💚 නැවත හමුවීම ❤️

661 132 11
                                    

වසර එකහමාරකට පසු 💮💮💮💮

Agency එක සමග තිබූ නඩුවේ සියලු කටයුතු ඉවර කල යීබෝ නිවසට පැමිණියේ අවසන් වරට දෙමාපියන් හමුවෙලා ඔවුන්ට සමුදීමටය..

තම එකම පුතා මෙලෙස සියල්ල අතහැර , රටින් පිටව යාම ඔහුගේ පියාට කිසිසේත්ම දරාගත නොහැකි විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තම එකම පුතා මෙලෙස සියල්ල අතහැර , රටින් පිටව යාම ඔහුගේ පියාට කිසිසේත්ම දරාගත නොහැකි විය. යීබෝගේ හැකියාවන් කුඩා කලම හදුනාගත් ඔහු යීබෝ වෙනුවෙන් නොකල කැපකිරීමක් මෙලොව නැති තරම්ය.ඔහුට සෑම විටම අවශ්‍ය වූයේ තම පුතාගේ දියුණුව හා සතුට වූ අතර පුතාගේ මෙම තීරණයට තවදුරටත් බලපෑම් නොකලත් ඔහු මනසින් හඩා වැටෙමින් සිටියේය .

🦁 මමා පපා එහෙනම් මං යනවා..ඔයාලා දෙන්නා පරිස්සමෙන් ඉන්න ඕනි , හැමදාම මට කෝල් කරන්න, වෙලාවට කන්න, වෙලාවට බෙහෙත් බොන්න, වැඩිය හිතන්න යන්න එපා, හැමවෙලේම සතුටින් ඉන්න ඕනි හොදද ?

👧 පුතා ඔයාට විශ්වාසද දුර රටක ගිහින් තනියම ඉන්න පුලුවන් කියලා .. මට බයයි පුතේ ඔයාව මෙහෙම යවන්න.

🦁 අම්මා මං යන්නේ චාන්ගාව හොයාගෙන , චාන්ගාව හම්බවෙනකන් මං හොදින් ඉන්නවා ,මොකද මට එයාව හොයාගන්න නම් මං කාලා බීලා හොදින් ඉන්නම වෙනවනේ නේද ? අම්මා බය වෙන්න එපා ඔයාගේ පුතා සිංහ පැටියෙක් නේ 😊😊

යීබෝ  මවගේ නළලත සියුම් හාදු තබමින් පැවසුවා .

🦁 පපා ඔයා මට Good bye කියන්නේ නැද්ද ? 😒😒

යීබෝ ඇසුවේ මෙතෙක් වෙලා නිහඩව ඔවුන් දිහා බලා සිටි පියාගේ බද වටා අතක් යවමින්.

🧔 මගේ චූටි පුතා කොච්චර ඉක්මනට ලොකු වුනාද? දැන් එයා අපිව දාලා තනියම රට යන්න තරම්ම ලොකු වෙලා 😥😥

පියා මෙතෙක් වෙලා සගවා සිටි හැගීම් කදුලු සමග දෙකොපුල් දිගේ රූරා වැටුනි.

Love Will Find A Way Where stories live. Discover now