14

473 85 7
                                    

#නිල්වලාවට_ආදරෙන්
     දහහතරවන දිගහැරුම

" තේජා මොකද්ද බන් ඒ සද්දේ...මේ උබලයි ගෙදර හොල්මන් එහෙම නැනේ...."

" මේ මහ දවාලේ මොන හොල්මන්ද බන්..අපි තමයි ඉන්න ලොකුම හොල්මන් "

තේජා මටත් කියාගනම සාලේ පැත්තට ගියාම මමත් තේජා එක්ක සාලෙට ගියා..මොනව වුනත් තේජාව තනියම යවන්න බෑනේ..

තේජාලයි ගෙදර ඉන්න බළල් තඩියා ජනේලේ උඩ.. වීදුරු  මල් වාස් එක වැටිලා කුඩුවෙලා..ඒක වැටෙන සද්දෙ තමා අපිට ඇහෙන්න ඇත්තේ

" අන්න රුසි උඹේ හොල්මන.."

තේජා කිව්වේ පූසා පෙන්නලා
ඒත් එක්කම ඌ බිමට පැනලා දුවන්න ගත්තේ තේජාගේ කාමරේ දිහාට විනාඩියක් යන්න කලින් අපිට ඇහුණේ ඉෂූගේයි තරූපාගෙයි විලාපේ...

" රුසි ...."

ඉෂූ නම් ඝන්ටාර වොයිස් එකෙන්ම තමා..
අපි දෙන්න දුවගන කාමරේට යද්දී දෙන්නම ඇද උඩ නැගගන..

" මොකද්ද බන් කරන්නේ..ඇදේ හොදට තියන පොලු කඩන්නද හදන්නෙ ඕක උඩ දගලලා "

" අනේ තේජා අර අර ... "

තරූපා අපිට පෙන්නුවේ කැරපොත්තෙක්.. අර කිටියා දුවලා තියෙන්නේ ඌ පස්සෙන් ..මට නම් දැන් මැරෙන්න හිනා මුන් දෙන්න මෙච්චර බයවෙලේ හරිම අහිංසක සතෙකුට.. අලියෙක් කොටියෙක් වගේ වුනානම් ගමටම ඇහෙන්න කෑගහයි.............
     
                 තේජා ඌවත් එලවලා..අර බලල් තඩියත් එක්කන් ගිහින් කුස්සියට දාලා ආවා..අරුන් දෙන්න තාම ඇද උඩ හිටගන..

" මේ දැන් ඔතනින් වාඩිවුනා නම් හොද නැද්ද "

කැරපොතු මානසිකත්වයෙන් මිදෙන්න විනාඩි දහයක් පහලොවක් යන්න ඇති අපි ආපහු වැටුනේ ඕපදූප කියවන්න..මේ පාර නම් ඉෂූයි මමයි ඇදේ එකලග..මම බිත්තියට හේත්තු වෙලා ඉෂූ මගේන් එහාපැත්තේ ..මගේ හිතට අාවේ මරු අදහසක්...උදේ මාව බයකරානේ මේ මගේ අවස්ථාව රිටන් එක දෙන්න...තරූපා ලොකූ පචයක් කියන ගමන් ඉෂූ අඩුවැඩිය එකතු කරනවා තේජා කටත් ඇරගන ඒක අහගන ඉන්නවා...

                   හොදම වෙලාවක් බලලා තරූපා මගේ දිහා බැලුවහම කෙල්ලට ඇහැක් ගහලා මගේ වැඩේ හැගෙව්වා.....තේජා ඉතිම් කොහොමත් බය නෑනේ .

නිල්වලාවට ආදරෙන් || G×GOù les histoires vivent. Découvrez maintenant