58

321 62 8
                                    

නිල්වලාවට ආදරෙන්
    පනස්අටවන දිගහැරුම
  
විහා , ඉෂූ , නිසලි තුන්දෙනාම කිචන් එකේ...මමත් ඉතිම් ඒ ආසන්නයේම තමයි.....විහා අනාගත හබියට කියලා ඉතලියන්  ෆුඩ්ස් හදනවා....අර දෙන්න අතින් පයින් සප් එක..... ඒත්  මට තියන එකම ප්‍රශ්නෙ ඕවා කන්න පුළුවන් වෙයිද කියන එක තමා....කාලා පැය කීයක් බඩ රිදෙන්න අල්ලලා කොමඩ් එක උඩ භාවනා කරන්න වෙයිද කියන එක.... මතක් වෙන කොටත් පපුව පත්තු වෙනවා......දුක තමා මේ වගේ පිස්සු හෝන්තුවක් බොක්කී කරගත්තම.............

   " රුසී....."

" ආ ඕ ඕ..."

" මොන ලෝකෙද හිටියේ...."

"  අගහරුවල ...."

" විකාර නැතුව ඉසංකාට උදව් කරනෝකෝ ලූණූ ටික කපන්න...."

ඉෂූ ට උදව් කරන්න...මේ මොන විකාරයක් ද.....මම අකමැතිම දේවල් කරන්න කියලා මේ යකින්න බලාපොරොත්තු වෙන්නේ මොනවද දන්නෙ නෑ......

" මට බෑ...."

" අනේ වස්තු ...."

" බටර් එපා බන්....මට බැ... වැඩ තියනෝ... මම යනෝ..."

   ආයේ හැරිලවත් බලන්නෙ නැතුව පැනගත්තා සාලෙට....  මම ඈත්වෙන්න හදනවා ඒ අස්සේ විහාරා තව ලංකරන්න හදනවා.....මම කොච්චර අමාරුවෙන් ද දෙයියනේ ඉෂූ ඉස්සරහ ඉන්නේ....කාටවත් ඒක තේරුම් ගන්න බෑ...

................... ,
    සෝෆා එකේ ඇලවෙලා ෆෝන් එක අතට ගත්තම කෙල්ලෙක්ව බයිට් කරන  වීඩියෝ එකක් අහුවුනා... ඒක බැලුවම හිත ගියේ අතීතෙට අපේ ස්කෝලේ කාලේට....
 
    ඕලෙවල් ලියන්න හරියටම මාසෙකට කලින් තිබුන සයන්ස් සෙමිනා එක.....
     මම තේජා  ඉෂූ අපේ හැමෝම හිටියේ මේන් හෝල් එකේ.....
හැමදාම වගේ ඉෂූ එක්ක එල්ලෙන්න ඕන නිසා ඉෂූ හිටිය පේලියට පිටිපස්සෙන් තමා මම ....

" කාටහරි දෙමුද බයිටක්....."

එකෙක් යෝජනා කරේ සෙමිනා එකේ සර්කාරයා කියන දේවල් අහන් ඉදලා කම්මැලි නිසා...

" රබර් නයෙක් තියනවා...දාමු කාගේ හරි බෑග් එකටද...."

    " ඉෂූගේ එකට දාමු...ඒකිට තමා හොදටම බෙරිහන් දෙන්න පුළුවන් ...."

" අඩෝ...සිරාවටම අන්න අයිඩියා එක....."

කොලයි අළුයි මිශ්‍ර වුනු දගර ගැහිලා තියන රබර් නයා ඇත්ත එකෙක් වගේ තමා...කලබලේට දැක්කහම ඕන කෙනෙක් බය වෙනවා...

නිල්වලාවට ආදරෙන් || G×GNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ