chapter 14

148 40 18
                                    

Dream girl
14 කොටස

දැන් වෙලාව හවස 7.00යි. ඔන්න ඉතින් කට්ටියත් එක්ක ශොපින් කරන්න ආවා. කෙල්ලො ටික නම් අද මුලු කඩේම සුද්ද කරයි වගේ.

"එස්කියුස් මී.. පාටි ෆ්‍රොක්ස් තියෙන්නේ කොහෙද?"

" ඒවා මිස් 4 වෙනි තට්ටුවෙ ඇත්තෙ. අර ලිෆ්ට් එකෙන් යන්න."

"ආහ්..ඕකේ.. තෑන්ක්ස්😊"

හශී පාටි ෆ්‍රොක්ස් බලන්න හිතාගෙන ලිෆ්ට් එකට නැග්ගා. ලිෆ්ට් එකේ දොර වැහෙනවත් එක්කම ජිමින් දුවලා ඇවිත් දොර නවත්තලා ලිෆ්ට් එකට නැග ගත්තා. දැන් ලිෆ්ට් එකේ ඉන්නෙ හශීයි ජිමිනුයි විතරයි. ජිමින් ලිෆ්ට් එකට නැග්ගා විතරයි හශීගෙ හාට් බීට් එක ටිකක් වැඩි උනා.

ඒ අතරෙ අනිත් කට්ටිය ඔක්කොම පහල flow එකේ ඉදන් ඇදුම් තෝරනවා.

" ජින්... ඒයී... කෝ අප්පා.. කියන්නකො මේ හැට් එක ලස්සනද?"

" ඔය මොන හැට් එක දැම්මත් මගෙ මැණික හරිම ලස්සනයි 😘."

"ජින් ඔප්පේ ඉස්සරහට ඔයා අපේ සෙහාට වියදම් කරලාම හිගන්නෙක් වේවී හොදේ😅"

" අනේ මේ යනවා යන්න. මම ඒම නෑ නේද ඔප්පේ...🤭😘"

"හ්ම්ම් හ්ම්ම් ඔයා ඒම නෑමයි🤭. ඒත් මොකද මගෙ මැණික ලස්සනට ඉන්නකොට මටනෙ ආඩම්බර ." එහෙම කියලා ජින් සෙහාගෙ නලල ඉම්බා.🤭

" අම්මෝ ඕයි..බලපන්කො ඒ දෙන්නා😅"

"ඒකනෙ අප්පා.. අපි තාම සූටි ලමයි නේද කුකියෝ🤭 සැක් සැජ්ජාවෙ බෑ."

සෙනු කුකීගෙ කරටත් අත දාගෙන ජින්ටයි සෙහාටයි ආතල් දෙන්න පටන් ගත්තා.

" මේ කට්ටිය.. මම කාඩ් එක කාර් එකේ දාලා ඇවිත් ඒක අරගෙන මම ඉක්මනට එන්නම්.😉"

සදී කාඩ් එක ගන්න ශොප් එකෙන් එලියට බැහැලා කාර් එක ලගට යන ගමන් හිටියේ.

" ඔහොම ඉන්න සදී අක්කෙ මාත් එනෝ"

සදී කාර් එක ලගට ගිහින් දොර ඇරලා කාඩ් එක ගත්තා.

"ආ...හ්.."

කෙනෙක් කෑගහනවා වගේ ඇහුනු නිසා සදී පිටිපස්ස බැලුවෙ.

𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁𝕄 𝕗𝕗 ]Where stories live. Discover now