🌳
2021 -
London, England -
One Day Ago -
" අහ්හ්... එහෙනම් උබ මේ කැලේ අස්සටත් ආවා.. මොන හයියක්ද... මගෙ අම්මව පිස්සියෙක් කරලා ගිය එකා.. මං උබව කවදාවත් නොදැක්කට.. ඔය සුවද අදුරන්න පුලුවන්.. මොන දරුවටද තමන්ගෙ අප්පව අදුරගන්න බැරි.. කවදම හරි එයි කියලා මට නිකන් හීනෙන් වගෙ හිතුනා... වරෙන් උබ එනකම් තමයි බලන් හිටියේ... ජන්ග් හෝසොක්...... මහලොකු අප්පා මගෙ.. 😈 "
තනාටෝස් ( ජන්ග්කුක් ) තනියම මුමුණ මුමුණ මායා මන්දිරයෙ බැල්කනි එකට වෙලා ඈත අහසට ඇස් යවන් හිටියේ තරහින් රතු වෙල...
වසර 150ක් තිස්සෙම කිසිම අතුරු ආබාධයකින් තොරව තනාටෝස් ජීවත් වුනේ අමරණීය නිසා නම් නෙමෙ.. ඒ මායා බලයෙන් මරණය පහු කරන්න පුලුවන්කම තිබුනු නිසා... ග්‍රීක පුරාවෘත්තයන්ට අනුව තනාටෝස් යනු මරණයේ දෙවියන්.. මරණයේ දෙවියන් තමන්ගෙ ශරීරයෙන් වෙන් වුනත් මේ ලෝකෙ හැම මරණකට හේතූකාරකය වෙන්නෙ එයාමයි..
උපතින්ම මායා ආභාසය ලබා හිටිය තනාටෝස් තමන්ගෙම මායා බලයෙන් කැලේ ඊසානදිගට වෙන්න කදු පාමුල හදාගත්තු මායා මන්දිරයක ජීවත් වුනේ, මායා බලයෙන් උන්මත්තකයෙකු වගෙ වැරදිකරපු මිනිස්සුන්ට දඩුවම් දෙමින්...
YOU ARE READING
LAMIA | The Undead Love | JH
Fanfictionආදරයට ඇබ්බැහි වූ මිනිස්සුන් ආත්ම ගණනක් එකම මාවතේ ගමන් කරනු ඇත.. සංසාරය කෙතරම් දිගද, එතරම්ම ගමන් කළ ලාමියා හා ජන්ග් හෝසොක් පුරාවෘත්තය මෙසේ ගෙන එමි.. Based on Dark Magic - Jung Hoseok Fan Fiction Mix With Greek Mythology 🔮 💞🔞🚭🔮🍃🐍 Started 📅 :...