3 🥀Love You Hyung🥀

991 180 93
                                    

J hope's pov

කොලේජ් එකේ ඉදන් හොස්ටල් එකට ටිකෙන් ටික කකුල් දෙක ඇදෙනවා කියලා දැනුනත් හිත නම් දැනටමත් අතීතයේ වුණු සිදුවීම් එක්ක හොල්මන් කරන්න පටන් ගෙනයි තිබුණේ......

Flashback ...............

"මෝද යුනිගි...උයාට බෑ මාව අල්ලගන්න.."

"ඒමත හිතන්නෙ.. මාලොකු....හොබලිනා.. ඔන්න උයා අහු වුණා...ඌප්ස්.."

'මෝදයා...මෝද පූසා....."

"හා හා මොකද මේ දෙන්නා රණ්ඩු වෙන්නෙ ආහ්..."

"ආන්ති බලන්න මේ හොර පූසා මට විහිලු කරනො.."

"චිංචා...!!යුන්ගියා...පුතේ මේ ඔයාගෙ යාළුවා නේද..තරහා කර ගත්තනම් දැන් ගිහින් එයාව යාළු කර ගන්න එකයි ඇත්තේ.."

'ඔම්මා මත බෑ...මං මොකුත් කලේ නෑනි..හොබලිනා මාත් එක්ක තලහා නෑනි ඔයි එයාගෙ බොලු.."

'මං උයා එක්ක තලහම තලහයි ආයෙ එන් නෑ මම්.මත ආයෙ කවදාවත් උයාව දකින්න ඕනෙ නෑ"

End of the flashback

********************************

එහෙම කියලා යුන්ගිගෙ ගෙදරින් ගියාට පස්සේ ආපහු එයාව දැක්කේ අද..

එදා මම කටට ආපු එකක් කියලා දැම්මේ නොතේරුම්කමට.. ඒක මේ විදියට ඇත්තක් වෙයි කියලා හීනෙකින්වත් හිතුවෙ නෑ..

එදාම රෑ යුන්ගිලා එයාලයි මහගෙදර යන්න පිටත් වෙලා..ඒත්..මගදි වාහනේ ඇක්සිඩන්ට් වෙලා..ගොඩක් දරුණු විදියට..

යුන්ගිගෙ ඔම්මගෙයි ඔප්පගෙයි බොඩීස් හම්බවුණත් යුන්ගි ගැන කිසිම ආරංචියක් ලැනුණෙ නැහැ..ඒ කාලෙ මට වයස 8 ක් වගේ..ඔව්..ඉතිං මට ඒ දේවල් ගැන කිසිම තේරුමක් තිබුණේ නැහැ..

තේරුම් ගන්න තරම් පුළුවන් කාලෙට ආවට පස්සේ...හැමදාම ඒ ගැන කල්පනා කරලම මම මානසිකව වැටිලයි හිටියෙ..මට මාව කන්ට්‍රෝල් කර ගන්න පුළුවන් වුණේ ඩාන්සින්වලට පින්සිද්ද වෙන්න..නැත්නම් අද වෙද්දි මං මේ ලෝකෙ නොහිටින්නත් ඉඩ තිබුණා...
.

.

ඒ ගැනම හිත හිත හිටපු නිසා වෙලාව යනවා දැනුනෙත් නෑ....බලද්දි මම හිටියෙ හොස්ටල් එක ඉස්සරහ..ඒත් එක්කම මගේ දර්ශණ පථයට යමක් අහු වුණා..
.

🥀𝕎ℍ𝕆 𝔸ℝ𝔼 𝕐𝕆𝕌 🥀||Jikook|Namjin|Sope||Where stories live. Discover now