"කුකී කොහෙද උදේම යන්න ලෑස්ති වෙන්නේ"
මන් කලු ශර්ට් එකට කලු ඩෙනිමක් ඇදලා පහලට එද්දී ජීමින් හ්යොන් එහෙම අහන්න ඇත්තේ මන් උදෙන්ම කොහෙවත් යන්නේ නෑ කියලා දන්න නිසා වෙන්න ඇති...
"මන් ආයේ පරන JKම වෙන්නම් හ්යොන් අද ඉදන් ඒත් ඊට කලින් ගමනක් යන්න තියෙනවා"
හ්යොන් මුකුත් නොකියා මාව ඇවිත් බදාගෙන උඩපැන්නේ එයාගේ කුකී ආයේ පරන කෙනා වෙයි කියන සතුට නිසා වෙන්න ඇති...
මන් කා එක නතර කරේ flower shop එකක් ගාවින්....කා එකෙන් බැහැලා ඇතුලට ගිය ගමන් මට ඇහුනේ මගේ නම කියනවා කව්රුහරි ඒනිසාම මන් පිටිපස්ස හැරුනා...ඒ නූරි...මන් එයාව වඩාගෙන එයාගේ රෝස කම්මුල් වලට පුංචි කිස් එකක් දුන්නා...
"නූරියා මොකද මෙහෙ කරන්නේ"
"මේ මදේ ඔම්මාගේ කඩේලේ අලේ ඊකයි"
මන් ඔලුවත් වනලා නූරි එක්ක මල් තෝරන්න ගියේ කෙල්ල හරි හුරුපුරුදු කාරයක් වගේ මගේ අතින් බහින්නෙම නැතුව හිටපු නිසා....ලිලී මල් ටිකක් අරගෙන කැශියර් එක ගාවට ගියපු මාව දැක්කම නූරිගේ ඔම්මා පුදුම උනා...
"නූරියා කව්ද මේ"
"මේ තමා කුකී අලේ මන් තීවේ ඔම්මට"
"ඕහ් මේ කුකීශිද..සර් ගැන නූරි හැමවෙලේම කියනවා සර් මන් ඒත් බැලුවා නූරි ඇයි සර්ට මෙච්චර කැමති කියලා"
මන් ලාවට හිනාවෙලා බැලුවේ නූරිගේ ඔම්මා දිහා....නූරිගේ ඔම්මගේ කොන්ඩේ ගිහින් ඇස් බැහැලා ගිහින්..
"නූරිගේ ඔම්මා ඔයාට අසනීපයක්ද"
"ආහ් පුදුමයි කෙනෙක් එහෙම අහපු එකත්..මට කැන්සර් එකක් කුකීශිද තව මාසයක් වගේ තමා ජීවත් වෙන්න තියෙන්නේ"
ඒ මූනේ ඒ ගැන කනගාටුවක් තිබුනේ නෑ...ඒත් මගේ අතේ ඉන්න නූරිට මොකද වෙන්නේ එතකොට......
"කුකීශී හිතන්නේ නූරි ගැනද....නූරියා වාසනාවන්තයි පොඩි කාලෙත් එයා මැරෙන්න ගිය දරුවෙක් ඒත් සූහී කියලා නෝනා කෙනෙක් මගේ දරුවාව බේරගත්තා ඉතින් මන් නැතිදවසකත් නූරියව කවුරුහරි බේරගනී"
YOU ARE READING
2U (Completed)
FanfictionNo limit in the sky That I won't fly for ya (for ya, for ya, for ya) No amount of tears in my eyes That I won't cry for ya (for ya), oh no With every breath that I take I want you to share that air with me There's no promise that I won't keep I'll c...