Jin's POV
මගේ ඔලුව රිදෙන්න පටන් ගත්ත හන්දා මම පැරසිටමෝල් දෙකක් ගත්තේ අද දවසට 6 වෙනි පාරට. කොච්චර බිව්වත් මගේ ඔලුව රිදෙන එක අඩු උනේ නෑ. ඩාන්ස් කරනකොට තියන එක ස්ටෙප් එකක් ගානෙම මගේ ඔලුව කුඩු වෙන්න වගේ රිදුනා.
ආයෙමත් පැරසිටමෝල් දෙකක් ගත්තේ මට කරගන්නම දෙයක් නැති හන්දා. අද මගෙයි ටෑහ්යුන්ග්ගෙයි ඩාන්ස් ප්‍රැක්ටිස් එක වෙනම තියන දවස. කොහොම හරි ඔලුව උස්සගෙන මම ප්‍රැක්ටිස් කරා. ඒත් 8 පාරකට වඩා මම වැරදි කරා අද.. මුලු ඇගම හීතල වෙනකොට මම නවත්තලා බිමින් වාඩි උනා.. ට්‍රේනර් දෙතුන් පාරක් බැන්නත් මම ගනන් ගත්තේ නැත්තේ මට නැගිටලා ඉන්නවත් පන නැති හන්දා..
"ටේ. මාව ඩෝම් එකට ගිහින් දාන්න."
"පිස්සුද හ්යුන්ග්. ප්‍රැක්ටිස් කරන්න. අපිට ආයේ දවසක් ගන්න වෙන්නේ නෑ. "
"ඒත් මට- "
"ලයින් අප් වෙන්න. වන් ටූ ත්‍රී...."
ට්‍රේනර් ආව හන්දා මට තවත් කතා කරන්න හම්බුනේ නෑ. අන්තිමට ඕනෙවට වඩා ප්‍රැක්ටිස් කරපු හන්දමද මන්දා මාව බිමට ඇදගෙන වැටුනා.
"හ්යුන්ග්."
ටෑහ්යුන්ග් මගේ ලගට දුවගෙන ඇවිල්ල මාව නැගිට්ටෙව්වා.
"හ්යුන්ග්ට උන. ටිකක් රෙස්ට් කරන්න."
"මාව ඩෝම් එකට එක්කන් යන්න.ප්ලීස්."
ප්‍රැක්ටිස් අතරමග නවත්තන්න අකමැති උනත් මම ටේහ්යුන්ග්ට ගොඩක් පාරක් මාව එක්කන් යන්න කියලා කිව්ව හන්දා ටෑහ්යුන්ග් මාව ඩෝම් එකට එක්කන් ආවා.
"හ්යුන්ග් මේක බීලා නිදාගන්න. මම එලියට ගිහින් එන්නම්."
"අනිත් අය එන්න ගොඩක් වෙලා යනවා ටේටේ. මාව තනියම දාලා යන්න එපා. "
"මට යන්න ඕනෙමයි හ්යුන්ග්.
අනිත් අය රෑ 10 වෙනකොට එනවා. බය වෙන්න එපා"-යන්න එපා ටේහ්යුන්ග් එයා දන්නවා මට උන කියලා. එයා දන්නවා මම අද තනියම කියලා. යන්න එපා. ප්ලිස්.
"ඔයා ඉන්න ප්ලිස්. "
"මම හ්වාරන්ග් හ්යුන්ග්ලා එක්ක ඩේට් එකකට යන්න පොරොන්දු උනා හ්යුන්ග්. මට ඉන්න විදිහක් නෑ. හ්යුන්ග් නිදාගන්නකෝ.අනිත් අය එයි ඉක්මනට."
YOU ARE READING
REGRETS | Jin Centric | Completed
Fanfiction" .....මම ජිනීට පොරොන්දු උනා එයා ගැන ඔයාලට කියන්නේ නෑ කියලා. ඒත් මේක ඔයාලා දැන ගන්න ඕනේ. ඔයාලගේ හිතේ තියන පසුතැවීම තමයි ඔයාලා ජිනීට කරපු දේවල් වලට ඔයාලට හම්බෙන දඩුවම....... " - Inspired by Jin Centric ( Jin × BTS ) books.