අවිශ්වාසය 💔

520 132 35
                                    

Taehyung - මොකද බබා මෙච්චර වෙලා කලේ ? අනික ඇයි ඔයා ගාව වෙන වැම්පයර් කෙනෙක්ගේ සුවද එන්නේ ? 😒💔

Taenu - ආහ්......මෙ.........මේ.......මම.....

Taehyung - මොකද බබා ගොතගහන්නේ ආහ්.

ටේහ්‍යුන්ග් ඇහුවේ ටෙනූ ලගට එන ගමන්.

ටේනු ටික ටික පස්සට යන්න ගත්තේ කියන්න දෙයක් කලපනා කරන ගමන්.

ටේ ටේනූගේ මූන ලගටම නැවුනේ ටේනූට තවත් යන්න ඉඩක් නැති වෙලා මාලිගාවේ බිත්තියකට හිර වෙනකොට

Taehyung - හ්ම්ම්ම්ම්ම්ම් ඔයා ලගින් ඒ එන සුවදේ අයිතිකාරයා කවුද කියන්න බබා.

ටේහ්‍යුන්ග් ඇහුවේ හරිම සන්සුන්ව උනත් ඩීමන්ට වගේම ටේනූට ඒ වචන වල තිබ්බ තියුනු බව දැනුනා.

Taenu - ටේ බබා මම............

ටේහ්‍යුන්ග් ටේනූ කතා කරන එක නැවැත්තුවා

Taehyung - බොරු කියන්න හිතන්නවත් එපා බබා.

ටේහ්‍යුන්ග් එහෙම කියලා ටේනූගේ තොල් වලට බර වෙන්න හැදුවත් එකපාරම ඈතට උන්‍රෙ ඇහිච්ච කටහඩක් නිසා.

Hoseok - ඒයි ඔය දෙන්නා . රූම් එකකට යනවා.

හොබී එහෙම කියන ගමන් එතනින් යන්න ගියේ මෙච්චර රෑ වෙලා එයා එලියට ගියේ ඇයි කියන එක අනිත් දෙන්නට ප්‍රශ්නයක් කරලා.

හොබී ගිය ගමන් ටේහ්‍යුන්ග් ආයේ ටේනූ දිහාට් හැරුනත් ටේනූ එතන හිටියේ නෑ.

ටේනූ හිටියේ ටේට ටිකක් ඈතින්.

Taehyung - යාහ් පැනලා යන්න ඔට්ටු නැ.

ටේ එහෙම කියලා කෑගහන ටිකට ටේනු එයාගේ කාමරේට ගිහින් දොර වහගත්තේ කාමරේ ඇතුලේ හිට්‍ය සූහිවත් බය කරලා.

ටේනූ කාමරේ දොරට හේත්තු වෙලා හයියෙන් හුස්ම ගන්න ගත්තෙ එයා ඒ තරම් වේගෙකින් ආව නිසා.

ටේ ටික වෙලාවක් දොරට ගහලා එතනින් ගියේ ටේනූ දොර අරින්නේ නෑ කියලා දන්න නිස.

Suhi - මොකද ටේනූ නිකන් කවුරු හරි ඔයාව රේප් කරන්නවත් ආවද ?

සූහි ඇහුවේ ටේනූ ලගට එන ගමන්.
ඒත් ටේනූ අඩියක් පස්සට උනා.

🧛 乃尺乇ムズノ刀g   尺Ʋレ乇丂 🧛 ( Completed ) Where stories live. Discover now