Chapter 1

183 22 5
                                    

ලී දෝයෝන් POV :

"ඔය කෑම එක හරියට කනවකෝ. පෙරේතයෙක් වගේ බෙදාගෙන කන්නැතුව." මම කෑ ගැහුවේ මගේ යාලුවා චෝයි මින් දෝ ට.

"යා... දෝයෝනාහ්, දැන් මට ඔහේ උපදෙස් දෙන්නේ ඔයා පිළිවෙලට කනවා කියලා හිතාගෙනද?" මින්දෝ කෑගැහුවේ මට. මම තමා ලී දෝයොන්. උසස් පාසලේ දෙවන වසරේ ශිෂ්‍යාවක්. එතකොට මින්දෝ කියන්නේ මගේ හොඳම යාළුවා. ඔව් එයා කොල්ලෙක් තමයි. ඇයි කෙල්ලොන්ට කොල්ලොත් එක්ක යාළුවෝ විදිහට ඉන්න බෑ කියා කොහේ හරි නීතියක් තියෙනවද? නෑනේ නෑනේ.

"මේහ්! තමුසේලා කතාව නවත්තලා පාඩුවේ කනවද?  මෙතන ඉස්කෝලෙ කැන්ටිම නෙවෙයිනේ ඔහොම රණ්ඩු වෙන්න. මේක නැවක්. අනික අපි පිට තැනකට ඇවිත් ඉන්නේ. හොඳට හැසිරෙන්නකෝ " මින් හා කෑ ගැහුවා. ඒ ඉන්නේ මගේ අනිත් හොඳම යාළුවා සහ මින් දෝ ගේ වන් ඇන්ඩ් ඔන්ලි එකම නිවුන් සහෝදරී චෝයි මින් හා. අපි තුන්දෙනා පොඩිකාලේ ඉඳළම ගොඩක් හොඳ යාළුවෝ.

"තමුසේ ඇත්තටම මින් දෝගේ නංගිමද කියලා මට හිතාගන්න බෑ බං. උඹලා දෙන්නා හරි වෙනස් නේ. " මම කිව්වා.

"ඒක තමයි මට හිතාගන්න බැරි. දවසක ඔම්මගෙන් අහන්න ඕනේ මේ මගේ ට්විනාමද කියලා." මින් හා කිව්වේ මින් දෝ ට රවන ගමන්.

" දැන් උඹලා දෙන්න රණ්ඩු වෙලා ඉවර නම් අපි කමුද?" මේ නැවේ දෙපැත්තට වැනි වැනි ඉඳලා ම මට හරි මහන්සියි. ඊයේ රෑ හරියට නින්ද ගියෙත් නෑ" මං කිව්වේ ලොකු ඈනුමක් අරින ගමන්.

ඔයාලා බලනවා ඇති ඇයි අපි මේ නැවක් ගැන කියන්නෙ කියලා ඔව් අපි ඉන්නේ නැවක තමයි. එ්කේ නම Sewol Ferry. හරි ලස්සන නැවක්. අපි ඉස්කෝලෙන් ජේජු වලට ට්‍රිප් එකක් ආවා. ඒ අතරේ තමයි මේ නැවේ යන්නේ. ඊයේ ඉඳන් මේක ඇතුළේ තමයි. අද 2014 අප්‍රේල් 16. හරි ලස්සන දවසක්. අපි ඔක්කොම ළමයි තුන්සිය ගානක් විතර නැවේ හිටියා. අපි හැමෝම ගොඩක් විනෝද වෙන ගමන් හිටියේ. ඉතින් දැන් උදේ කෑම වෙලාවේ අපි පොඩ්ඩක් රණ්ඩු උනා. ආතල් එකට දන්නැද්ද ඉතින්.

"මේ අපි පොඩි photoshoot එකක් වත් කරමුද? මම ෆොටෝ ගන්න ගොඩක් ගන්න හිතාගෙන මෙහේ ආවේ. තමුසෙලා කනබනේ විතරයිනේ. එන්නකෝ සෙල්ෆියක් වත් ගහන්න." මින්දෝ රවන ගමන් කිව්වා.
" දැන් මෙතන කෑම ඉස්සර කර ගත්තේ අපි ද? හා හා එහෙනම් එන්නකෝ. අපි කන ගමන් ම ගහමු. මම මින් දෝ ගේ පිටට තට්ටුවක් දාන ගමන් කිව්වා.

SPRING DAY WILL COME SOON║ˢᵉʷᵒˡ ᶠᵉʳʳʸ ᵗʳᵃᵍᵉᵈʸ║✔︎Where stories live. Discover now