කෙවින් සහ චූටි

1.5K 363 116
                                    

කවුද අප්පා මේ උදේම හොරණෑ ගහන්නේ... පෙරහැරක් වත් යනවද?

හීන ලෝකෙ කිමිදි කිමිදි සැපට නිදාගෙන හිටපු මම ඇහැරුනේ කොහෙන්දෝ ආපු හොරණෑ සද්දෙකට.... හොරණෑවක්ද? අනේ මන්දා... වීදුරු පිහදාන සද්දෙකුත් ඇහෙනවා.

කුකුලත් අතේ අරගෙනම මොකාද මේ සද්ද පූජා කරන්නෙ කියලා බලන්න මාත් නැගිටලා සාලෙ පැත්තට ආවා. එනකොට සාලෙ මැද්දෑවටම වෙලා අපේ මලයයි මලයගෙ වෙන්න මස්සිනායි මස්සිනාගේ යාලුවො සෙට් එකයි අවුරුදු උත්සවේ හොඳම හිනාවට ප්‍රැක්ටිස් කරනවා.

මල සමයං බෝල සබන් කියලා මං ගිහින් කුස්සියට ඔලුව දැම්මා. මා මෑණියොයි නැන්දම්මයි බරටම වැඩ.

"ලොකූ... ගිහින් චූටි පුතාව ඇහැරවලා මේ කිරි එක දෙන්න."

යකෝ වෙන ගෙවල්වල බල්ලො ඇවිත් ගෙදර මිනිස්සුන්ව ඇහැරවන්නෙ. ඒකට මේකා.... අපි ඇහැරවගෙන ඇවිත් තව කිරිත් පොවන්න ඕන.

උට කිරි පොවලා ගෙට එනකොට චූටිත් අර හිනා සංගමේට මැදින් පැනලා. ඔය ඉන්නෙ හැටහතර මායම් පපා....

හොඳට තිබුන අපේ ගෙදර දැන් නිකන් චයිනීස් හොස්ටල් එකක් වගේ. ඇයි යකෝ... මේකෙ ලංකාවෙ මිනිස්සුන්ට වඩා ඉන්නෙ චීනකාරයො. වෙලාවකට මට හිතෙනවා ගේ ඉස්සරහා බෝඩ් එකක් එල්ලන්න 'චීන්නුන්ට නවාතැන් පහසුකම් සපයනු ලැබේ' කියලා.. අඩුම තරමේ ඒ වැඩෙන් කීයක් හරි හොයාගන්න වත් පුලුවන්.

අර ආපු සෙට් එකටත් ගම බලන්න ඕන කිව්ව හින්දා හවස් වෙලා මම කට්ටියවත් දක්කගෙන වෙලට ගියා. අනේ දෙයියනේ මේ වෙඩිමෙ වැඩ මදිවට වෙලකටත් බහින්න වුනානෙ.

චීන කාරයො ටික නම් වෙලට බැස්ස වෙලාවෙ ඉඳන් "වාහ්... වාව්.... සූස්...." ගගා හූල්ලනවා.

චීන්නු ටික වෙලේ අසිරිය විඳින අතරේ මල්ලි ගිහින් ඇල ලඟ පලු ගහ යටින් වාඩි වුණා. චූටි නම් වූ ඒ අසහාය මාර දූතිකාව පැත්තකට වෙලා සෙල්ෆි ගහනවා හරියට නිකන් ජීවිතේ පලවෙනි පාරට වෙලක් දැක්කා වගේ. ඔන්න ඔය අවස්ථාවෙ තමයි මගෙ අහිංසක හිතට කෲර අදහසක් ආවේ. ඕවා කල් දදා ඉන්න හොඳ නෑ. ඒ හින්දා වහාම ක්‍රියාත්මක වන පරිදි පස් කුට්ටියක් පිටින්ම ඉපනැල්ල ගලවලා ගත්ත මං ඒක අපේ මලයා හිටපු පැත්තට විසික් කලාම ඒක ගිහින් කොල්ලගෙ මූනෙ දේයි ගාලා වැදුනා.

*•.¸♡ The Proposal ♡¸.•* ✓|| JHS || Sinhala FanfictionWhere stories live. Discover now