The Love Of a Snake 🐍
02 Capture ~~~
ෂියාඕ කුමරු අමුත්තා රැගෙන ඇද මතින් යටි අතට තැබුවේය...
ඒ සමගම මාර්ටින් පැමිණ උණුසුම් වතුර භාජනයක් සහ බෙහෙත් කුමරුට ලබා දුන්නේය...ඔහුගේ ලෙයින් පෙගී තිබුණ T Shirt එක මැදින් ඉරා දැමූ අතර අමුත්තාගේ පිටේ අනෙක් පස කොළ පැහැති නාගයෙකුගේ රූපයක් තිබුණි...
එය දැක කුමරු පුදුමයට පත් වුණේ කුඩා කල සිටම තමාගේ පිටේ එම ස්ථානයේම ඟුරු පැහැති නාගයෙකුගේ රූපයක් තිබුණ බව මතක් වූ නිසාය...
එය දෙමාපියන්ට ද කුමරු කුඩාකල සිටම ගැටලුවක් වූ අතර මුල දී ඔවුන් බියෙන් සිටිය ද එමගින් කිසිදු හානියක් නොවූ කල එය සාමාන්‍යකරණය විය...
පසුව ෂියාඕ කුමරු හී සරයේ ඉතුරු කොටස පිටතට ඇද්දේය..
මද උණුසුම් වතුරෙන් ලේ පිස දැමුවේය..
බෙහෙත් දියර ගැල් වූ ගෝස් කැබැල්ල මගින් තුවාලය පිස දමා නැවත තුවාලය මතට බෙහෙත් දමා හොදින් වැසුවේය.. පසුව බැන්ඩේජ් එකක් ගෙන පපුව සහ පිට වටා එතීමට ඔසවා ඇද මත ඉන්දවා මාර්ටින් විසින් අල්ලා ගත්තේය..ෂියාඕ අමුත්තාගේ මුහුණ නිවැරදිව දුටුවේ එවිටයි...
ඔතමින් තිබුණු අත එක වර මග දි නතර වී ඒ වැසී තුබුණු ඇස් සහ සුදුමැලිව තිබුණු දෙතොල් මත අර්ථයක් රහිතව කුමරුගේ දෑස් නැවතින..." ඇයි කුමරුනි...????
ඔබතුමා දන්න කෙනෙක් ද...??" අහ්.. නෑ නෑ.. අමුතුයි වගේ. .. මං දන්නේ නෑ මෙයාව...
කුමරුට එම හැගීමේ ගුප්ත බවක් දැනුනි..
පසුව සියල්ල අවසන් කර සෙමින් කොට්ටය මත ඔහුගේ හිස හොවා පොරවනයෙන් ආවරණය කර කුමරු මේසය අසල පුටුවෙන් වාඩි වීය..." ඔබ තුමාට ස්නානය කරන්න මං උණුවතුර ලෑස්ති කලා...
" හොදයි එහෙනම් යමු...
කුමරු මාර්ටින් පසුපස ගොස් නාන කුටියට ඇතුළු විය..
විශාල ලී බේසමකට උණුසුම් වතුර පුරවා තිබුනු අතර ඒ මත ඖෂධ ( වෙනිවැල් ගැට වැනි ස්වභාවික ශාක කොටස් ) දමා තිබුණි...
එය මද කහ පැහැයක් ගත් අතර නමුත් එහි සදුන් සුවද පිරී තිබුණි...
BẠN ĐANG ĐỌC
🐍The LoVe of A Snake.🐍(Zhanyi FF✔️🔚)sinhala
Fanfictionවසර දහසක් ධ්‍යාන වඩා මනු ලොවට මං නුඹ සොයා ආවෙමි.... 😍💚❤️