Jimin's pov
මං වොශ් රූම් එකේ ඉදන් විදුලි වේගෙන් ස්විමින් ඒරියා එකට දුවන් ආවා..හිතා ගන්නවත් බැරි වේගෙකින් දුවපු නිසා කකුල් දෙකටත් පණ නෑ වගේ..ඇස්වල තිබුණු කදුළුත් පිහිදාන් ඉක්මනට චේන්ජ් කරන් ස්විමින් පූල් එක පැත්තට ගියේ හොබීට කිසිම වෙනසක් නොදැනෙන විදියට ඉන්නවා කියලා හිතාගෙන..මං යද්දි ඒ මනුස්සයා අර සුගා එක්ක පැනි හල හල ලොකු කයියක්..ශික්...
මාත් ඉතින් ගණන් නොගෙනම ස්විමින් පූල් එක පැත්තට ගියත් එකපාරටම මගෙ ඉස්සරහින් මතු වුණේ හොබී...
"යා ජිමිනා....උබ කොහෙද මෙච්චරවෙලා ගිහින් හිටියේ..වොශ් රූම් එකට වෙලා පැටවු ගැහුවද...මෙන්න මෙහේ වරෙන්" හොබී පැනපු ගමන් මාව අල්ලන් ස්විමින් පූල් එකට ඇදන් ආවා...සුගාත් අනිත් ස්ටුඩන්ට්ස්ලට ප්‍රැක්ටිස් කරවන ගමන් හොබී දිහාවට ඇහැ දාන්නත් අමතක කරේ නෑ..
***********************************
..
Time pass
හොබී ප්‍රැක්ටිස් කරන්න තියනවා කියලා කොලේජ් එකේ නතර වුණ නිසා ජිමින් හොස්ටල් එකට ආවේ තනියම...වොශ් එකකුත් දාන් ඇදට වැටුන ජිමින් අද දවස ගැන කල්පනා කරන්න ගත්තේ පුදුම දුකකින් වගේම තරහකින්..
කොලේජ් එකේ පළවෙනි දවසම මේ තරම් නරක වෙයි කියලා එයා හිතුවෙම නෑ.. එයාට දිගින් දිගටම කල්පනා වුණේ ජන්කුක් කිව්ව දේවල්..
"ඇයි එයා මට වෛර කරන්නේ??"
"මගේ අතින් වුණ වැරැද්ද මොකද්ද ?"
"ඇයි මටම මෙහෙම වෙන්නෙ?"
ජිමින් බය වුණා...ඒත් ඒක හොබීට කියන්න තරම්වත් ශක්තියක් ජිමින්ට තිබුණා නැහැ...
📱🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
කල්පනා ලෝකෙක අතරමං හිටපු ජිමින් හරි සිහියට ආවෙ ෆෝන් එක රින්ග් වෙන සද්දෙට.
ෆෝන් එක අතට අරන් ඕනවට එපාවට ස්ක්‍රීන් එකට එබුනු ජිමින්ගෙ මූණට එකපාරටම හිනාවක් ආවේ ස්ක්‍රීන් එකේ වැටිලා තිබ්බ නම දැකලා..
'නපුරු කොටි පැටියා'
ජිමින් කෝල් එක ආන්සර් කරත් ටාට සෙකන්ඩ් වෙන්න බැරි නිසා මුලින් කතා කරන්න ගියේ නෑ..එහා පැත්තෙන් කිසිම සද්දයක් නැති නිසා ටේ දැගගත්තා ජිමින් ඉන්නේ තරහෙන් කියලා..අවුරුදු 18 ක් එකට හිටපු යාලුවාව ටේට තේරුම් ගන්න බැරි නම් වෙන කවුරු තේරුම් ගන්නද ඉතින්..
YOU ARE READING
🥀𝕎ℍ𝕆 𝔸ℝ𝔼 𝕐𝕆𝕌 🥀||Jikook|Namjin|Sope||
Fanfic⚠️️⚠️️🔞🔞 ......This is my first Jikook ff...... Jungkook - A young man who doesn't khow about love Jimin - An angel more beautiful than a girl with a kind hearted ...