I Love You
____________________________________
- Chim's POV -
" පරිස්සමින් ඉන්න මගෙ මැණික .. නම්ජුන් පුතාට කීකරු වෙලා ඉන්න .. අද ඉඳලා අප්පා නෙවෙයි මගෙ ඒන්ජල් ළඟ ඉන්නෙ .. නම්ජුන් පුතා .. මං දන්නවා හම්බවෙලා වැඩි කාලයක් නැතත් ඔයා මට වගේම එයාටත් , නෑ නෑ ඊට වැඩිය ආදරය කරයි කියලා .. "
මම කඳුළු අප්පට නොපෙනෙන්න පොළව දිහා බලාගෙන අප්පගෙ පපුවට තුරුල් වුණේ අද ඉඳලා වෙනදා වගේ මං ළඟ අප්පා නෑ කියලා මතක් වෙද්දි ..
" චිම් , බේබි ඔයා අඬනවද ..? දන්නවා නේද අප්පා කොච්චර ස්ට්‍රෝන්ග් වුණත් ඔයාගෙ කඳුළු දකිනකොට වීක් වෙනවා කියලා .. ම්ම්ම් කො අප්පා දිහා බලන්න .. "
අප්පා මගෙ හැම පුංචි වෙනසක්ම අඳුරනවා .. ඉතිං කොහොමද අඬන එක එයාගෙන් හංගන්නෙ .. මං හිමීට ඔළුව ඉස්සුවෙ කඳුළු පිහදාගෙන ..
" නම්ජුන් පුතා බලන් ඉන්නවා .. කෝ හිනා වෙන්න .. අප්පට වොරි වෙන්න ඉඩ හදන්නද ඕනි ..? නම්ජුන් පුතා ගොඩක් හිත හොඳ කෙනෙක් .. ඔයාට ඒක තේරෙයි .. අනික මේ තමන්ගෙ වෙඩින් එකේදි අඬන කෙනා කව්ද අනේ ..? කෝ කෝ කෝ ඒන්ජල් ස්මයිල් එක ..? නැත්තම් අප්පා හැම මොහොතෙම දුක් වෙයි අප්පා එයාගෙ බේබිව ඇඬෙව්වා කියලා .. "
අප්පා මාව හිනස්සන්න ගොඩක් දේවල් කිනවා .. මං දන්නවා අප්පා මාව හිනස්සන්න හැදුවට එයත් ඉන්නෙ දුකින් කියලා .. ඒත් මම ආයෙම වතාවක් උත්සහ කළේ අප්පව මගෙ ළඟ තියා ගන්න ..
" අප්පත් එල්ලකො අලේ අපේ ගෙදර ..? න..නම්..ජුන් අප්පට ඉල්ල පුළුවන් නේද එහෙ ..? අලේ අප්පා චෙබල් .. ඔයා නැතුව මම ඉඳලාම නෑලෙ අප්පා .. අලේ..... "
මං බැලුවෙ අද මගෙ ජීවිතේට එකතු වුණ අලුත් බැඳීම .., මගෙ හස්බන්ඩ් කිම් නම්ජුන් දිහා .. එයා තොල් එහෙට මෙහෙට කරලා හිනාවක් නොවෙන ඒත් හිනාව අප්පට පෙන්නුවා .. එයා ඒ කියන්න ඇත්තෙ අප්පව එක්කන් යන්න පුළුවන් කියලා වෙන්න ඇති ..
" අප්පට අද ඉඳලා ටිකක් කනක් ඇහිලා ඉන්න පුළුවන් .. ඒක නැති කරන්නද හදන්නෙ ..? "
අප්පා අහද්දි මම තොල් දෙකත් උල් කරගෙන අප්පගෙ දිහා බලන් හිටියා ..
YOU ARE READING
🌟 I Love You 🌟 [ MINIMONI / On Hold ]
FanfictionSHIP STORY by KJM 😌😌 ( Slow updates ) [ Start :- 2021/07/22 ] Enjoy !! 😌 I 💜️ U FAMILY 😘 - KJM -