08

498 89 5
                                    

#නිල්වලාවට_ආදරෙන්
      අටවන දිගහැරුම

" හිතේ තියාගන ඉන්නෙ නැතුව ඌට උඹේ ආදරේ කියපන් බන්...වෙන දෙයක් වෙයි...උඹ විදවනවා බලන්න මට බෑ බන්..."
   ඒ මැසේජ් එක කියවපු ගමන් මම පුදුම වුනා..

ඉෂු කාටද ආදරේ....මගේ උගුරත් හිරවෙනවා වගේ...පපුව පුරාවට ඉදිකටුවකින් අනිනවා වගේ  වේදනාවක්...මට දැනුනේ දුකක්...ඉෂූ..ඉෂූ ආදරේලු ඒත් කාටද.. ඇයි මට මෙහෙම දුකක් දැනෙන්නේ.....නෑ ඉෂූට එහෙම වෙන කාටවත් ආදරේ කරන්න බෑ...පොඩ්ඩක් ඉන්න ඇයි බැරි එයාගේ ජිවිතේ ගැන මට අයිතියක් නෑනේ...මට මොනවද මේ වෙන්නේ...ඇයි මට දැනෙන්නේ මගේ දෙයක් නැතිවුනා වගේ හැගීමක් ... 

" ආහ්හ්.."

දෝතින්ම ඔළුව අල්ලගන අත්වලින් කොන්ඩේ අදින්න ගත්තේ මගේ හැගීම් පාලනය කරගන්න බැරිව..
ඒත් එක්කම දැනුනේ කම්මුල් තෙත් වෙනවා වගේ..ඒ කදුළු ..මගේ ඇස්වල කදුළු ඇයි දෙවියනේ මම අඩන්නේ..ඉෂූ කාට ආදරේ කලහම මට මොකද..මෙච්චර දුකක් දැනෙන්න ඉෂූ මගේ කවුද..
     
  -        -        -        -        -         -        -

" රුසී...රුසි"

කවුරුහරි මට කතාකරනවා...ඒත් මට ඇස් අරින්න නම් කිසිම ඕන කමක් නෑ...ඊයේ රෑ දැකපු දේ මතක් වෙද්දී තද කරලා ඇස් පියාගන හොදටම නිදි වගේ හිටියා.. මට බෑ ඉෂූ දිහා බලන්න...ඒ නිසා ආපහු මට කවදාවත් නැගිටින්න ඕන කමක් නෑ..

" රුසි.. රුසි.  නැගිටින්න ළමයෝ...දැන් වෙලාවත් දහයයි..."

ඒ ඉෂූගේ කටහඩ...එයා මගේ උරහිසනුත් හොලවනවා...  ඇයි අනේ මටම මෙහෙම වෙන්නේ..කෝ තේජා..
                       ඒ අතරෙම ඉෂූ කනට වැටිලා තිබුන කෙස් රොද සීරුවට පිටිපස්සට කරනවා..ඒ සීතල ඇගිලි තුඩු වැදුනහම ඇග පුරාම කරන්ට් එකක් යනවා වගේ ඒත් නිසලි ස්පර්ශයට වඩා වෙනස්...ඉෂූගේ අැගිලි තුඩු නම් මැජික් එකක් වගේ...

" රු......සී....."

මේ ඉෂුවා කනට කරලා ඩෙසිබෙල් බර ගානකින් විලාප තිව්වා සුවර් එකට මගේ කන පිපිරුවාම තමා...ආ ඇත්තමයි දෙන්න හිතනවා මැරෙනවා..

" මොන රෙද්දක්ද ගැණියේ කරන්නේ..."

ඊට නොදෙවෙනි සද්දෙන් ඉෂූට බැනගනම නැගිට්ටා
ඒ කෑගහපු පාරෙට ආදරේ නෙවෙයි කරන්න හිතන්නේ මරාගන මැරෙන්න හිතෙන්නේ...ඇයි යකඩෝ මම පට්ට අප්සට් එකේ මේකිට ඔටෝ චූන්.. සෑඩ් මූඩ් වොරි මූඩ් ඉවරයි දැන් ඉතින් තනිකරම ඇන්ග්‍රි මූඩ් තමා..

නිල්වලාවට ආදරෙන් || G×GWhere stories live. Discover now