පොතේ ගුරු-
ඈත එක් යුගයක....
යුද්ධයෙන් නැහැවුනු සමයක
අවුකාස්ති වූ නගරයක
ශාපලත් නගරයයි නම් වූ......
විසුවාලු රාජයෙක්........හොබීවිල් අවෂ්විල්
ඔහුගේ පුදුම නාමය විය
රූමත් යුන්ගියෙක්ද, දරුවෙක්ද පුෂ්ටිමත්
මේ රජුට සිටියා.......කොරියාවේ, වෙන කිසිදු සුරෙකුට
නොවූ තරම් අසුන් අස් හලෙහිද
ආර්මි ලා දොරකඩද
බටයෝද සේවයේ
හේටර් ලාද ගෙමිදුල
මේ රජුට සිටියා.....හොබීවිල් අවෂ්විල්
කෙසේ නම් විස්තර කරන්නද ඔහු......
ඔහු සැපෙන් සිටියා......පාස්කු ඉරු දින උදයේ
පවුලත් සමග උදයේ.....
පැමිණියා රජු
දේව මැදුරට..........(ඩිං ඩොං ඩිං....... හොබීවිල් අවෂ්විල් සමග යුන්ගී වේදිකාවට තාලට පය තබමින් පැමිනෙයි)
යාචකයා 1 - රජතුමනි, මගේ කකුල කැඩුනා.... පිං කරන හොබියෝ මට අලුත් කකුලක්!!
යාචකයා 2- මගේ සහෝදරයා නිර්දෝශයි ආයුබොවන්ඩ
යාචකයා 3- පිං කරන හාමුදුරුවනේ... මගේ දරුවා බඩගින්නෙ.
සෙබලා - (අත දිගු කර) පස්සට පස්සට පස්සට..... දේවාලෙ දොර අහුරගෙන.
යාචකයා 1 - (සේවකයෙකු මයිකල් කුමාරයා රැගෙන එයි.) රජතුමාගෙ දරුවා.
යාචකයා 2- යුන්ගියාගෙ පැටියා....
යාචකයා 1 ,යාචකයා 2 තල්ලු කරයි.
යාචකයා 2- තල්ලු කරන්ඩ එපා මී හරකා...
යාචකයා 1- පිං කරන හොබීවිල් උතුමානෙනේ..... දරු පැටියාට දෙයියන්ගෙ පිහිටයි
(පොතේ ගුරු පැමිණෙයි)
පොතේ ගුරු -
පාස්කු ඉරු දින උදයේ, පලමු වරට ඒ දවසේ...
හොබියාගේ දරු පැටියා
රට වැස්සෝ දැක ගත්තෝබලාපල්ලා මේ අරුමය....
තෙද ඇති අපගේ මිනිසුන්
දරු පැටියාට හිස නවනවා .......(යුවරජ ජින් ප්‍රවිශ්ඨ වෙයි)
යුවරාජ ජින්-
සුභ උදෑසනක් වේවා යුන්ගියා..... බෝම අපූරුයි මේ දවස.... ඊයෙ රෑ වැස්ස වහිනකොට මම හිතුවා.... ඕන්න වැස්ස වහිනවයි කියලා....
ඒත් අද?
නිල් පාට ආකාසෙ දැක්කම මම හිතුවා.... නිල් පාට ආකාසෙ කියලා......
බලමු එහෙනම් අපේ මයිකල් කුමාරයා.....
ESTÁS LEYENDO
හුණු වටයේ කතාව [බටස් වර්ෂන්]√
Ficción histórica"හෙලවෙන කොට වැල් පාලම... දෑස පියන් බිම නොබලන්....."