✍️Begin pt.02

302 65 3
                                    

Begin...

Pt.02

මට නිදාගන්න ඕනි උනත් නිදාගන්න බෑ. හැල්මොනි කිව්වා කාවවත් විශ්වාස කරන්න එපා කියලා. අප්පත් කිව්වා. කොල්ලොන්ටම කරදර කරන පිරිමි ඉන්නවලු සෝල් වල.

එයාලාට අහු උනොත් පිරිමි ලමය්න්ව විනාස කරනවලු.එහෙම උනොත් මටත් මැරෙන්නම වෙනවලු. එයාලා කියපුවා මතක් වෙද්දිත් මාව හිරිවැටිලා යනවා.

ඔයාලා මට පරිස්සම් වෙන්න කිව්වට එයාලා හැමෝම නිදාගන්නෙ එකටනෙ.මම කොහොමද නිදාගන්නෙ.

එහෙම්මම බිත්තියට හේත්තු වෙලා බිමින් වාඩි උනු මම ඔලුව කකුල් අතර ගහගෙන කකුල් ඈත් නොවෙන්න අත් වලින් හිර කරගත්තා. මම අඩනවා කියලා කාටවත් ඇහෙන්නැතුවැති.

සද්ද නොඇහෙන්න මම හෙමීන් නහය උඩට ඇද්දා. දත් බුරුසුවෙ තිබුනු ටූත්පේස්ට් දියවෙලා, දත් වලත් ගෑවිලා.

ඔම්මා ලග හිටියානම් එයා දැන් මට දත් මදින්න කියලා කෑ ගහය්. මොකද මම ගෙදරදි දත් මදින්න කැමති නෑ. විශේෂයෙන්ම රෑට. සීතල නිසා මම හොරෙන්ම නිදාගන්නවා. හැබැයි මට කවදාවත් ඒ නින්ද උදේ වෙනකම්ම නිදාගන්න ලැබිලානම් නෑ. ඔමොනි ඒ වෙලාවට මාව ආපහු ඇහැරවනවා දත් පණුවො කනවා කියලා. නැගිට්ටෙ නැත්තම් එයා මාව බැරි බැරි ගානෙ උස්සගෙන ගිහිල්ලා බාත් රූම් එකේ අතාරිනවා. එයාගෙන් බේරෙන්න හරිම අමාරුය්.

දැන් ඔමොනිත් නෑ මට දත් මදින්න බල කරන්න. ඒත් මම මදින්නම ඕනි. මම දැන් දත් නොමැද ඉදලා දත් පණුවො කෑවොත් ෆෑන්ස්ලා ඉස්සරහට යන්න බෑනෙ මට පණුවෝ කාපු දතුත් එක්ක. එයාලා මට ලැජ්ජ කරය්.

ආපහු මගේ අත් අතර බුරුසුව රදවගෙන කෙලත් එක්ක මිශ්‍ර වෙලා ගිලෙන්නැතුව කටේම ඉතුරු වෙලා තිබුනු ටූත්පේස්ට් ටිකෙන් දත් මදින්න ගත්තා. ඒකවත් කරගන්න බෑ හරියට මට ඇඩෙන නිසා.

"ඔයා අඩනවද?"

අනේ!! එපා....

සද්දෙ ඇහුනු දිහා මම බැලුවෙ මගෙ ඇසුත් ලොකු කරගෙන. අනේ මටනම් එයාලා ඉස්සරහා අඩන්න ඕන්නෑ.

එපා!! ඒක මට නිකම් ඇහුන සද්දයක්. කාටවත් මම අඩනවා ඇහුන්නෑ.

ඇඩුම තදට හිරකරගෙන මම හෙමි හෙමින් දොර දිහා බැලුවා.

BUNNY'S BRITHDAY🐰🎂 [Complete]Where stories live. Discover now