✍️Begin pt.04

285 68 4
                                    

අපේ සින්දු මිනිස්සු අතර ටික ටික ප්‍රසිද්ධ වෙනවා. අද කැෆේ එකකත් අපේ සින්දුවක් ප්ලේ කරා. නටන්න තරම්ම සතුටක් දැනුනත් මාස්ක් දාගෙන ලොකෙට නොපෙනෙන්න හැංගිලා හිටපු නිසා එතන සතුට සමරන්නනම් පුලුවන් උනේ නෑ. අපිට් දැන් ආමිලත් ගොඩාක් ඉන්නවා. ගොඩාආආක්ම නොවුනත් ගොඩක් ඉන්නවා.

ජින් හියෝන් තාමත් මට කරදර කරනවා. හැබැයි දැන් මට එයාව වදයක් වගේ දැනෙන්නෑ. ඒ වෙනුවට එයා මාව ගනන් නොගත්තොත් , හොයලා නොබැලුවොත් මට ගොඩක් දුක හිතෙනවා. ජින් හියෝන් මගේ. හැමොම දන්නවා එයා වැඩිපුර ආදරෙත් මට කියලා.

නම්ජූනි හියෝන්... එයත් අපිට ගොඩාක් ආදරෙය්. එයා තමය් මම දැකපු හොදම නායකයා.

ටේ හියෝන්, නම් තාමත් මගේ මගේ මගේම හියෝන්ගි. ජිමිනි හියෝන් එක්ක තවමත් තරහා යනවා මට ටේහ්‍යුන් නිසා. එයා තමය් මට පලවෙනියටම ලැබුනු හියෝන්. ඉතින් එයා මගේ.

එතකොට ජිමිනි හියෝන්, මම දැන් එයාගෙ හිත නොරිද්දා ඉන්න ගොඩාක් උත්සහ කරනවා. හැබැයි මට එයාව පෙන්නන්නම බැරුව හිටියෙ. හැමවෙලේම මම මගැරිය, නොසලකාහැරිය කෙනාත් ජිමිනි හියෝන්.ඒත් දැන් එහෙම නෑ. මොකද එයා අනිත් හ්‍යුන්ලා තරම්ම මට ආදරෙය්. සමහරවිට ඊටත් වැඩියෙන්.

යුන්ගි හියෝන් ආදරේ නොපෙන්නුවට අපිට ආදරෙය්.එයාට ආමිලා දැන් සුගා කියලා කියන්නෙත්. එයාත් මම කරදර කලාම බනින්නෑ. ජින් හියෝන් උනත් එයා නින්දෙදි ලෝකෙ පෙරලෙනවා කියලා ඇහැරුවත් එයාට හොදටම තරහා යනවා.හැබැය් මම ඔය නිකම් ඔය එයා ලගින් යද්දි වතුර ටිකක් හැලුවට, තට්ටුවක් දාගෙන ගියාට මට බනින්නෑ.

හෝසොක් හියෝන්‍ට හැමෝම කියන්නෙ හොබී කියලා. එහෙමත් නැත්තම් ජේ- හෝප්... ඔව් එයාලා හරි. හොබී හියෝන් අපිට ලස්සන බලාපොරොත්තුවක්.ආමිලා ගොඩාක් එයාව මානසිකව වැට්ටුවා. හැබැයි එයා ඒ හැම වෙලාවකම හොදට හිනාවෙලා අපිට දුකෙන් නෙවෙයි කියලා අගවන්න හදනවා.හැබැයි ලොකු හියෝන්ලා එයාව කවදාවත් තනි කලේ නෑ.. ඔක්කොටම වඩා ජින් හියොන්. එයා හැමදාම හොබී හියෝන්ටත් එයාගෙ මැජික් හග් එක දෙනවා දුකෙන් ඉන්නකොට.
.
.
.
.
එක රිද්මයකට අපි හැමෝම නටද්දි ඉස්සරහා තියන කණ්නාඩියෙන් පේන අපේම දිහා මම ආපහු ආපහුත් බැලුවා.

BUNNY'S BRITHDAY🐰🎂 [Complete]Where stories live. Discover now