I Love You
___________________________________
- Chim's POV -
මම නම්ජුන් හ්‍යුන්ගෙ ගෙදර ඇවිත් දැන් සතියක් .. හ්‍යුන් මාත් එක්ක කතා කළේම නෑ .. පුළුවන් හැම වෙලාවෙම මාව මඟහැරලා යනවා ..
මට මේ පාළුව පුරුදු නෑ ..ආපු දවසෙ ඉඳලා මං තනියම තමයි හිටියෙ .. දැන් දවස් දෙකක ඉඳලා ජුනි හ්‍යුන්ගෙ ඔම්මා නාඑයොන් කියලා ඔම්මා කෙනෙක්ව එව්වා කෑම හදන්න ගෙදර වැඩ කරන්න .. සමහරවිට මං තනියම නිසා වෙන්න ඇති .. ඇයි ඉතිං මං දවල් දවසෙ තනියමනෙ ඉන්නෙ ..
ගෙදරදිත් මං තනියම තමයි හිටියෙ .. ඒත් අප්පයි මගෙ යාළුවො දෙන්නයි මට තනිකමක් දැනෙන්න දුන්නෙ නෑ .. මට එයාලව ගොඩක් මතක් වෙනවා ..
හ්‍යුන් උදේම ඔෆිස් ගියහම එන්නෙ ගොඩක් රෑ වෙලා .. මං එයා එන්නකම් ඉන්නවා .. ඒ ඇයි කියන්න දන්නෙ නැති වුණත් මං ඉන්නවා .. ඒත් එයා අවහම මං ෆෝන් එකට ඔළුව ඔබා ගන්නවා .. එයත් දැක්කෙ නෑ වගේ මාව ගණන් නොගෙන එයාගෙ රූම් එකට යනවා ..
දවසට එක පාරක් හරි අප්පා මට කතා කරනවා .. ඒ හැම වෙලාවෙම කියන්නෙ මාව නම්ජුන් හ්‍යුන්ට ඉක්මනින් හුරුවෙයි කියලා .. සමහරවිට මං නොකිව්වත් අපි දෙන්නා ඈත් වෙලා ඉන්නෙ කියලා අප්පට දැනෙනවද දන්නෑ ..
ඒත් කවදාවත් නම්ජුන් හ්‍යුන්ට ළං වෙන්න මට බෑනෙ .. එයාට කෙනෙක් ඉන්නවනෙ .. අප්පා මාව සතුටින්ම තියන්න හදන නිසා මම අප්පා වෙනුවෙන් සද්ද නොකර ඉන්න උත්සහ කරනවා .. කාටවත් මං මුකුත් කියන්න යන්නෑ .. කියන්න වෙන දවසක් එනකම් ..
නම්ජුන් හ්‍යුන්‍ට කිසිම කරදරයක් නෑනෙ එතකොට .. එයා කවදා හරි මගෙන් ඩිවෝස් එක ඉල්ලුවොත් ..,, ම්ම්ම් ඒකත් දීලා දානවා .. ඒත් මං අප්පට මොකද කියන්නෙ ..
ඒ ගැන ඉස්සරහට හිතන්න තියලා මම මේ දවස් ගෙවා ගන්න විදිහක් කල්පනා කළා .. මං ගෙදර ඉද්දි කරපු විශේෂ දෙයක් නෑ .. කන්න බොන්න හැමදේම ළඟට ලැබුණා .. මමයි හෝබියි කුකියි ගොඩක් වෙලාවට කළේ පාඩම් කරපු එක .. එහෙමත් නැත්තම් ට්‍රිප් නැත්තම් ඇවිඳින්න ගියපු එක ..
,,, ඒ කාලෙ කොච්චර ලස්සනද ..? ගොඩක් ලස්සනයි තමයි .. දැන් ට්‍රැක් පලිල්ලෙ ලැතුව හිතල්ල චිම් හිතල්ල .. ම්ම්ම් ජුනී හ්‍යුන්ත කෑමක් හදලා දෙල්ල .. ඒත් කෑම හදල්ල දල්ලෑලෙ .. ම්ම්ම් මොකද කලල්ලෙ .. අහ් නාඑයොන් ඔම්මා .. ,,,
YOU ARE READING
🌟 I Love You 🌟 [ MINIMONI / On Hold ]
FanficSHIP STORY by KJM 😌😌 ( Slow updates ) [ Start :- 2021/07/22 ] Enjoy !! 😌 I 💜️ U FAMILY 😘 - KJM -