කාලය ගත වෙලා ගියෙ තටු ලැබුණා වගේ. එදා ඒ දවසින් පස්සෙ මං කැෆේ කෙල්ලව මේ වෙනකල් දැක්කෙ නෑ. මං එයා වැඩ කරපු කැෆේ එකට පවා ගියා. ඒත් එතනිනුත් එයා අයින් වෙලා.
එදා ඒ සිද්ධ වුණු දේ ගැන අද මං දහස් වාරයක් පසු තැවෙනවා. කෙනෙක්ගෙ අගය දැනෙන්නෙ එයා ළඟ නැති වුණාම කියන කතාව ඇත්තක් කරල හැම වෙලාවකම එයා මගෙ හිතේ හොල්මන් කළා.
හැමදාම කොලේජ් යද්දි මං බලාගෙන ඉන්නෙ ඒ අතුරු පාර ළඟ අද එයා ඉඳියිද කියල. පාරෙ යද්දි පුලුවන් තරම් වට පිටාවට ඇස් යැව්වෙ මඟ තොටකදිවත් එයාව දකින්න ලැබෙයි කියල.
ඒත් එක හොඳක් වුණා. මං සම්පූර්ණයෙන් ම වෙනස් කෙනෙක් වෙලා දැන්. පරණ පුරුදු අතෑරලා දාලා ජීවිතේ වෙනස් විදියට දකින්න පුරුදු වුණා. ආදරේ හොයන්න කලින් ආදරේ බෙදන්න පුරුදු වුණා......එයා වගේම.
හැමදෙයක්ම අවසානෙදි මං තේරුම් ගත්තෙ පුංචිම පුංචි වචන තුනකට ජීවිතයක් කණපිට හරවන්න පුලුවන් කියලා. හරියට මට වුණා වගේ.
- The End -
A/N :-
කොහොමද චොකෝ බබීලා.
හරි බොළඳයි නේද 😪💔
ජේගෙ ජීවිතේ වෙනස් කරපු වචන තුන මොනවද? හරි උත්තරේ නම් ලැබෙන එකක් නැති වෙයි කතාව ඔයාලට ගොඩක් සමීප නොවුණු නිසා. කමක් නෑ අනේ ඉතින් 💔
මේ මං ලියපු පළවෙනි Enhypen ff එක. මං Enhypen ff එකක් ලියන්න හිටියෙ Wanted ඉවර වුනාම. මේක හදිස්සියෙ හිතට ආපු අදහසක්. කතාව නම් එච්චර දිග නෑ.
පුලුවන් නම් ඔය කමෙන්ට් සෙක්‍ෂන් එකෙන් කතාව ගැන මොනාහරි කොටාගෙන යන්න. එතකොට ඔයාලත් සතුටින් මාත් සතුටින්😬
Saranghae Chocoz ❤️
✍Chimmy Choco
YOU ARE READING
Just Three Words [Completed]
Fanficජීවිතයක් කණපිට පෙරළන්න වචන තුනක් හොඳටම ඇති. Start :- 20.09.2021 End :- 23.09.2021 ✍Choco Bee