මිෂාරීයි මල්මීයී සිත්මිණීයි ගමේ ඇවිදිද්දී නිතරම ආපු ගහක් තිබ්බා.ඒක තිබ්බෙ ලඳු කැලෑවක් ළග . එයාලා ඒ ගහ ලගට ඇවිත් ඒකට නැගලා වටේ සිද්ධ වෙන දේවල් බලන්න හුරු වෙලා හිටියා
"මොන රෙද්දක් ද කියවන්නේ . ගහ ළග ඇති මගුලක් නැහැ " ඒ සිත් .
"ඔව් බං මේකිට මාන්දන් මොනා කියනවද මන්දා " මූණ ඇඹුල් කරමින් අක්කා කිව්වා.
" මාන්දං නෙවෙයි යකෝ අර ගහ ලග තියෙන දේ පේන්නෙ නැද්ද ?? ඒ ලග ලබ්බක් වගේ එකෙකුත් හිටං ඉන්නේ "
මිෂාරි එක හුස්මට කියලා දැම්මා.
සිත් සහ අක්කා ද ගහ දිහා එකවර බැලුවා
"හම්මට උඩු අර මොකක්ද බං හෙන විසාලෙට ගහ ලගින් පත බෑවිලා තියෙන්නෙ " ලොව ප්‍රථම වතාවට දුරකථනයක් දකින කෙනෙක් වගෙ විස්මයට පත් වෙලා මල්මී කිව්වා .
සිත්මිණි ගේ ද ඇස් දොඹ ගෙඩි වගේ විසාල වෙලා තිබ්බේ.
"මං කිව්වෙ , මං කිව්වේ විස්වාස කළා ද ? ඇහ් ! අර එහා පැත්තෙ ඉන්න එකා කව්ද උගෙන් වත් අහලා බලන්න මේ මොන නස්පැත්තියක් ද කියලා. " මිෂාරි උජාරුවෙන් කිව්වා.
"හැබැයි බං පොඩි අව්ලක් තියෙනවා " සිත්මිණි ගහ දිහා බලාගෙන ම කිව්වා .
"මොකක්ද ??" මිෂාරි ඇහුවා..
"මෙහෙමයි, මේම කිව්වා කියලා ගනන් ගන්න එපා . ඔයාට පේන ජීවියා මට නම් පේන්නෙ නැහැ හැබැයි..ඔයාට පිස්සුද නැත්තං මගෙ ඇස් පොට්ටද ? " සිත්මිණි කිව්වා.
"නෑ නෑ නංගි ඔයාගෙ ඇස් වල අව්ලක් නෙවෙ මට පේන්නෙත් නෑ ඒක..මෙන්න මේකිට පයිත්තියන් " අක්කා නෝක්කාඩුවක් කියන්නා වගේ කිව්වා.
"ඇහ් ඔයාලා පේන්නෙ නැ ? අර අතන ඉන්නෙ ." යැයි මිෂාරි අත දිගු කරලා කියන අතරේ එයාගෙ මුහුණ ත් කැකිරි ගෙඩියක් වගේ කහ පාටට හැරෙන්න ගත්තා.
"අනේ වෙන්න බෑ මෙතන මොකෙක් හරිම හිටියා " මිෂාරි මුළු ගම්මානෙටම ඇහෙන්න බෙරිහන් දුන්නා
"හැහ් අක්කා කිව්වා හරි මේකිට පිස්සුව හැදිලා . තව ටිකෙන් මට ඇස් හොස්පිටැල් ගානෙ ලගින්නත් වෙනවා " සිත්මිණි එයාගෙ මුහුණත් තහඩුව රඹුටන් ගෙඩියක් වගේ රතු කරගෙන කෑ ගැහුවා
KAMU SEDANG MEMBACA
අඹ අච්චාරුව 🥭
Fantasiඋන්නා එක ගම්මානෙක ..... ලස්සන පඬි දරුවෙක්... ලබ්බක් වගේ ගෙඩියක්.. එයාට හම්බ උනාලු......