04

2.1K 501 784
                                    

අපි එයට කක්කුස්සි ය කියාවත් නොකිව්වෙමු. අප එය හැඳින්වූයේ ‘වැසිකිලිය’ යන ගෞරව නාමයෙන් ය.

මේ අතර මල්ලීත් නංගීත් මෙය වෙන වැඩකට යොදා ගත්හ. එනම් සෙල්ලම් බත් ඉවීමටයි.

සමහර දිනවල මා හා පෙම්කෙලින මුවාවෙන් මෙහි පැමිණ ටේහ්‍යුන්ද වැසිකිළියේ සෙල්ලම් බත් ඉවීමේ ක්‍රීඩාවට සහභාගී වෙයි.

දිනක් ඔහුගේ පාදය වැසිකිලි වලට වැටී පිටතට ගත්තේ ජිනයියා , තාත්තා, හොබීදාස  හා මා එකතු වීය. අප එනවිටත් ඔහුගේ දෑස පලා ගලා ගිය කඳුලු වලින් වැසිකිලිය තෙත්වී, සෙල්ලම් බත් දිය වී හමාරය. (ඔහු කීවේ ඒ කඳුලු බවය!!)

වැසිකිලිය තෙත් කිරීම පිලිබඳව මා හට ඔහු කෙරෙහි කෝපයක් ඇති වුවත් මාගේ හිරිමල් වියේ යොවුන් ප්‍රේමය එය අකා මකා දැමුවේය



සැමදාම උදෑසන අප එකිනෙකා එක එක දිසාවෙන් කැලෑරොදට පිවිසෙමු. පඳුරු ඈත්මෑත් කර නිදහසේ වාඩිවි සිටීමට ඉඩ ඇති බිමක් පාදා ගන්නා අතර නිලමැසි හමුදාවක් රූං ගා ඉහල නැග්ගොත් අප වහා පසුබසිමු.


ටේහ්‍යුන් හා මා ශරීර කෘත්‍ය න් සඳහා පිටතට යන්නේ එකටමය. මුලදී අප දෙදෙනාම මෙයට ලැජ්ජා උනත් ජිනයියා පැවසුවේ මේ මගින් ප්‍රේමය තවත් වැඩි වෙන බවය.

විශාල ගලක් මැද තබා දෙපසින් වාඩි වී කතා කරමින් සිටින අපට වෙලාව යනවා නොදැනෙයි.

ඉන්පසු වතුර පනිට්ටුව ක්ද රැගෙන කෙලින්ම යන්නේ ඇළපාර වෙතය. ඇළ පාරේ කුඹුක් අත්තක පැටලී අප දෙදෙනා මුලින්ම හමුවූ දිනයේ ටේහ්‍යුන්ව දමා ගිය ඔහුගේ ආදරණීය අඹුඩයද අප දිනපතා පාහේ දකිමු

අප දෙදෙනා අඹුඩය දෙස බලමින් ඒ සුන්දර මතක වල සැරිසරද්දී යුන්ගී එය දකින්න දකින වාරයක් පාසා වෙව්ලීම ට ගනියි. එම නිසා ඔහු ඇළට පිවිසෙන්නේ අනෙක් පසිනි.










අලුත් අවුරුද්දේ අලුත් පන්තියකට ගිය විට අපට ඉගැන්වූ විෂයන් අතර සෞඛ්‍ය විද්‍යාව ද විය. විෂබීජ හා ක්ෂුද්‍ර ප්‍රාණීන් පිළිබඳව ද මෙහිදී උගන්වනු ලැබිණ. ඒ අනුව ඇතැම් ලෙඩ රෝග සැදුණේ ඔවුන්ගෙනි. මෙය මෙතෙක් මා සිතා සිටි රෝග නිදාන වලට වඩා වෙනස් විය. කුමන ලෙඩක් සෑදී වෙද මහතා ළඟට ගියත් ඔහු කීවේ වාතය, පිත නැත හොත් සෙම කිරීමෙන් එය හටගෙන ඇති බව ය. අම්මා හා තාත්තාත් එය එසේ ම විශ්වාස කළ අතර යක්ෂ දෝෂ හා ප්‍රේත දෝෂවලින් ද ලෙඩ හට ගන්නා බව ඔවුන් අතර ඇති වූ කතාබස්වලින් පැහැදිලි විය. මේ පරස්පර විරෝධ භාවයෙන් මා තුළ විමතියක් හට ගත්තෙන් මම පාසලේ උගත් කරුණු ගැන අම්බාධ කීවෙමි,


“ ඇහැටවත් නොපෙනෙන සතුන්ට පුළුවන් ද මෙච්වර ලොකු මිනිස් ඇඟකට හානි කරන්න? එහෙම නම් මැක්කො මකුණො කන තරමට මිනිස්සුයි කියල ජාතියක් ඉතුරු වේවියැයි” අම්මා කීවා ය.


විමතිය මුලුමනින්ම පහනොවුනෙන් ටේහ්‍යුන් සමග පෙම් බස් දෙඩවීම පසෙක ලා මම සෞඛ්‍ය පාඩම හොඳින් අසා සිටියෙමි.
ඒවා සත්‍ය බව ප්‍රත්‍යක්ෂ වූයේ වැසිකිලි පාවිච්චි නොකර පුද්ගලයන්ට කොලරාව පාචනය වැනි රෝග බහුලව හට ගන්නා බව පවසා ගුරුවරිය කොකුපණු රෝගියෙකුගේ අසූචි වල පණුවන් සිටින ආකාරය දැක්වෙන නිහඬ රූපරාමු පෙන්වීමෙන් අනතුරුවය.
ඒ මගින් මා හට වැසිකිලි පාවිච්චි කිරීම අර්ථවත් ක්‍රියාවක් යැයි ප්‍රත්‍යක්ෂ විය.

අපිට වැසිකිළියක් (ටේකුක් | සෝප්) ✓Where stories live. Discover now