ස්ටේෂන් එක ළඟින් ප්රියාගෙ වෙහිකල් එකට නැගලා එයත් එක්කම පෙගසස් එකට ගියෙ කොස්ටියුම්ස් ටික ෆයිනලයිස් කරගන්න. ප්රියා ඉන්න නිසා වැඩේ අමාරුවක් නැති උනත් සේරම ටික ඉවරකරගන්න පැය දෙක තුනක්ම ගියා..
කොස්ටියුම්ස් ෆයිනලයිස් කරලා, ස්ටයිල්ස් ටික රෙඩි කරලා ඉවර වෙලා ඔෆිස් එකට එද්දි ලන්ච් ටයිම් එකට කිට්ටුයි.
ප්රියා මාව එන්ට්රන්ස් එක ළඟින් බැස්සුවා.
"තෑන්ක්ස් ප්රියා... ඔයා හිටියෙ නැත්තම් මට අද තනියම මාර කට්ටක් කන්න වෙන්නෙ"
"අනේ ඕක මොකක්ද, ඔයා ඇතුළට යන්න. මම වාහනේ දාලා එන්නම්" ප්රියා එහෙම කියලා පාක් එක පැත්තට ඩ්රයිව් කරගෙන ගියා.
ඩිපාට්මන්ට් එක ඇතුළට එනකොටම ජෙරී කෑගහගෙන ආවා.
"ස්වීටි අනේ තැන්ක් යූ... කොහොමද වැඩේ? හැමදේම හරිනෙ?"
"ඕල් ගුඩ් ජෙරී, ප්රියා හිටපු නිසා ලේසි උනා"
"වෙරි නයිස්"
ජෙරී මගෙ කම්මුල් දෙකම මිරිකලා එයාගෙ කැබින් එකට ගියා.
"අම්මෝ මගෙ කකුල් දෙක!!!!" ඇත්තටම උදේ ඉඳන් එහෙ මෙහෙ දුවලා පට්ට අමාරුයි කකුල් වලට. හීල්ස් දෙක ගලවලා ඔෆිස් එක ඇතුළට දාන ෆ්ලැට්ස් දෙක දාගත්තා විතරයි අපේ කෝඩිනේටර් කෙනෙක් වෙච්ච කෙවින් දුවගෙන ආවා.
ඒ පාර මොන මංගල්ලයක්ද?
"ඒමී, මිස්ට මින් මීටින් එකක් කෝල් කලා. තව විනාඩි දහයකින් එයාගෙ ඔෆිස් රූම් එකට එන්න කිව්වා" කෙවින් කිව්වෙ හතිදදා.. මේ කොල්ලා එතන ඉඳගෙන දුවගෙන ඇවිත්ද මන්ද මෙච්චර හති.
"මට විතරක් මීටින්??" මෝඩයා වගේ මාත් අහන ප්රශ්න..
"නෑ නෑ ජෙරීටත් එන්න කිව්වා. කෝඩිනේටර්ස්ලාත් ඉන්නවා"
"ඕකේ මම එන්නම්, තෑන්ක්ස් කෙවින්!"
මොන වදයක්ද ඉතින් දැන් මේ කරුම සපත්තු දෙක ආයෙ දාගන්න එපැයි..හිතින් බැන බැන ආයේ හීල්ස් දාගෙන නෝට්බුක් එකයි පෑනයි අතට ගත්තෙ මීටින් එකට යන්න..
එතනට යනකොට ජෙරී කලින්ම ඇවිත් යූන්ගි එක්ක මොනාද කතා කරනවා. කෙවින් එක්ක වැඩ කරන තව කෝඩිනේටර්ස්ලා තුන්දෙනෙකුත් ඇතුළේ.. සේරම අලුත් ප්රොජෙක්ට් එකට අසයින් කරලා ඉන්න අය.