"ප්‍රභාසංස්ලේෂණය.... බ්ම්හමමකෙඅමමහ්වමාමජ්කක්වොකංඅ..."
මොනාද අප්පා මිස් මේ කියවන්නේ. වට් එවර් මිස්ගේ කටහඩ ලස්සනයි. මිස් කියවපු මෙලෝ සසරක් තේරුනේ නැතත් මන් තේරෙනවා වගේ අහන් හිටියා.
දැන් ඔයාලා බලනවා ඇති මන් කව්ද කියලා. මන් ජොන් ජන්කුක් මට වයස අව්රුදු දාහතයි.මන් ඉගනගන්නේ ශින්වා හයි ස්කුල් එකේ.මන් ගැන කිව්වොත් ෆුල් ආතල් එකේ ඉන්න ආස කොල්ලෙක්. ඉස්කෝලෙම හැන්ඩියා මන් තමා. කොච්චර කෙල්ලෝ මගේ පස්සෙන් ආවත් මගේ පරම ක්‍රෂ් එක සයන්ස් උගන්නන මිස් ලී.ඔව් මේ වෙලාවෙත් අපිට තියෙන්නේ සයන්ස් තමා.මිස් මොනවදෝ මන්ද බෝඩ් එකේ ඇද ඇද කියලා දෙනවා එත් මට ඒ කිසි දෙයක් ඇහුනේ නැ. මන් හිටියේ මිස්ගේ මුණ දිහා බලාගෙන මනෝ ලෝකෙක.එත් වැඩි වෙලාවක් යන්න කලින් ඒ හීන මාලිගාව බිදුනේ මගේ පාප මිත්‍රයා පිටිපස්සේ ඉදන් කෑ ගහනවා ඇහුනු සද්දෙට.. මේ යකා නම්.....
"අඩෝ කුකා උබ මොන ලෝකෙද ඉන්නේ අරහේ මිස් දාගෙන කියවනවා."
"අය්ශ් කොටෝ තෝ නම්. ආතල් කන්න එපා යකෝ. ලස්සන මනෝ පාරක් ගගහා හිටියේ.."
"ආතල් වෙයි මිසා උබෙන් ප්‍රශ්නයක් එහෙම ඇහුවොත්.."
"හැක හැක තමා."
මන් මගේ පාප මිත්‍රයා උණු ජිමින්ට රවලා ආයේම ඉස්සරහට හැරුනා. හාම් දැන්නම් නිදි මතයි වගේ එත් මිස් ලී ඉස්සරහ නින්ද යන්නෙත් නැ.මන් ඩෙස්ක් එකට ඔලුව තියන් කල්පනා කර කර හිටියා.
"ජන්කුක්......"
"අහ්.... හුම්ම්ම්... බේබී... ඔයා ගෙදර ආවද? එන්න අපි දෙන්නා යන් වොෂ් දාන්න...."
"යා ජොන් ජන්කුක් තමුන් මාව විහිලුවකට ගත්තද?"
අහ් මිසිස් ලී.. හුටා ඒක හීනයක් නෙවෙයිද? මන් පුටුවත් පෙරලගෙන නැගිට්ටා. ඔව් මට පාඩම අතරමග නින්ද ගිහිල්ලා. මන් නැගිටිනකොට මිස් ලී බැදලා කනවද උයලා කනවද කියලා හිතා ගන්න බැරි ලුක් එකකින් මගේ දිහා බලන් ඉන්නවා. ඒ වගේම පන්තියේ අනිත් ළමයි අහක බලන් හිනා වෙනවා.
"මි... මිස් ලී...."
"ජන්කුක්.... මන් තමුන්ට කි පාරක් කියලා තියනවද මගේ පන්තිය අතරමැද නිදාගන්න තහනම් කියලා."
ඔය කොලේ දැන් හරිනේ.....
"අහ් මේ මේ සෝ.. සොරි මිස් ලී..."
එත් මිස්ගේ පෙනුම නම් වෙනස් උනේ නැ.
"අවුට්.."
"මිස්..."
"අයි සෙඩ් ගෙට් අවුට්....."
මොන විලි ලැජ්ජාවක් ද අප්පා ඒ? ක්‍රෂ් එක පන්තියෙන් එලියට යන්න කිව්වනේ. එත් මොනා කරන්නද යන්නම වෙනවා.මන් එලියට ගියා.
********************************
Hi guys bye ladies....
මන් ගියා....මොනාහරි කියන්න හොදයි නම්
See yaaaa..........
Love yaaaa........ ❤
YOU ARE READING
|| Miss Lee|| JK x IU || Completed ||
Fanfictionආදරේ කරන්න නිෂ්චිත වයසක් ඕනමද? මන් හිතන්නේ නැ. කැමතිද අපේ කතාව අහන්න.... ඒනම් එන්න අපිත් එක්ක.... *this is my fourth fanfic and also my third bts fan fic... this is boy x girl ff