CHAPTER - 6

448 114 21
                                    

උදේ පාන්දර මගේ කන ලගින් කවුරු හරි කෑ ගහනෝ ඇහුනත් මම ඒක වැඩිය ගනන් ගන්නනේ නැතුව නිදාගත්තා..එතකොට තමයි සීතල අත් දෙකක් මගේ කකුල් දෙකේ ගෑවෙනෝ දැනුනේ...බය වෙච්ච පාර කෑ ගහන්න හැදුවත් එකපාරටම මාව ඇදෙන් බිමට වැටුනා..වැටුනා නෙමෙයි කවුරු හරි කෙනෙක් මගේ කකුල් වලින් ඇදලා ඇදෙන් බිමට දැම්මා...

" යා..මොකද්ද වෙලා තියෙන්නේ..උදේ පාන්දර..මොන මගුලක්ද..."

සැපට නිදාගෙන හිටපු නින්ද කැඩුවම එන කේන්තියක්..මම කොන්දත් අත ගගා ඇස් ඇරියම මගේ ඇස් දෙකට මුලින්ම පෙනුනේ කවුරු හරි කොල්ලෙක් කොන්දත් අත ගගා කාමරෙන් එලියට යනවා..ඒත් එක්ක තව කවුරු හරි දොර දිහාට ඇවිදගෙන ගිහින් ආයෙ මගේ දිහාට හැරුනා...

" තමුසේ තවත් බිම ඉදන් පොල් ගානවද...ඒජන්සියට යන්න තියෙනවා..ලෑස්ති වෙනවා...ඉක්මන් කරනවා මිංකුක්..."

ආයිශ්....මේ වොන්....ආහ්...මේ මනුස්සයට හ්‍යුන් කියලා කියන්නවත් හිතෙන්නෙ නෑ..මම පොල් ගානෝ නෙමෙයි හක්කේ දත් එනකන් මෙතන ඉන්නේ...මොන කරදරයක්ද....

" මගේ නම ජංකුක්..ජං කු ක්..."

මම ආව කේන්තියට කොන්දත් අත ගගා කාමරෙන් එලියට ආවෙ තව කාමරේ ඇතුලේ හිටියොත් ආයෙත් බැනුම් අහන්න වෙන නිසා..

" කුක්...කුකී...ආ ඔයාගේ කිරි එක බීලා ඉන්න.."

කේන්තියෙන් බාතෲම් එක පැත්තට ගියාට මම එහෙම්මම බ්‍රේක් ගැහැව්වේ ජින් හ්‍යුන්ගේ වොයිස් එකට...මම අඩන්න ඔන්න මෙන්න මූනකුත් හදාගෙන ජින් හ්‍යුන් ලගට ගිහින් එයාගේ අතේ තියෙන කිරි එක අරගෙන බොන්න පටන් ගත්තා...

" ගුඩ් මෝනින් කුකී..මොකද අඩන්න වගේ...මෙහේ පුරුදු නැති නිසාද..."

"ජ්..ජින්..ජින් හ්‍යුන්...අර වොන්ශි මාව ඇදෙන් තල්ලු කලා..කොන්ද රිදෙනවා හ්‍යුන්..උදේ පාන්දර බැන්නත් එක්ක..."

" අයිගූ...ඒකද මේ...කෝ කොතනද වැදුනේ...අපි බාම් ටිකක්.ගාමුද...සූබිනුත් කොන්දත් අත ගගා ගියෙ ඒක තමයි එහෙනම්..අනිත් දවසෙ මම එන්නම් ඔයාලව ඇහැරවන්න..."

ජින් හ්‍යුන් මගේ කොන්ද ලාවට මසාජ් කරන ගමන් හිටියේ...

" ජින්ශී..මේක ඩේ කෙයා එකක්ද...තොත්ත බබාලව බලාගන්න නෙමෙයි මම ආවෙ...ඔය කොල්ලට ඉක්මනට ලෑස්ති වෙන්න කියන්න...දැන් වාහනෙත් ඇවිත් ඇති..."

COME BACK TO ME HYUNG|| JINKOOK ✅Where stories live. Discover now