The Love Of A Snake 🐍🐍
පෙරවදන .....ක්‍රි.ව 1850
වසර දහසක් මුහුදු පතුළ මත සිටිමින් ග්රීන්ගෝ තම නාග ජීවිතය මිනිස් ස්වරූපයට පත් කර ගැනීමට ගොදුරු නොගෙන ධ්‍යාන වඩන්නට වීය...
සුදු පැහැති සම මත තද කොළ පැහැති රේඛාවලින් ග්රීන්ගෝගේ නාග ශරීරය දිලිසිනි.. ඔහුගේ දිග අඩි දහසක් වූ අතර පළල අඩි 500ක් පමණ වීය..
මුහුදු පතුලේ සීතල ගුහාවකට ගුලි වී ඔහු තම ආධ්‍යාත්මය වර්ධනය කර වසර 998 ගෙවී ගියේය...
විශාල පාසි පිරුණු ගලක් මත ධරණ ගසාගෙන ඔහු සිටියේය..
සීතල ගුහාව වටා පිටත නීල වර්ණ මුහුදු ජලය වටකොට තිබූ අතර ගුහාව තුළ ලුණු මිශ්‍ර හිම කැට මිදී ගුහාවේ ආලෝකය ද ලා නිල් වර්ණයෙන් බැබළිනි...ඔහු කෙමින් තම නාග ස්වභාවය මකාගනිමින් මිනිස් ස්වරූපය සහ පැහැයන්ට හැරෙමින් සිටියේය...
දැනටමත් ඔහුගේ පෙනුම මිනිස් ස්වරූපයක් ගන්නට වූ අතර එය දීප්තිමත් ලා නිල් පැහැති දෑසක් සහ පළල් වූ උරහිස් ස්වේත වර්ණ දීප්තිමත් සමකින් ඔහු බැබලුනේය..
පිට මතට කඩා හැලෙන මෘදු කොණ්ඩය මත ලා නිල් පැහැයෙන් ලුණු මිදී තිබිණි...
නිරුවත් වූ උඩුකය සහ යටි කය කෙමෙන් සීතල වන්නට වූ අතර ඔහුට වස්ත්‍ර පිළිබද අවශ්‍යතාවය දැන් මතු වීය...
දිගු මෘදුවන් දෑගිලි දිගු කොට ඔහු තම කොණ්ඩය අසල තිබූ තද නිල් පැහැති මිනිස් පීත්ත පටියක රදවා ගත්තේය ...
අසල තබා තිබූ මිනිස් ඇදුම් වෙතට තම මෘදු සිනිදු දෙපා අඩක් ජලය පිරී තිබුණු බිමට තබා ගමන් කලේය..
තම වසර දහසකට පෙර දී අසම්පූර්ණ වූ ආදරය සොයා මිනිස් ලොවට පා තැබීමට ඔහු සියල්ල සම්පූර්ණ කර තිබිණ...
********
පරම්පරාවෙන් උරුම වූ මිල කල නොහැකි දේපල සමග හිර වී සිටි ෂියාඕ කුමරු සුවිශාල මන්දිරයක සමීපතම වුවත් බොහෝ දුර වූවන් තිදෙනෙකු සමග වාසය කරන්නට විය..
එය ඝන කැලෑවක් මැද නිහඩව තිබූ මාලිගයක් වූ අතර තම මව පියා සිටින කාලයේ දී එය ඉතා දීප්තිමත් හා සඝ්රීක විය..
විටක අසු පිට නැග තුවක්කුවක් ද අතැතිව තනිවම දඩයමේ යන කුමාරයා නැවත පැමිණෙන්නේ රුධිරය පිරුණු සතුන් සමගයි..
පෙර දී ඔහු ඉතාම ප්‍රිය මනාප සිනහවෙන් කල් ගතකළ තරුණයෙකු වූ අතර දෙමාපිය අභාවය සමග ඔහු දකින්නට පටන් ගත් බියකරු සිහිනයන් නිසා මෙලෙස කෲර ලෙසට ඔහු වෙනස් වන්නට විය...
කඩවසම් ශරීරයකින් සහ විවිධාකාර දක්ෂතා කඩු ශිල්ප ,දුනු ශිල්ප , වෙඩිතැබීම , අසු පැදීම යන්නා වූ අනේක දක්ෂතා සමග ඔහු පිටත මිනිසුන් අතර ගෞරවනීය සහ බිය කරු මිනිසෙකු බවට පත්ව සිටියේය..
To be Continued ......
* SP Notes:-
🚫මේක අලුත් ෆැන්ටසියක හැඳින්වීමක්....
කතාව ගැන කෙටි අදහසක් ගන්න තමයි චරිත පිළිබදව විස්තරයක් ගෙනාවේ..🚫මේක වසර දහසක අසම්පූර්ණ ආදරයක් හොයාගෙන ගොඩබිමට එන මුහුදු නාගයෙකුගේ කතාවක්.
🚫ඔයාලගේ අදහස් කියන්න..වෝට් කරන්න..
![](https://img.wattpad.com/cover/279537273-288-k200326.jpg)
YOU ARE READING
🐍The LoVe of A Snake.🐍(Zhanyi FF✔️🔚)sinhala
Fanfictionවසර දහසක් ධ්‍යාන වඩා මනු ලොවට මං නුඹ සොයා ආවෙමි.... 😍💚❤️