඔඩොක්කුවටත් ගානක් වැටෙන නිසා මිසක් දුප්පත් අපි ගැන තියෙන දුකක් නිසා නෙමෙයි.

තටු ලදිමි [✔️]Donde viven las historias. Descúbrelo ahora