Back to London - Ep. 05 🔮

205 65 149
                                    

🌆

2021 -

Seoul, South Korea -

හෝසොක් ටේ එක්කම ගෙදර ආවේ ටිකක් රෑ වෙලා.. හැමදාම වගේ ලේ ගත්තට පස්සෙ හෝසොක්ගෙ ඇගට අමුතු පණක් ආවත් මේ දේ දිගින් දිගටම කිරීම ජීවිතේට අනතුරක් බව හෝසොක් දැනන් හිටියා.. ශරීරයේ මේ විකෘති භාවය නිසා මානසිකව වදවිදීම වසර 160ක තියාම හෝසොක්ගෙ ඇගට කාවැදී තිබුනේ.. නමුත් ටේට ඕන වුනේ හෝසොක් ලගම ඉදන් තමන්ගෙ හෙයොන්ග්ගෙ සෞඛ්‍යය ගැන බලන්න.. ටේ තමන් දන්න හැම ශිල්පයම දාලා හෝසොක්ව ජීවත් කරවන්නයි උත්සාහ කරන්නෙ... ඒ ටේට ඉන්න එකම පවුල හෝසොක් වුනු නිසා වෙන්නැති...

" ටේහෙයෝන්... "

හෝසොක් ගෙට ඇතුලු වෙනගමන්ම තමන්ගෙ පස්සෙන් එන ටේට ඇමතුවෙ මූණවත් නොබලා..

" ඔව් හෙයොන්ග්.. 🙄 '

" ඔයා මහන්සි වෙන්න එපා.. "

හෝසොක් එහෙම කිව්වෙ සාලෙදිම බ්ලේසර් එක ගලවන ගමන්.. ටේ කුතුහලෙන් හෝසොක් දිහා බලන්ම සැටියෙන් හාන්සි වුනා..

" මොකක්ද මහන්සි 🙄 "

" ඔය එක එක ටෙස්ට් කරන්නෙ රෑ එලි වෙනකම්.. මහන්සි වෙන්න එපා.. උබ ලෙඩ වුනොත්.. මට උබවත් නැති වෙයි ටේහෙයෝන් 😐 "

දුක්බර හඩක් හෝසොක්ගෙ කටින් පිට වුනේ කළකිරීමෙන් යුතු සුසුමන් මුදාහරින ගමන්.. ඒ එක්කම ටේ සැටියෙන් නැගිටලා හෝසොක් ලග හිටගෙන උරහිසට අත තියලා ලාවට හිනා වුනා...

" මට හෙයොන්ග් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ.. මේ අහන්න.. හෙයොන්ග් එන්න එන්න වීක් වෙනවා.. අපිට මොකක් හරි ක්‍රමයක් ලැබෙනවා.. දැන් තාක්ෂණය ගොඩක් දියුනුයි...හෙයොන්ග් බය වෙන්නෙපා මේ ටේ ඉන්නකම් 🙂 "

" ඒකමයි මට බය.. 😪 "

" හෙයොන්ග් 😑 "

" ටේ මේ අහපං.. මම කියන දේ හොදට අහනවා... මට මෙහෙම වුනේ කොහොමද කියලා ඔයා හොදටම දන්නවා.. මම ඇවිදින මළකදක්. මම මැරුණු මිනිහෙක් ටේ.. මාව ජීවත් කරවන්න උබ මහන්සි වෙලා උබේ ජීවිතේ අනතුරේ දාගන්නෙපා.. මට ආදරෙයි නම්.. මේවා නවත්තන්න.. මාව වීක් වෙනවා මට තේරෙනවා.. මං ඒකට කැමති.. මට ඕනත් ඒකමයි... "

LAMIA | The Undead Love | JH Where stories live. Discover now