I Love You
__________________________________
- Chim's POV -
,,, හ්‍යුන් ඇයි ඒම තලේ ..? මං හදල ඒවා කල්ල බෑ කිව්ව ලම් ඉවලනෙ .. ඇයි මේම ..? මං පවු කියලා හිතෙල් ලැද්ද ..? ඔයා ලහ ලෑ කියපු කෑම ඔක්කොම විලාඩි දහයක් යල්ල කලිම් ඔයාදෙ මල්ලියි අයියයි ඉවල තලා .. ,,,
ගේ ඇතුළෙ එහෙට මෙහෙට යන ජින් හ්‍යුනුයි ටේටෙයි දිහා බලලා මං හිතුවෙ උදේ හ්‍යුන් වෙනුවෙන් හදපු කෑම එයා කෑවෙ නැතත් ඊට ටික වෙලාවකට පස්සෙ ආව එයාගෙ සහෝදරයො දෙන්නා කෑව නිසා ..
" හ්‍යුන් හ්‍යුන් , මේ ජිමිනි හ්‍යුන් අලේ අපේ ගෙදල එල්ල .. අද එහෙ ඉමු .. "
ටේටෙ ඇවිත් මගෙ අතේ එල්ලිලා හුරතල් වෙවී කියද්දි මම බැලුවෙ ජින් හ්‍යුන් දිහා .. මටත් කම්මැලි කමේ හිටියෙ දවස් නිකන් ඔහේ ගෙවෙන නිසා ..
ඒත් නම්ජුන් හ්‍යුන් එක්ක යන්න ඕනි වුණ නිසා දවස් දෙකක් ගියාට එහෙ යන්න හිතේ තිබුණෙ නුහුරු ගතියක් ..
" යමු චිම් , මේ ඒකටත් එක්ක තමයි ආවෙ .. මාත් අද ගෙදර ඉන්නෙ එකේ අපි ටිකක් කතා කරමු .. "
ජින් හ්‍යුන් කිව්වහම මම හා කියලා ඔළුව වැනුවා .. මම උඩ තට්ටුවට ඇවිත් ජුනී හ්‍යුන්ගෙ රූම් එකට ගියේ අර දෙන්නා මම වෙනම රූම් එකකට යනවා දැක්කොත් ප්‍රශ්නයක් නිසා ..
ජුනී හ්‍යුන්ගෙ රූම් එකේ තියෙන එක ක්ලෝසෙට් එකක් ඇතුළෙන් මගෙ රූම් එකේ ක්ලෝසෙට් එකකට යන්න පුළුවන් .. මම එහෙම ගිහින් ඉක්මනින් එතනින් ආවෙ මං ජුනී හ්‍යුන්ගෙ රූම් එකට එනවට එයා අකමැති නිසා ..
____________ Time Pass ____________
ජින් හ්‍යුන් කා එක ඩ්‍රයිව් කරද්දි මමයි ටේටෙයි කියව කියව ආවා .. මට දැනුනා සහෝදරයෙක් හම්බවුණා වගේ .. නෑ ඊටත් වඩා සෝල්මේට් කෙනෙක් තරම් හිතවත් කෙනෙක් හම්බවුණා කියලා ..
" අනේ අනේ චිම් චිම් .. ඔම්මව මතක් වෙන්නෙම නෑ නේද ..? මේ හැමෝම එහෙ මෙහෙ ගියහම ඔම්මා ගෙදර තනි වෙනවා .. ඔයත් එහෙ තනියම ඉන්න එකේ මාව බලලා යන්න ආව නම් මොකෝ .. "
ටේටෙ එක්ක කතා කර කරම කා එකෙන් බැහැලා එද්දි ජුනී හ්‍යුන්ගෙ ඔම්මා මං ළඟට ඇවිත් මාව බදා ගන්න ගමන් එහෙම කිව්වෙ මගෙ නහයත් මිරිකලා .. ටේටෙ බඩ අල්ලන් හිනා වෙන නිසා මං ඒ පැත්ත බැලුවෙ ඇයි අහන්න ..
YOU ARE READING
🌟 I Love You 🌟 [ MINIMONI / On Hold ]
FanficSHIP STORY by KJM 😌😌 ( Slow updates ) [ Start :- 2021/07/22 ] Enjoy !! 😌 I 💜️ U FAMILY 😘 - KJM -