✍️Begin pt.03

272 61 2
                                    

"ආ..හ්හ්... "

පුදුම සීතලක්නෙ. නින්ද නොයන තරම් ඇගත් වෙව්ලනවා.

මම අසනීප වෙය්ද?

හෝසොක් හියෝන් මට එහා පැත්තෙ සද්දෙට ගොරෝ ගොරොම නිදි. හැමෝටම නින්ද ගිහිල්ලා. ඒත් මට තාමත් නින්ද ගියෙ නෑ.

මම නිදාගන්න ඕනි! නැත්නම් නින්ද නැති හින්ද උදේට මට අමාරු වෙය්. ඇස් කොච්චර තදින් වහගෙන හිටියත් මට නින්ද ගියේ නෑ.

සීතලය්නේ!.

මේ හීතලේත් එහා පැත්තෙ ඇදෙ ජිමින් හියෝන් බෙට්ශීට් තියා උඩට ඇදන් හිටපු ශර්ට් එකත් පපුව හරියටම උස්සගෙන නිදාගෙන ඉන්න විදිය දැක්කම පුදුමත් එක්ක. මේ මනුස්සයට සීතල දැනෙන්නැද්ද කොහෙද!

දැනටමත් ගොඩක් රෑ වෙලා. මම තදට මගේ ඇස් පියාගත්තා. එහෙම කරාම නින්ද යාවිනේ.

ගොඩ වෙලාවක් මම ඇස් තද කරගෙනම හිටියා. මට නින්ද යන්නෑ....

"ජන්කුකා... කෝ නැගිටින්න. පරක්කු වෙනවා. "

ආය්ශ්! නිදාගන්න දෙන්නකො අප්පා වද දෙන්නෙ! ඇස් පියාගන්න නෑ කරදර කරනවා.

"ජන්කුකා! ලමයො පරක්කුය්!"

වටපිටාවෙ සද්ද වැඩිපුර ඇහෙනකොට මම හිමීට ඇස් අරින්න බැලුවෙ. ඒවා බරම බරය්. කොය් වෙලේද මට නින්ද ගියේ.

සොක්ජින් හියෝන් ටේ හියෝන්ගෙ නම කිකියා මොනාද කියනවා. තව තව සද්ද ගොඩක් ඇහෙනවා. කාගෙ හරි බෑග් එකක ශිපර් එකක් වැහෙන, නැත්තම් ඇරෙන සද්දෙ... සපත්තු දාගෙන ඇවිදින සද්දෙ...

"ජන්කුකා!!! නැගිටින්න දැන්ම .."

නිදහසේ වටපිටාවෙ සද්ද අහ අහා හිටපු මගේ උරහිසින් කවුදෝ වේගෙන් හොලවන්න ගත්තා. මේ මනුස්සයා පොල් ගහක් මේ විදියට හෙල්ලුවනන් මහන්සියක් නැතුවම ඔක්කොම පොල් බිම වට්ටගන්නත් තිබ්බා. ඒ තරම් වේගෙන් හොල්ලනවා එයා මාව.

නම්ජූන් හියෝන්.??

ඔව්.. නම්ජූන් හියෝන් මගේ මූණට එබිලා මාව දාගෙන හොල්ලනවා.

එතකොටය් දැක්කෙ එලි වෙලා කියලා.හැමෝම කලබලේට ලෑස්ති වෙනවා.

BUNNY'S BRITHDAY🐰🎂 [Complete]Where stories live. Discover now