🖤1 ගැයුම🖤

639 69 28
                                    

මම ඔයාට ආදරේ කරේ ඔයාගෙන් දේවල් බලාපොරොත්තුවෙන් නෙවේ මම ආදරේ කරේ ඇත්තටමයි මම ඔයාව හොද තැනකට ගේන්න මහන්සි උනා තමයි කවදාවත් හිතුවේ නෑ ඔයා නිසා මට මේ වගේ දෙයක් වෙයි කියලා ඔයා ඒකට පලි නෑ ඒ්ත් ඔයා මේ තැන ඉන්න කොට මම විදවනවා 

මම තවත් ලොකු තරුවක් නෙවේ මට හැමදේම නැති උනා Concerts Shows කිසිම දෙයක් අඩුගානේ මගේ Fans ලවත් මට නෑ අන්තිමට ඉතුරු උනේ මං අමාරුවෙන් හම්බ කරපු සල්ලි ටිකයි ගේයි වාහනයකුයි විතරයි 

''හහ් පාක් ජිමින් තමුසේ මට මොකද්ද මේ කරේ 😭''

මම ඔයාට වෛර කරන්න ඕන උනත් මට ඒම කරන්න බෑ මම තාමත් ඔයාට ආදරෙයි ජිම් ඒත් මම ගියොත් විතරයි හැමෝටම සැනසීමක් ලැබෙන්නේ මම යනවා මැණික මම ගියාම ඔයාට කිසිම බාදාවක් නැතුව ඉස්සරහටම යන්න පුලුවන් සමාවෙන්න මම හරිම ආත්මාර්ථකාමියි නේද පණ මට සමාවෙන්න මට සමාවෙන්න

සීතල හුලග මාව වෙලාගෙන ඈතට යද්දි ලාවට ඉර බැහැගෙන යන අහසේ ලස්සන තැබිලි පාට වලාකුළු අතරින් යන කුරුල්ලොත්, විටින් විට මං ගාවින්ම ලස්සනට ඇදී යන සමනල්ලු, මම ආසම දේ වෙච්ච නිල් පාට වතුර තියෙන මේ ගග එදා එයා මට හම්බුනු තැනම අද මම එයාව දාලා යනවා ජිමින් මගේ පිස්සු ඒන්ජල් මියානේ මියනේ මම යනවා 

ආදරය තියෙන්නේ මගේ හිතේ මැණික මම දැන් මෙතනින් පැන්නත් මම මැරුණත් කවදාවත්ම ඔයා වෙනුවෙන් තිබ්බ ආදරේ මරන්නෑ මේ ආතුමෙදී නැතත් ලබන ආත්මේ හම්බෙමු

''කිම් ටේහන් මෝඩයාආආආආආආආආ බහිනවා බිමට 😭''

මට ඔයාගේ හඩ ඇහෙනවා වගේ මැණික බලන්න ඔයා ඒත් මට මැරෙන්න දෙන්නෑ හීනෙන් හරි එනවා නේද? 

''යා බහිනවා බිමට බැස්සේ නැත්තම් මම මැරෙනවා 😭''

මම හැරිලා පිටිපස්ස බැලුවා එයා බෙල්ලට පිහියක් තියාගෙන ඇස්වල කදුළු පුරවන් මං දිහා බලන් ඉන්නවා මගේ ලොකුම දුර්වලතාවය එයාගේ පුංචි ඇස් වල කදුළු 

මම තාමත් පාලමේ අත්වැට උඩ නැගලයි ඉදියේ ඉබේම මම බැහැලා මගේ මැණික ගාවට ගිහින් පිහිය උදුරලා විසික් කරලා එයාව තදින් බදාගත්තා 

My Singing Lover( Aashiqui 4)✅✅Where stories live. Discover now