01

4.4K 705 1K
                                    

ජිනයියා කුරහන් වංගෙඩිය ළග මා වාඩි කරවා ගත්තේ කොපමණ වෙහෙසක් ගැනීමෙන් අනතුරුව ද?

“ හෙට උදේට කුරහන් ටිකක් අඹරන්න උදව් වෙයන් කුකී මල්ලියේ....” ඔහු උදෑසනම මගෙන් ඇසුවේය.

මාගේ පොතේ නාමය වූයේ පටබැඳිගේ ජන්කුක්ය. එය හුදෙක් පොතටම පමණක් සීමා වූයේ ගමේ කොල්ලො කුරුට්ටන් මා හට කුකී යැයි ඇමතීම ආරම්භ කල පසුවය. පවුලේ , ගමේ පමණක් නොව අහල ගම් හතම මාහට කුකියා යැයි අමතයි. පාසලේ ගුරු භවතුන් පමණක් මාගේ වරදක් දුටු විට ‘වල් හාවා’ යන ගෞරව නාමය මා හට ලබා දෙයි.

“මේ උදේ කුරහන් අඹරන්න පුලුවන්යෑ. දවල් වෙලා එන්නම්.” මා ජිනයියාට එසේ කීවේ ඔහුගේ ඉල්ලීම මගහැරීමේ චේතනාවෙන් විනා පසුව සහභාගී වන අදහසින් නොවෙයි. ඔහුට මේ ගැන මතක නැති වී හෝ වෙනත් කෙනෙකු උදව් කරගෙන එය කරගැනීමට හැකි වෙතැයි මම බලාපොරොත්තු වුනෙමි.

නමුත් දහවලෙදීත් ඔහු එය නැවත මතක් කලේය.

“දැන් හරි දාඩියයි ජිනයියෙ. හවසට අඹරමු.”

“උදේ කිව්වම උදෙත් බෑ කිව්වා. දවල් කිව්වාම දවලුත් බෑ කිව්වා. දැන් ඉතින් හවස් වෙලානෙ කුකී මල්ලියෙ. වරෙන් වරෙන්.” සවසත් ජිනයියාගේ කරදරය නම් නිම වන සේයාවක් අහල පහල වත් නැත.

“මොන වදයක්ද? මම විතරද මේ ගෙදර ඉන්නෙ. මට වැඩ තියෙනවා. වෙන කෙනෙක් එක්ක අඹරා ගන්න!”

“ඇයි කුකී මල්ලියෙ එහෙම කියන්නෙ. අසනීපෙන් ඉන්න අම්මට ඔව්වා කරන්න පුළුවන් ද? පොඩි නගාටයි මලයාටයි වංගෙඩිය දෙවරක් වත් කරකව ගන්න පුළුවන් ද? ඇරත් උඹට මොන වැඩද? පහල ගෙදර ටේ මලයා එක්ක පාර දිගේ මල් කඩනවා ඇරෙන්න පොතක් පතක් අතින් අල්ලන එකෙක්ද උඹ?”

ටේයියා ගැන කියත්ම ජිනයියා ගැන තිබුණු කෝපය මගෙ හිතින් හිරු දුටු පිනි බිඳු මෙන් විසික් වී ගියේය.  ජිනයියා නිතර මගෙ යොවුන් ආදරය අයතා ලෙස භාවිතා කරමින් ඔහුගේ අභිමතාර්ථ සාධනයට කර ගන්නා බව මතක් කර ගත් මම නැවත යක්ෂාරූඩ කර ගත්තෙමි.

“එහෙනම් කුලී කාරයෙක් හොයා ගනින් මට බෑ කිව්වොත් බෑ” මම සැර උනෙමි.

අපිට වැසිකිළියක් (ටේකුක් | සෝප්) ✓Where stories live. Discover now