අවසානය

582 87 22
                                    

“ඒ තමා ලන් .........”

“වන්ග්ජි?” ෆෙන්ග්මියන් ඌනපූරණය කළේ ය. තම නම ඇසුණු විගස ලන් වන්ග්ජි ඒ දෙසට හැරුණු අතර තම අත වූ සියපත් ටාර්ට් බඳුන පසෙකලා වන්ග්ජිගේ අතින් ඇද ගෙන වූෂියෑන් එතැනට පැමිණියේ කිසිවකට පහසුවෙන් පටනොලැවෙන තම ලන් චන්ගේ නම කුමක් වෙනුවෙන් කියවුණාද යන්න සොයාගැනීමේ අරමුණෙනි.

“ලන් චන්?”‍

“ඇයි ලන් චන්ගේ නම කිව්වේ?” යි විමසුවේ ජියැන්ග් චෙන්ග්, තම මාමණ්ඩිය, නැන්දණිය හා එතැන රැස්ව සිටියවුන්ගේ මුහුණු වෙත දෑස් යොමු කරවමිනි.

“නෑ. ආ ෂියෑන්. අපි ඇහුවා ආ චෙන්ග්ගෙන් එයා වගාලෝකේ කැමති කෙනෙක් ඉන්නවා ද කියලා....”

“ඉතින් එයා කිව්වා ලන් වන්ග්ජි කියලා” වූෂියෑන්ගේ මුව තරහින් පිපිරීමට ආසන්න විය. ‍

“ආපෝ.. මට වෙන කවුරු නැතත් ඔයාගේ ලන් චන් නම් ඕනේ නැහැ.” යි ඇනුම් පදයක් එල්ල කළේ ජියැන්ග් චෙන්ග් ය.
ඔහුගේ ප්‍රතිචාරය ඉදිරියේ තවත් කුපිත වූ වූෂියෑන් “ඇයි ලන් චන්ගේ තියෙන වැරැද්ද මොකක් ද? ඔයා එයාට කැමති වුණත් මම නම් ඔයාට එයාව නම් දෙන්නේ නැහැ.” යි කීවේ ලන් වන්ග්ජිගේ අතින් අල්ලාගෙන ඔහුට  ළං වෙමිනි.  

එයාගේ ඇගේ තියෙන හැම අංශුවක්ම අයිති මට” යි පැවසුවේ ය. “එතකොට මට මගේ මුකුත්ම අයිති නැද්ද?” යි විමසුවේ එතෙක් වේලා නිහඬව සිටි ලන් වන්ග්ජි ය. “ඇයි ඔයාට මං ඉන්නේ. මගේ හැම දෙයක්ම අයිති ඔයාට.” ඒ අසා ලන් වන්ග්ජි ආඩම්බරයෙන් මෙන්ම ලජ්ජාවෙන් රක්ත පැහැ විය. වන්ග්ජිගේ රතුවූ මුහුණ දෙස මදක් බලා සිටි වූෂියෑන් ඔහු වෙත නැමී ඔහුගේ දෙතොල් මත සිහින් හාදුවක් තැබුවේ අවට සිටියවුන්ගේ මුවවලින් “සූස්!” හඬක් පිට කරවමිනි. ඒ සූස් හඬ නිසාවෙන් ශාලාවේ සිටි බොහෝ දෙනාගේ අවධානය ලන්-ජියැන්ග් නව ජවනිකාව දෙසට යොමු වී තිබුණි. මුව අවඥාවෙන් බරව තිබූ ඔහුගේ සොහොයුරා දෙසට නැවත හැරුණු වූෂියෑන් “අනිත් එක තමා ඔයා කොහොම ද එයාට ලන් චන් කියලා කතා කරන්නේ ? සිචෙන් අයියණ්ඩිවත් එහෙම කතා කරන්නේ නැහැ. මම විතරයි එයාට එහෙම කතා කරන්නේ.” පැවසුවේ ය.

වලා සියපත් ( නිමාවී ඇත.)Where stories live. Discover now