Jimin's Pov
''වසරේ හොදම ගායකයාට හිමි සම්මානය දිනාගනු ලබන්නේ පාර්ක් ජිමින් උණුසුම් සුභ පැතුම්.....''
🐯ජිමිනි ඔයා ඒක කරා යන්න යන්න ඒක අයිති ඔයාට මම පොරොන්දු වුනානේ ඔයාව ලොකු තරුවක් කරනවා කියලා ඔන්න ඒක මම කරලම පෙන්නුවා යන්න ඉතින්😁
ටේ මාව බදාගෙන කියවන් ගියේ පිස්සුවෙන් වගේ මං එයාට හුගක් ස්තුති කරනවා මාව මේ තැනට ගෙනාවට මං පුළුවන් ඉක්මනට එයාට හිතේ තියෙන දේත් කියනවමයි
මං මොනවත් කියන්න කලින් ටේ මාව ස්ටේජ් එක පැත්තට යැවුවා මං හුගක් බයෙන් ඉදියත් ටේගේ හිනාව දැක්කම මගේ බය නැතිවුනා මං ස්ටේජ් එකට නැගලා award එක අරන් ඇඩුවා නෑ සතුටට මට ඇඩුනා මං මගේ ඔම්මට අප්පට යුන්ගි හියුන්ට හෝබි හියුන්ට විශේෂයෙන්ම මාව මෙතනට වෙනකම් ගෙනාපු ඉස්සරහටත් මට උදව් කරන මගේ ටේටත් ස්තුති කරා මං දන්නෑ මම මයික් එක අතට ගත්තම මොනව කිව්වද කියලා මගේ ෆෑන්ස්ලටත් මම හුගක් ස්තුති කරා එයාලා නැත්තම් මේ තැනට එන්න මට අමාරුයි ලොකු ගායකයෝ අතරේ මම මගේ නම හදාගන්න මහන්සි වුන නිසා ටේගේ මහන්සිය නිසා මේ තරම් ලස්සනට මම බැබලෙන්නේ
මම ආපහු බලද්දි ටේ ඉදියේ නෑ කොහේ ගිහින්ද හැමවෙලාවෙම ඔහොමයි ඔන්න එනවා පණ කඩගෙන
🐥කොහෙද ගියේ ටේ...
🐯ආ..ම්ම් බාර් එක පැත්තට ගියේ ජිමිනි..
🐥හම්..අපි යමුකෝ ටේ හෝබි හියුන්ලා දැන් ගියේ යුන්ගි හියුන් ඔයාව හෙව්වා එයා නැති නිසා මට කියන්න කියලා ගියා
🐯හරි හරි අනේ දැන් මට බනින්න එපා යමු..
උත්සවය ඉවර වෙලා මං එලියට එද්දිම කැමරා ෆ්ලෑෂ් ලයිට් වල තද ආලෝකයට මම මැදි වුනා මම එලියට ආවේ ටේටේත් එක්ක එයා මගේ අත තදින් අල්ලන් ඉදියා ඒත් එතන ඉදපු අය මං එක්ක කතා කරද්දි ටේට වුනේ මගේ අත අතඇරලා යන්න
🐯ජිමින් ඔයා එන්න එහෙනම් මම ගෙදර යනවා ආන්ටියි අන්කලුයි ගෙදර ගියා මම අපාර්ට්මන්ට් එකට යනවා පරිස්සමින් ගෙදර යන්න driver ඉන්නවා නේ බායි
🐥ටේ...ඉන්න..
මම කතා කරත් එයා ඉක්මනට එතනින් ගියා මං මෙතන දාලා මම කට්ටිය අහන දේවල් වලට කලබලෙන් උත්තර දීලා ඉක්මනට එතනින් කාර් පාර්ක් එකට ආවේ ටේ ගියාද බලන්න ඔව් එයා ගිහින් මං මගේ driver ට බස් එකක ගෙදරට යන්න කියලා සල්ලිත් දීලා කාර් එක අරන් ටේගේ අපාර්ට්මන්ට් එකට හරියට පාර පෙන්නෙත් නෑ ඒ තරම්ම වැස්ස මම වාහනේ නවත්තලා ගිහින් බැලුවම ටේ පේන්න ඉදියේ නෑ ගෙදර සර්වන්ට්ස්ලත් නෑ අනික ලයිට් දාලත් නෑ කලුවරේම අතපත ගාලා මම ලයිට් ඔන් කරා
YOU ARE READING
My Singing Lover( Aashiqui 4)✅✅
Romanceමගේ දියුණුවට කැපවෙන්න ඕන එයා අන්තිමට මගේ ජීවිතේම වෙනස් කරලා දැම්මා මම එයාට කවදාවත් වැරැද්දක් කරලා නෑ ඒත් එයා හින්දා මට මේ වෙන්න යන දේ කාටවත්ම නවත්තන්න බැරි වෙයි මට සමාවෙන්න මැණික මම ඔයාට ආදරෙයි ඒත් මට තවත් මේවා බලන් ජීවත් වෙන්න බෑ මට යන්න වෙනවා මම හ...