7 . මං දන්නෙ නෑ

323 57 30
                                    

I Love You

___________________________________

- Chim's POV -

දවස් ගෙවෙන්නෙ හ්‍යුන්ව මගෙන් ඈත් කරලා .... දුකයි තමයි .... ඒත් මම හ්‍යුන්ව ළං කර ගන්න උත්සහ කරන්නෙ නෑ ....

දැනට සතියකට කලින් හ්‍යුන් මට නොකියම කොහෙද ගිහින් .... ඔෆිස් එකෙන් කිව්වා කොහෙද මන්දා එයාගෙ හෙඩ් මැනේජර් ජැක්සන් එක්ක දවස් තුනක බිස්නස් වැඩකට ගියා කියලා .... ඒක බිස්නස් වැඩක් නෙවෙයි කියලයි මට හිතුනෙම ....

ජැක්සන් , හ්හම් හ්‍යුන්ගෙ බේබ් .... එයා හැන්ඩ්සම් .... හ්‍යුන්ට මැච් වෙනවා .... මං වගේ පොඩි එකෙක් නෙවෙයි එයා මාරම විදිහට හ්‍යුන්ට ගැළපෙනවා .... වේදනාවක් දැනුනත් හ්‍යුන් සතුටින්නෙ .... මං එයාට ආදරෙයි තමයි .... ඒත් මට හ්‍යුන්ව ලබා ගන්න ඕනි නෑ .... මොන දුකක් මට දැනුනත් හ්‍යුන්ගෙ සතුට වෙනුවෙන් ඉවසන්න පුළුවන් මට ....

හ්‍යුන් දවසකට පස්සෙ ආයෙ ආවෙ .... හැබැයි ඒ මූණෙ සතුටක් නම් තිබුණෙ නෑ .... මට හ්‍යුන් ගැන කලින් වැරදියට හිතුවට තරහයි මං ගැනම .... ඒත් ඒ දෙන්නත් ආදරය කරන්න එපැයි .... මං වගේ තුන් වෙනියෙක් හින්දා මොකටද හ්‍යුන් එයාගෙ ආදරෙන් ඈත් වෙන්නෙ ....?  තව දෙයක් මතක් වුණේ හ්‍යුන් ඇවිත් පැයක් විතර ගියාට පස්සෙ .... ඒ දවස් තුනක ගමන දවසින් ආවෙ ඇයි කියන එක .... ඒත් ඕක මං අහන්න ගියේ නෑ .... යුනි එකේ වැඩ එක්ක මං පුළුවන් තරම් බිසී වුණා ....

,,, හ්හම් , වෙන දේවල් හිතන්න ඕනි නෑ චිම් .... දැන් ගට්ස් අරන් හ්‍යුන්ගෙන් අහන්න .... ,,,

" හ්‍යු...න් ...."

මං හ්‍යුන්ගෙ රූම් එක ළඟට ගිහින් තට්ටුවක් දැම්මා ....

" එන්න ...."

හ්‍යුන් කියද්දි මම හිමින් දොරත් ඇරගෙන ඇතුළට ගියා .... ඒත් ගිය ගමන් මම ආපහු අනිත් පැත්ත හැරුණෙ හ්‍යුන් වොෂ් දාලා ඇවිත් ශෝටක් පිටින් හිටපු නිසා ....

,,, මාව රතු වෙලාද දන්නෑ .... නිකම් දාඩියයි දාඩියයි වගේ .... ,,,

" මේ පැත්ත හැරිලා කියන්න චිම් .... දැන් හරි .... "

හ්‍යුන් කියද්දි මම ස්ලෝමෝෂන් එකේ හැරිලා හ්‍යුන් දිහා බැලුවා .... එයාගෙ අර නිතරම පෙන්නන්නෙ නැති ඒත් කියුට් ඩිම්පල් හිනාවත් දාගෙන ඇඳ උඩ වාඩි වෙලා ඉන්නවා ගාණක්වත් නැතුව ....

You've reached the end of published parts.

⏰ Last updated: Jan 14, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

🌟 I Love You 🌟 [ MINIMONI / On Hold  ]Where stories live. Discover now