5 . හේතුවක් නැති කේන්තියක්

279 58 31
                                    

I Love You

___________________________________

- Chim's POV -

දැන් ජුනී හ්‍යුන් මාව ඉස්සරහ වගේ මඟ හැරලා යන්නෙ නෑ .... කතා කරනවා .... දවසට වචන දහයක්වත් .... මම ඉතිං මගෙ යාළුවො දෙන්න එක්ක ඉද්දිත් කියවනවනෙ ....

ඒ නිසා හ්‍යුන් වචනයක් හොඳින්  කතා කළත් ඇති මට වචන පනහක් දිග අරින්න .... දැන් ඉස්සර වගේ නෙවෙයි කතා කරන්නෙ ....යුනි යන්න ගත්තම ඒක වෙනස් වුණා ...  නෑ වෙනස් කර ගන්න වුණා .... මං ඉතිං එහෙම හැමෝම එක කියවන් යන කෙනෙක් නෙවෙයි .... ඒ හිතට ගොඩක් දැනුන කෙනෙක් ළඟ මම ගොඩක් විවෘතයි .... ඔව් , හ්‍යුන් මගෙ හිතට ගොඩක් ළං වෙලා ....

එයා කරන පුංචි වැඩක් ඇති මට වෙනම ලෝකෙකට යන්න .... ඒත් මං ඒ හැමදේම එයාට නොදැනෙන්න දෙන්න පරිස්සම් වුණා .... එයා දැනටමත් කෙනෙක්ට ආදරෙයි .... ඒ නිසා මේ ළං වුණ ටිකවත් නැති වෙයි ....

වෙලාවකට මට හිතෙනවා මං එයාගෙ හස්බන්ඩ් වුණ එකේ එයාගෙ අර නපුරු බේබ්ව අයින් කරලා හ්‍යුන්ව මගේම කර ගන්නත් .... ඒත් තාමත් පළවෙනි රෑ එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියපු දේ මතක් වෙනවා .... ' නමට හස්බන්ඩ් ' ....

මොනවා වුණත් අප්පා ඉන්නෙ මං ගැන සතුටින් .... සති දෙකකට සැරයක් වගේ අප්පා එනවා මාව බලන්න .... හ්‍යුන් නම් නෑ එයා බිසීනෙ .... අප්පත් එක්ක පාර්ක් යානවා .... හ්‍යුන්ලගෙ මහ ගෙදර යනවා .... ඒත් ඉතිං අප්පා ආව ඒ දවසෙම ආයෙ යනවා .... කොච්චර තියා ගන්න හැදුවත් ඉන්නෙ නෑ ....

තව දෙයක් තියෙනවා මට සතුටු වෙන්න .... ඒ මගෙ යාළුවො දෙන්නා මට හම්බවුණ එක .... අපි තුන් දෙනා ආයෙමත් එකටමයි .... එකම යුනිවර්සිටි එකේ .... සතියට දවසක් සිටි ලයිබ්‍රි එකට පාඩම් කරන්න යනවා ....

ටේටෙත් මාත් එක්ක එනවා .... ජුනී හ්‍යුන්ගෙ අප්පට හෝබිව අඳුන්වලා දුන්නම මගෙනුයි හෝබිගෙනුයි අප්පා ඉල්ලුවා ටේටෙට උදව් කරන්න කියලා .... ඒකයි එයා එන්නෙ .... හෝබි උගන්නනවා පාඩම් කරන ගමන් .... මමයි කුකියි ගිය වෙලාවෙ ඉඳලා පොත් ඇතුළෙ ....

ඔහ් තව එකක් හ්‍යුන් දැන් මං උයන කෑමත් කනවා .... කිසිම ඇදයක් කියන්නෑ .... ඔව් ඉතිම් කියන්න ඇදයක් තියන්නෙ නෑනෙ .... ජුනී හ්‍යුන්ගෙ ඔම්මා කිව්වා ආදරෙන් හදන කෑම කවදත් රහයි කියලා .... ඉතිං හ්‍යුන්ට මං...මං ආදරෙයි .... ඒ නිසාම ආසාවෙන් මම එයාට කෑම හදන්නෙ .... ඔෆිස් යනකොටත් එයා දැන් කෑම අරන් යනවා ....

🌟 I Love You 🌟 [ MINIMONI / On Hold  ]Where stories live. Discover now