මේක තමයි මම සිංහලෙන් ලියන පළවෙනි ff එක. suzi_diana නිසයි මම මේ කතාව ලියන්න පටන්ගත්තේ. එතකොට cover එක හැදුවෙ Czish.. මේක high school students ලා කට්ටියක් අතරේ වෙන කතාවක්.
දැනට කතාවෙ ඉන්නේ චරිත ටිකයි. ඉදිරියට තව කට්ටිය එනවා. එයාලා එන්න ළං වෙනකොට මම chapter එක update කරන්නම්.
අපි දැන් කතාවේ characters කවුද කියලා බලමු. මේක high school කතාවක් නිසා එයාලා ටිකක් පොඩි කාලෙ වගේ ගත්ත pictures තමයි දැම්මේ. කමක් නෑනේ.😁
.
Jeon Jungkook
මෙයා ගැන කියලා වැඩක් නෑ. මෙයා කෙල්ලො පස්සෙ යන කෙනෙක්. හරිම හිතුවක්කාරයි. ගෙදර අය කියන කිසි දෙයක් අහන්නෙ නෑ. ඒ නිසා ගෙදර අයටත් මෙයාව එපා වෙලා තිබ්බේ. ටිකක් වලියට බරයි.
සිංදු අහන්න කැමතියි. ඒ වගේම සිංදු කියන්නත්. මෙයා සිංදු කියන වෙලාවට ගොඩක් අය ළඟට වෙලා අහන් ඉන්නවා.
යාළුවෝ හතර පස් දෙනයි ඉන්නේ. එයාලත් එක්ක fun එකේ ඉන්නවා. යාළුවන්ටවත් මෙයාව තේරුම්ගන්න බෑ. ඒ තරමටම හරි අමුතු වැඩ එයාගෙ තියෙන්නේ.
පාඩම් කරන්න කම්මැළියි. යාළුවන්ගේ කෑගැහිල්ල නිසා අන්තිම මොහොතෙ පාඩම් කරලා exam pass කරගන්න කෙනෙක්.
කොච්චර නරක කෙනෙක් වුණත් හැම මනුස්සයෙක්ගෙම මොනා හරි හොඳ ගතිගුණ තියෙනවනේ. කොච්චර නරක කෙනෙක් වුණත් මෙයා කරදරයකදී උදව්වට එනවා. ඒ වගේම පොත් කියවන්න ආසයි. රෑට අනිවාර්යයෙන් diary එක ලියනවා.
.
Song Kang
YOU ARE READING
💖Life Partner💖 [JJK/ Completed]
Fanfictionකිසිම දෙයක් අහන්නෙ නැති, ස්ටඩීස් හරියට කරන්නෙ නැති, කෙල්ලො පස්සෙ යන සෙල්ලක්කාර කොල්ලෙක්ගෙ ලයිෆ් එක ක්ලාස් එකට අලුතෙන් එන කෙල්ල නිසා වෙනස් විය. 2021.07.25 ~ 2023.02.18