3rd Person POV
හේතුවක් නොකියම තමන්ගෙන් ඈත් උන එක ගැන අනිත් 6 දෙනාම ජින් එක්ක හිටියේ තරහින්. එයාලට දුකට වඩා ඒක ගැන තරහක් තිබ්බේ. ඒත් එයාලා ජින් ගැන හොයන එක නතර කරෙත් නෑ. කාටවත් වච්නයක් නොකියා ජින් යන්න ගිය එක ගැන හැමෝටම තිබ්බේ කේන්තියක් විතරයි. පීඩී නිම්ගෙන් කොච්චර ඇහුවත් එයාවත් හරි උත්තරයක් දෙන්න දැනගෙන හිටියේ නෑ
ජින් එයාගේ ගෙවල් දාලා යන්න ගිහින් තිබ්බා. එයා විතරක් නෙවේ එයාගේ පවුලේ අයත්. කාවවත් කන්ටෑක්ට් කරගන්න බැරි වෙන විදිහට එයාලා යන්න ගිහින් තිබ්බා. ඒකටත් හැමෝම හිටියේ තරහින්.
ජින්ගේ හදිසි ඉවත්වීම ගැන හයිබ් එක ඔෆීශියලි දැනුම් දුන්නට පස්සේ ඒක හැමෝගෙම හොට් ටොපික් එක උනා. ආර්මිලා පලවෙනි දවස් ටිකේ ලොකුවට මේ ගැන ප්‍රශ්න කරා. ඒ විතරක් නෙවේ සති ගානක් යනකන් එයාලා හයිබ් එක ඉස්සරහා ජින් ගැන හරි විස්තරයක් එලියට එනකන් බලන් හිටියා. අඩුම තරමේ අනිත් 6 දෙනාට එයාලගේ ගෙවල් වලටවත් යන්න බැරි වෙන්න ආර්මිලා හයිබ් එක වට කරගෙන හිටියේ. ඒත් අවුරුදු 2 3 ගෙවිලා යනකොට බෝයි බෑන්ඩ් එකේ 7 දෙනෙක් හිටියද කියලාවත් අනිත් අයට අමතක වෙලා ගියා.
වෙනදා වගේම එයාලා වී-ලයිව් කලා.
වෙනදා වගේම එයාලා ඉන්ටර්විව් වලය ගියා.
වෙනදා වගේම එයාලා ෆොටො ශූට් කරා.
වෙනදා වගේම එයාලා ඇල්බම් රිලීස් කරා.
වෙනදා වගේම එයාලා වර්ල්ඩ් ටුවර්ස් ගියා.
ඒත් එකම එක ටුවර් එකක් එයාලට වැදගත් උනා.
ඒ යුරෝප් ටුවර් එක.
යුරොප් ටුවර් එක යනකොට හැමෝම හිටියේ හරිම සතුටින්. අනිත් කන්ට්‍රීස් වලට වඩා මේ හැනදෙනාම යුරෝප් වලට ආස කරා. හැමදාම වගේ 6 දෙනාම මැනේජර්ස්ලට හොරෙන් හොටෙල් එකෙන් රෑ එලියට ආවා. ඒක එයාලා පලවෙනි ටුවර් එකේ ඉදලම කරන දෙයක්. රෑ පාරවල් දිගේ ඇවිද ඇවිද යනකොට එයාලා කවදාවත් දකීයි කියලා හිතුවේ නැති කෙනෙක් ආයේ එයාලට යුරෝප් වලදි හම්බුනා.
ඒ කෙනත් කවදාවත් මේ හය දෙනාව දකියි කියලා හිතුවේ නෑ. ඊට වඩා එයාට මේ හය දෙනාව දකින්න ඕනේ උනේ නෑ. දෙපාර්ශවයම මූනට මූන බලන් ඉන්නකොට එයා අනිත් පැත්ත හැරිලා යන්න හැදුවට ජන්ග්කුක් එයාව නැවැත්තුවා.
"හ්‍යුන්ග්ග්...."
YOU ARE READING
REGRETS | Jin Centric | Completed
Fanfiction" .....මම ජිනීට පොරොන්දු උනා එයා ගැන ඔයාලට කියන්නේ නෑ කියලා. ඒත් මේක ඔයාලා දැන ගන්න ඕනේ. ඔයාලගේ හිතේ තියන පසුතැවීම තමයි ඔයාලා ජිනීට කරපු දේවල් වලට ඔයාලට හම්බෙන දඩුවම....... " - Inspired by Jin Centric ( Jin × BTS ) books.