"සූ එනවා එලියට මගේ යකා අවුස්සගන්නේ නැතුව"
මන් ගියේ මගේ සූගේ ගෙදරට එයාව හොයාගෙන....මාසයක් තිස්සේ මගේ සූ මාව මගාරින එක මට දරාගන්න බැරි උනා ඒනිසාම සූව හොයාගෙන එයාගේ ගෙදර යන්න මන් තීරනය කලේ සූ යුනිවත් නාව නිසයි.....මහ වැස්සෙ ඇගටම ඇලුන සුදු ශර්ට් එකත් එක්ක මන් සූගේ ගේ ඉස්සරහ කෑගැහුවේ වටේපිටේ හිටපු මිනිස්සුත් ගෙවල් වලින් එලියට එද්දී....
"සූහි එනවා එලියට මන් කියන දේ ඇහෙන්නේ නැද්ද"
සූහි කුඩේකුත් දිගෑරගෙන මන් ගාවට දුවගෙන ආවේ ටවල් එකකුත් අතින් අරගෙන....
"පිස්සුද කූ ආහ් කියනවා මට...මේ වැස්සේ තෙමිලා උන හැදුනොත් මොකද කරන්නේ කියනවා..."
මට බැන බැනම මගේ කොන්ඩේ පිහන සූහීව දැක්කම මට සතුටු හිතුනා...එයා තාම මට ආදරෙයි ඒ කියන්නේ....කොන්ඩේ පිහලා ඉවරවෙලා එයා මාව ගේ ඇතුලට එක්ක යන්න හැදුවත් මන් එයාව ඇදගෙනම මගේ කා එකට ආවා....
"කූ ඇයි මෙහෙම කරන්නේ"
"සූහි මට පාලු හිතුනා ඔයා නැතුව....අනේ මාව දාලා යන්න එපා ආයෙත්"
"කූ"
මට එයාගෙන් මුකුත් අහන්න ඕන උනේ නෑ මට ඕන උනේ හැමතත්පරේකම එයාව මන් ගාව තියාගන්නම විතරයි...මොනම හේතුවකටවත් මට සූහීව නැතිකරගන්න ඕන උනේ නෑ...
"කූ අහන්න මට ඔයා එක්ක ඉන්න බෑ"
"කමක් නෑ පුලුවන් තරම් කල් මන් එක්ක ඉන්න"
ඒ වචන වල තේරුම එදා නොතේරුන නිසාම මට ඕන උනේ එයා පුලුවන් කාලයක් මන් එක්ක ඉන්න විතරයි....
"හ්ම් හරි කූ"
එයා මාව තවත් තදින් බදාගන්න ගමන් එහෙම කියුවා.....
එදා මන් ඇදන් හිටපු සුදු ශර්ට් එක අත් අතරේ ගුලි කරගෙන හිටපු මම ලොකු හුස්මක් අරගෙන ඇස්දෙක වහගෙන ආයෙමත් ඇස් දෙක ඇරලා කන්නාඩි මේසෙන් පේන මගේම රූපේ දිහා බලන් ඉද්දී මට මන් ගැනම ඇතිඋනේ වේදනාවක්...
ඇස්වටේ කලුවෙලා..ඇස් ඉදිමිලා..උරහිස ගාවටම වැවිලා තිබුන කොන්ඩෙයි එක්ක මගෙන් පෙනුනේ පිස්සෙක්ට සමාන පෙනුමක්...සුදු ශර්ට් එකට උඩින් කලු බ්ලෙසර් එක දාලා කොන්ඩෙත් පෝනිටේල් එකක් දාලා මන් ලෑස්ති උනේ හ්යොන් එක්ක කම්පැනි එකට යන්න....
__________________
"මිස්ටර්.ජීමින් කියන්නේ කම්පැනි එක JK බලාගනී කියලද"
කම්පැනි එකේ ශෙයාර්ස් හිමි කෙනෙක් ෆයිල් එකක් මේසෙට විසික් කරලා හ්යොන්ගෙන් ඇහුවම මටත් තිබුනෙම ඒ ප්‍රශ්නේ...මන් කොහොමද මේ දේවල් බලාගන්නේ....
"ලී ඔයාට ඕන විදියට මෙතන වැඩ කරන්න බෑ... ඔයාට ශෙයාර්ස් තිබුනට මේක මගේ කම්පැනි එක මට ඕන අයයි මේක බලාගන්නේ"
" පිස්සෙක් වගේ ඉන්න කෙනෙක්ට කොහොමද මේවා දෙන්නේ"
පිස්සෙක්...ඔව් මන් පිස්සෙක්...මට මේදේවල් මෙච්චර ඉක්මනට ඕන නෑ හ්යොන්...මන් පුටුවත් පිටිපස්සට කරලා එතනින් නැගිටලා ආවේ හ්යොන් මගේ නම කිය කිය කෑගහනවා ඇහෙද්දීමයි.....
සූ...
මන් පිස්සෙක්ද සූ...
මට මේවා ඕන නෑ සූ......
_________________________
"කුකී මොකද වෙලා තියෙන්නේ කියනවා"
හ්යොන් කම්පැනි එකෙන් ගෙදර ආව ගමන් මගෙන් ඇහුවේ ඒ ටික....
"මට මගේ පාඩුවේ ඉන්න ඕන හ්යොන්..මට බිස්නස් බලාගන්න ඕන නෑ ඇයි හ්යොන්ට බැරි ඉස්සරහටත් මේවා බලාගන්න"
මන් පුලුවන් තරම් හයියෙන් කෑගහලා හ්යොන්ට බැන්නා...පලවෙනි වතාවට හ්යොන්ට මන් බැන්නා...හ්යොන් මන් දිහා ටිකවෙලාවක් බලාගෙන ඉදලා එයාගේ රූම් එකට ගියේ හිත රිදුන නිසා වෙන්න ඇති...ඒත් මන් මොනා කරන්නද හ්යොන් මිආනේ....
__________________________🦋🦋🦋
YOU ARE READING
2U (Completed)
FanfictionNo limit in the sky That I won't fly for ya (for ya, for ya, for ya) No amount of tears in my eyes That I won't cry for ya (for ya), oh no With every breath that I take I want you to share that air with me There's no promise that I won't keep I'll c...