සවස් වනවිට සියපත් මණ්ඩපය වෙතට බොහෝ අමුත්තන් රැස්ව සිටි අතර ඒ පිරිස් අතර නිඒ නිකාය, ජින් නිකාය, ලන් නිකාය, යාඔ නිකාය සහ තව කුඩා නිකායන් රැසක පිරිස් ද සිටියහ. එමෙන්ම යී නගරයේ ජීවත්වූ ශියාඕ ශින්චෙන්, සොන්ග් ලන් සහ ෂුඒ යන්ග් ද පැමිණ සිටියහ. ඔවුන් සමග ආ චිං නොවූ අතර ඇය අසල නගරයක වූ තරුණයකු හා ඇතිවූ පලහිලව්වක ප්‍රතිඵලයක් ලෙස හඳපානේ පලා ගොස් තිබුණා ය.
කාලයක් සමග බොහෝ දෑ විපර්යාසයන්ට ලක්ව තිබුණි.
ජින් නිකායේ වර්තමාන නිකාය ප්‍රධානී ජින් ගුවන්යාඕ විය. ඔහු උත්සවයට සහභාගී වී තිබුණේ තම මලයණ්ඩියක වූ මෝ ශුවාන්යු ද සමගය. ජින් ගුවන්යාඕ රන් පැහැ වස්ත්‍රයක් හැඳ සිටි අතර එහි ඉදිරිපස ජපා* පුෂ්පයක් මසා තිබුණි. ජින් ගුවන්යාඕ ඒ වන විට වගා ලෝකයේ ජීවත් වූ කඩවසම්ම තරුණයකු බවට විවාදයක් නොවූයේ සිනහසෙන විට ඔහුගේ කොපුල්වල ඇතිවුණු වළවල්* නිසාවෙනි. ඔහු වෙත නිතරම දෑස් රඳවාගත් උසස් වගාවේදී පවුල්වල තරුණියන් සිටි බව නොරහසක් වූ නමුදු ප්‍රධානී ජින් ඔවුන් වෙත කිසිදු අවධානයක් යොමු නොකළ බව දැකගන්නට ලැබීණි. ඔහු සරණයක් කර ගැනීමට නොවෙහෙසුණු නමුදු ඔහුගේ මලයණ්ඩිය ඊට හාත්පසින්ම වෙනස් චරිතයක් විය.
ඔහු ප්‍රසිද්ධියේම තරුණයන් හා සම්බන්ධතා පැවැත්වූ අතර එය ජින් ගුවන්යාඕට ගැටලුවක් වූ බවක් පෙනෙන්නට නොවීය. ඔහු තම මලයණ්ඩියට ඔහුගේ ජීවිතය විඳීමට ඉඩ සලසා තිබුණි. නමුත් වගාවේදය ප්‍රගුණකිරීම සම්බන්ධයෙන් නම් ඔහු තම මලයණ්ඩිය ඒ වෙත යොමු කිරීමට දැඩි උත්සාහයක් ගත් නමුත් එය සාර්ථක බවක් පළ නොකළේ ය. එම නිසා ඔහුව ඊට පෙළඹීම නතර කොට දැමූ ඔහුට රිසි අවස්ථාවක එය හැදෑරීමට ඉඩ හළේ ය.
ජින් ගුවන්යාඕට පූර්වයෙන් ජින් නිකායේ ප්‍රධානී තනතුර ජින් ශිෂුවාන් වෙත නියම ව තිබූ නමුත් නායක තනතුරුවලින් දූරස්ව තම කුඩා පවුල සමග ආරක්ෂිතව සහ ප්‍රීතියෙන් ජීවත් වීමට රිසි වූ ඔහු තම පියා වූ ජින් ගුවන්ෂාන්ගේ අභාවයෙන් පසු තම බිරිඳ හා පුතු සමග සියපත් මණ්ඩපයට වෙත පැමිණි එහි ජීවත්වීමට තීරණය කළේ ය. ඔහුගේ තීරණය පිළිබඳව සතුටට පත්වූ ජින් මහත්මිය ද ඔවුන්ට තම ආශීර්වාදය ලබා දුන් අතර ඈ මීට වසර කිහිපයකට ඉහත දී තම අමරණීයත්වය හැර දැමුවා ය. එතැන් සිට සියපත් නිකායේ වෙසෙමින් තම මාමණ්ඩියට හා චෙන්ග් මලයණ්ඩියට උපකාර කරමින් ජීවත් වූ ඔහු අත්‍යවශ්‍යම කරුණකට හැරුණු විට රන් කුළුණු ප්‍රාසාදය* වෙතට පිවිසියේ නැත.
නිඒ නිකාය පිළිබඳ පැවසුවහොත් එහි වත්මන් නිකාය ප්‍රධානී නිඒ මින්ජුඒ විය. ඔහුගේ මලණුවන් වූ නිඒ හුවයිසන්ග් වෙත ප්‍රධානීත්වය පිළිබඳ කිසිදු ආශාවක් නොවූ හේතුවෙන් ඔහුට එම තනතුර දැරීමට සිදු විය. ඔහු එතෙකුදු තනිකඩව සිටියේ ඔහුගේ හද අරක්ගත් තැනැත්තා වෙනත් අයෙක්ට පෙම් කරන බවට අවබෝධ කරගත් නිසාවෙනි. තම ඒකපාර්ශ්වික ප්‍රේමය සඵල කරගත නොහැකි වූ ඔහු සදාතනිකව තනිකඩව සිටීමට තීරණය කොට තිබුණි.
එනමුදු ඔහුගේ මලයණ්ඩිය ඔහුටත් සරිලන පරිද්දෙන් බිරින්දෑවරුන් දෙදෙනෙකු සරණ කොට ගෙන සිටි අතර ඔවුහු ද ඔහු මෙන්ම කලාවට දැඩි ලෙස ආලය බැන්දවුන් වූහ. ඔවුහු තිදෙනා එක්ව නොඑක් අන්දමේ විවිධ කලාත්මක දෑ නිර්මාණය කළ අතර ඒවා බොහෝ සෙයින් ජනාදරයට ද පත්විය.
නැවත යුන්මෙන්ග් සියපත් මණ්ඩපයේ උත්සවය දෙසට අවධානය යොමු කළහොත්.......
* ජපා පුෂ්පය - Rose Flower 🌹
* කොපුල්වල ඇති වළවල් - Dimples 🤭
* රන් කුළුණු ප්‍රසාදය - Golden Koi Tower
YOU ARE READING
වලා සියපත් ( නිමාවී ඇත.)
Fanfictionවලා අසපුවෙහි නිහඬ බව බිඳිමින් ඇසුණේ මහ හඬින් කළ කෑ ගැසීමකි. "ලන් ඡාන්................." "................... අපි ඒ දෙන්නා ඒ පැත්තට ගිහින් හිටපු හාවෙක්ව අරන් එන්න ගිය වෙලේ මාව බිම තිබුණු අත්තක පැටලිලා වැටෙන්න ගිය වෙලේ ඒක වුනේ." මෙය Mo Dao Zu Shi නවකත...