සසල උනත් මගේ සිතිවිලි ඔබ ළග
නිසල කරන් මන් ඉන්නම් සැම දින
කාත් කවුරුවත් නොමැති මා හට
ඔබත් අහිමිව ගියපු අරුමය
අපට අප හිමී නෑ ලොවේ
ඔබට මා හිමි නෑ
මටද ඔබ හිමි නෑ
.................................................................................
හොස්පිටල් එකට ගියේ කොහොමද කියලවත් මට කිසිම විදිහක මතකයක් තිබ්බේ නෑ. ඇතුලට යද්දිම දැක්කෙ හුරුපුරුදු රුවක් ඒත් දකින්න බලාපොරොත්තු උන කෙනා නෙවෙයි ඒ එයාගේ අප්පා මන් වේගෙන් එතනට ගිහින් එයාව තදින් මගේ අත් දෙකට මැදි කරන් අහුවේ එකම දෙයයි
" මගේ ගායූ කෝ "
Flashback
Mr. Kim's pov
" ගායල් පරිස්සමින් පාර මාරු වෙලා එහෙන්නන් ඒක අරන් එන්න "
මන් එහෙම කියලා බලන් හිටියේ ගායල් එනකන් ඒත් එකපාරටම ආපු ලොකු වාහන සද්දෙත් එක්ක මන් හැරිලා බැලුවේ මොකද්ද එතන උනේ කියලා ගායලුත් තමා නැති නිසා මගේ හිතා කලබල උනේ හේතුවක් නැතිවමයි
මන් එතනට යද්දීත් මිනිස්සු වට වෙලා එතන ලේ ගොඩක් මැද වැතිරිලා ඉන්නේ වෙන කවුරුත් නෙවෙයිගායල්
ආහ් ඇයි ඇයි එහෙම උනේ. එයාට බලලා පාර මාරු වෙන්න බැරි උනා ද. නෑ නෑ වැරදි මම එයාව යවන්නේ නැතුව මන් ම ගියා නම් කවදාවත් එයාට මේඝ දෙයක් වෙන්නේ නැති වෙයි. අනේ දෙවියනේ මන් මොන ජාතියේ අප්පා කෙනෙක් ද තමන්ගේ දරුවාවම අමාරුවේ දාන්න තරම් මන් පවුකාර උනා.
බෑ තවත් මෙහෙම බලන් හිටියොත් මෙයාව මට නැති වෙන එක තමා වෙන්නේ. එහෙම හිතෙනවාත් එක්කම මන් ඉක්මනට කාර් එක අරගෙන එයාව හොස්පිටල් එක අරගෙන ආවා. තාමත් මට විශ්වාස කරන්න බෑ.
මට මතකයි ගායාල් ඉපදුන දවසේත් මන් මේ වගේම හොස්පිටල් ඒකට දුවගෙන ආවා. ඒත් එතකොට මගේ හිතේ තිබ්බේ පුදුමාකාර සතුටක් ඒක මෙච්චරයි කියලා කටින් කියාගන්න බැරි තරම් සතුටක් කොටින්ම කිවුවොත් ඒ සතුට කියන්න වචන නෑ.