රාවණා 1

1K 162 211
                                    

සුපුරුදු පහන් ආලෝකය මැද මුත් නොදන්නා අන්ධකාරයක් යටි සිතට නැගෙනුයේ මන්දැයි නිශ්චය කරගත නොහැකි ලෙස සූර්ය රජු සිය ආලකමන්දාවේ සදළුතලයේ සිට රත්නද්වීප දේශය දෙස බලා සිටියේ කුමන අදහසකින්දැයි කිසිවෙකුත් දැන සිටියේ නැත........

ඔහුගේ ඒ ධ්‍යාන විලාසී බැල්මට සමුදීමට රජුට සිදුවූයේ සිය කුටියට පිටතින් ඇසෙන ආමන්ත්‍රණය නිසාවෙනි..........

" රාවණා අයියණ්ඩි...හැකිද ඔබ සමග මදක් සාකච්ඡා කිරීමට....මම විභීෂණ"

කිසිවෙකු හා පිලිසදරක යෙදීමට තරම් සිතක් නොවූවත් තම ආදරණීය සොයුරාගේ සිත රිදවීමට රාවණා ගෙ මනාපයක් නොවීය........

" පැමිණෙන්න විභීෂණ...."

තමාගේ කැදවීමෙන් කුටිය තුලට පිවිසි සිය සොයුරා දෙස රාවණා මද වේලාවක් බලා සිටියේ ඔහුගේ සැබෑ කඩවසම් බව රස විදිමිනි.........

රෝස දෙතොල් ස්වේත පැහැ කම්මුල් සමග
ස්වේත සහ රක්ත පැහැ මුසු වූ වස්ත්‍ර වලින් ඔහුට ලැබී තිබුයේ සොදුරු කඩවසම් බවක් යැයි අවිවාදයකින් තොරවම ඒවන විටත් රාවණාගේ සිත පිලිගෙන තිබුණි..........

ගන රළු ඇහිබැමි රන්වන් පැහැ ගත් සම මුඩු කල මුව සමග උරහිසින් පහලට වැටෙන සේ ලිහා දමා තිබූ කෙස් වැටිය සමග විභීෂණ ටත් එහා ගිය පෞරුෂවත් කඩවසම් බවක් රාවණාට හිමිව තිබුණත් ඒ ගැන එතරම් තැකීමක් ඔහු සතුව නොවුණි.....

"කිමද විභීෂණ මේ රාත්‍රියේ ඔබට මා මුණගැසී සාකච්ඡා කිරීමට ඇති කාරණාව....රාමාගේ සටන පිලිබඳ වත්ද"

රාවණා විමසූයේ මේ වනවිටත් යක්ඛ සෙබලුන් සහ මුණි ශිෂ්‍යයන් දහස් ගණනක් කායිකව හා මානසික වශයෙන්ද ඉන්දීය රජු රාමාගේ ආක්‍රමණය ට එරෙහි සටනේ නිරත වෙන බැවින්......

"එසේය අයියණ්ඩි ....ඔබ දන්නෙහිද සටනේ වාසිය දැන් අපිටයි....මට සිතෙනා පරිදි මේ සටන අප හට ජයග්‍රහණය කල හැකි වේවි......නමුත් මා හට කමාකරන්න රාවණා අයියණ්ඩි මා මෙතෙක් සිදුකල සහ ඉදිරියට සිදු කරන සියලුම දෑට"

විභීෂණ පැවසූවේ සිය ස්වරයේ ස්ථාවර බව එලෙසම පවත්වා ගනිමින්.....

රාවණාꪶ࿋྄ིᤢꫂ[Historical/COMPLETED]Where stories live. Discover now