Author's POV continues...
ජිමින්ගෙ කෝල් එක ලැබිලා පැය බාගයක් ඇතුළත නාම්ජූන් හොස්පිට්ල් එකට ආවා.
නාම්ජූන් එනකම් හොස්පිට්ල් එකෙන් එළියෙ ඉන්නකොට ජිමින්ගෙ අතේ තිබුණ ඒමීගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා..නම සේව් කරලා තිබුණේ ප්රියා කියලා.. දෙපාරක් හිතන්නැතුව ජිමින් ෆෝන් එක ආන්සර් කලේ ඒ අනිවාර්යයෙන්ම ඒමීගෙ යාළුවෙක් කියලා තේරුණ නිසා...
ප්රියා එක්ක කතා කරනකොටයි ජිමින් තේරුම් ගත්තෙ ඒමී ගෙදරින් ගිහින් නැවතිලා තියෙන්නෙ ප්රියාගෙ ගෙදර කියලා.. ජිමින් හැම විස්තරයක්ම ප්රියාට කියලා ඉවරවෙනවත් එක්කම වගේ නාම්ජූන් ආවා...
"හ්යොන්ග්? ඔයා ආපු එක ලොකු දෙයක්...යූන්ගි හ්යොන්ග්ව තව කොච්චර වෙලා කන්ට්රෝල් එකේ තියාගන්න පුළුවන්ද කියලා අපි දන්නෑ..."
ජිමින් කිව්වෙ නාම්ජූන් එක්ක ආයෙමත් හොස්පිට්ල් එක ඇතුළට එන ගමන්.
"ඒමීට කොහොමද?" නාම්ජූන් ICU එකට යන්න තියෙන කොරිඩෝ එක ළඟ නැවතුණා...
"තාම හරියට දෙයක් කියන්න බෑ කියලා ඩොක්ටර්ස්ලා කියන්නෙ...මට බයයි යූන්ගි හ්යොන්ග්ටත් මොනවහරි වෙයි කියලා...එයා ඉන්න විදිය දැක්කාම බය හිතෙනවා"
ජිමින් කිව්වෙ එයාගෙ ෂර්ට් එකේ අතකින් ඇස්දෙකම පිහදාගන්න ගමන්...
නාම්ජූන් ඇවිත් ජිමින්ගෙ උරහිසකට අතක් තිබ්බා.."ජිමිනා, හැමදේම හරියයි...අපිට තියෙන්නෙ බලන් ඉන්න විතරයි. ඒමීව බලන්න යන්න කලින් මට දෙයක් ගැන චෙක් කරන්න තියෙනවා. අර කාර් එකේ ඩ්රයිවර් කොහෙ ඉන්නවා කියලද කිව්වෙ???"
"ඇක්සිඩන්ට් වෝඩ් එකේ...ඇයි හ්යොන්ග්???"
"අපි ඉස්සෙල්ලා එතනට යමු..." නාම්ජූන් කිව්වෙ එයාගෙ බෙල්ල වටේ තිබුණ ටයිපටිය බුරුල් කරලා අතට ගන්න ගමන්...
......................................................................................................................................................
මේ අතරෙදි යූන්ගි හිටියෙ පැතලොජි එකේ එයාගෙ වයිටල්ස් චෙක් කරගන්න ගමන්. කුකී එයාගෙ ළඟින් අඩියක්වත් එහාට හෙල්ලුණේ නෑ..