Part 3

121 32 0
                                    

"සූහි මට ටිකක් කතා කරන්න පුලුවන්ද "

යාලුවෝ එක්ක කතා කර කර හිටපු එයා මන් දිහා බැලුවේ ඇහුන දේ විශ්වාස කරන්න බෑ වගේ...

"මේ මාත් එක්ක කතා කරන්න ඕන කියලද කියන්නේ "

"හ්ම් ඔව් සූහි...."

"හරි එන්නකෝ එහෙනම්"

ඒ එයා මන් එක්ක හොදින් කතා කරපු පලවෙනි වතාව...මගේ අතින් අල්ලගෙන එයා මාව එක්ක ගියේ යුනි එකේම තිබුන පල්ලියට....මගේ අතින් අල්ලගෙන ඉස්සරහින් ඇවිදගෙන ගිය සූහිව මන් මගේ පිටිපස්සට අරගෙන එයාගේ ඉස්සරහින් ඇවිදගෙන ගිහින් හිටගත්තේ අල්තාරේ ඉස්සරහ...

"සූ මට කියන්න දෙයක් තියෙනවා"

"මන් අහගෙන ඉන්නේ කියන්න කූ"

කූ...පිට කෙනෙක් JK කියන නම නොකියා හුරතල් ආදරනීය නමක් කියුව පලවෙනි වතාව ඒකත් මගේ සූ මට කූ ලු....

"සූ මන් දන්නේ නෑ කවදා මට මේක හිතුනද කියලා ඒත් මන් දන්නේ මන් ඔයාට ගොඩක් ආදරෙයි කියලා "

"මාත් ආදරෙයි කූ"

සූ මාව හරි ආදරෙන් වැලදගත්ත පලවෙනි දවස උනේ එදා.....එදායින් පස්සේ ගෙවුන හැම දවසක්ම හරිම ලස්සනයි.....ෆැකල්ටි දෙකක හිටපු මටයි සූටයි යුනි එකේ ලෙක්චර්ස් වලට එකට ඉන්න නොලැබුනත් අනිත් හැමවෙලේකම අපි දෙන්නා හිටියේ එකට....

"කූ "

"ම්හ්"

"ජීවිතේ ආපස්සට ගන්න පුලුවන් නම් මොකද කරන්නේ"

"එහෙමනම් මගේ සූව ඉක්මනටම හොයාගන්නවා"

මන් වැරදි දෙයක් කියුවා වගේ සූ අඩන්න ගද්දී මට බය හිතුනා....සතුටින් දිලුසුන ඇස් කදුලු වලින් දිලිසෙද්දී මන් සූව මගේ තුරුලට ගත්තා.....

"සූ මැනික මන් වැරදි දෙයක්වත් කියුවද අඩන්නේ"

"අනී කූ...ඔයා මට ඔච්චර ආදරේද..."

මට කටකොනකට හිනාවක් ගියේ මගේ සූ මේ පුංචි දේටත් අඩනවද කියලා හිතලා.....

"යාහ් මට හිනාවුනාද දැන් "

මගෙන් ඈත්වෙලා සූ ඇහුවම මට හිනාව නවත්තගන්න බැරිවුනා ඒ නිසාම සූහි එයාගේ චූටි ඇගිලිවලින් මට ගැහුවේ එයාට හිනා වුනා කියලා තරහ අරන්...

"කුකී මොකද තනියම හිනාවෙන්නේ"

සූගේ මතක වලින් මන් එලියට ආවේ ජීමින් හ්යොන්ගේ කටහඩට....මන් මෙච්චර වෙලා තනියම හිනාවෙලාද ඒ කියන්නේ...

"ලස්සන මතකයක් මතක් උනා හ්යොන්"

"හැම මතකයක්ම ලස්සනයි කුකී ඒත් ඒ ලස්සන මතක වලට දුකක් එකතු වෙලා කාලයක් යද්දී එහෙම නේද..."

හ්යොන් කියුවදේට ඔලුව වනලා මන් ආයෙත් ඈතින් පේන නිල් අහස දිහාට ඇස්දෙක ඔබාගත්තේ වැටෙන්න දගලන කදුලු වලට නැවතීමක් තියන්න හිතන්...

"කුකී හ්යොන් ගෙදර ඉන්න දවසටත් මූන එල්ලන් ඉන්නද හදන්නේ"

මන් අහසට ඔබන් හිටපු ඇස්දෙක ටිකකට අයින් කරනගමන් ජීමින් හ්යොන් දිහා බැලුවම එයා මන් දිහා බලන් හිටියේ කලකිරීමකින්.....

"මිආනේ හ්යොන්....අපි අද මොනාහරි කරමු...හ්යොන්ට කැමති තැනකට යමු"

"ම්හ් හරි එහෙනම් ලෑස්ති වෙන්නම් මන් ඔයත් ලෑස්ති වෙන්න"

හ්යොන් යනදිහා බලන් ඉදලා මාත් බෙන්ච් එකෙන් නැගිටලා කාමරේට ගියා.....

____________________

"අදුස්සි...අදුස්සි"

පුංචි කටහඩකින් මට කතා කරද්දී මන් බැලුවේ කව්ද ඒ කෙනා කියලා....රෝසම රෝස ගවුමක් ඇදලා මන් දිහාම බලන් හිටපු ඒ කෙලිපැටියා සුරංගනාවියක් වගේ...

"අදුස්සි මත අලක අලන් දෙන්නතෝ"

පුංචි කෙල්ල පාක් එකේ ලොකු ගහක් උඩ තිබුන බැලුන් බෝලේ පෙන්න පෙන්න කියද්දී මට මතක් උනේ මගේ සූව...එයත් මේවගේම කෝලමක්....ජීමින් හ්යොන් කෝෆි දෙකක් අරන් එන්න ගිය ටිකට මට දැන් ගසුත් නගින්න වෙයිද කියලා මට හිතුනා....

"අදුස්සි ඔයාට අලන් දෙන්න බෑනම් මන් වෙන කාතහලි කීලා අල ගන්නම්"

හරි අහින්සක විදියට කියද්දී මන් අමාරුවෙන් පොඩි කෙල්ලට බැලුම අරන් දුන්නම පුංචි කෙල්ල මගේ කම්මුලට කිස් එකක් දුන්නා....

"අදුස්සි ඔයාගේ නම මොතත්ද"

"මන් ජොංකුක් බබා...ඔයාගේ නම "

"මගේ නම නූරි...මන් යනවා ඔම්මා බලන් ඉන්නවා කුකී අදුස්සි"

පුංචි කෙල්ල මටත් අත වනලා දුවගෙන ගියේ එයාගේ අම්මව හොයාගෙන වෙන්න ඇති.....

නූරි....

ඔයා ආසම නම ඒක නේද සූ ...

එයත් ඔයා වගේම කෝලමක් සූ....

ඔයාගේ වගේම රෝස කම්මුල් .....

එයා ඔයා වගේමයි සූ .....

___________________________🦋🦋

2U (Completed)Where stories live. Discover now