Author's Note...🙃

66 13 8
                                    

කතාව ඉවරායී.........

මට කියන්න නම් ගොඩක් දේවල් නෑ ඉතින්😁

පොඩීම පොඩි කතාවක්. ඒත් මං මේ කතාව ඇතුලේ මුළු Spring Day ගීතය පුරාම තිබුණ ඇතැම් වාක්‍ය, ඉඟි, රූපක වැනි දේවල් ගොඩක් නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කළා. මම දන්නෑ ඔයාලට මට දැනුණා වගේම මේ කතාව ෆීල් වුණාද නැද්ද කියලා. ඒ නිසා ඔයාලට මේ කතාවෙන් දැනුණු දේවල් කියගෙන යන්නත් අමතක කරන්න එපා.

ඇත්තටම මෙච්චර සීරියස් කතාවක් මම ලිව්වමයි වෙන්න ඇති. මං ගොඩක් හොඳට දන්නේ fantasy කතා ලියන්න තමයි. ඒත් මේක ටිකක් සීරියස් වැඩිද මන්දා. ඒත් මේක ඇතුළටත් අන්තිමට fantasy කොටසක් කොහොමහරි රිංගවලා ලිව්වා.

ඒ නිසා මේ ඕතර් තමයි හොඳටම කරලා තියෙන්නේ😌

මට මේ කතාවට අදහස ආවේ මම Ceylon Bangtan කියන යූ ටියුබ් චැනල් එකේ මේ ගීතය ගැන තිබුණු වීඩියෝස් බැලුවට පස්සේ. ඒ නිසා මට මේ අදහසට උදව් කරපු ඒ වැනල් එකටත් ගොඩක් ස්තූති කළ යුතුයි.

ඇත්තටම මම ARMY කෙනෙක් කලේ මේ ලස්සන සින්දුව Spring Day. මම මුලින්ම BTS ලාගේ අහපු සින්දුව මේක නොවුණාට මාව ARMY කෙනෙක් කරපු Spring Day සින්දුවට මම ගොඩක් ආදරෙයි. ඒ නිසාම තමයි මම හිතුවේ මේ ගැන කතාවක් ලියන්න.💜😌

මං මේ කතාවෙන් ගීතයේ තිබුණු කොයි වගේ තැන් ද ඉස්මතු කරලා පෙන්නන්න උත්සාහ කළේ කියලා ළඟදීම Special chapter එකකින් කියන්නම්.

මාත් එක්ක මේ කතාව පුරාවටම හිටපු, කතාව කියවලා වෝට්, කමෙන්ට් කරපු, මාව ධෛර්යමත් කරපු හැමෝටම තෑන්ක් යූ.

එහෙනම් හෙට ඉඳන් අනිත් කතා දෙකේ අප්ඩේට්ස් දෙන්නම්. ඒවගේ අප්ඩේට්ස් පරක්කු වුණේ මේ කතාව හින්දා. සොරි ඒකට. ඒත් මේ කතාව කොහොමහරි ඉක්මනට ඉවර කරන්න මගේ හිතේ තිබුණා. ඉතින් මම ඒක කරලා ඉවර කළා.

ළඟදීම විශේෂ පරිච්ඡේදයකුත් දෙන්න අදහසක් තියෙනවා මට මේ කතාව ගැන විස්තර කරලා. ඒත් ඒක දෙන දවස හරියටම කියන්න බෑ.

එහෙනම් හැමෝටම,

බායි...💜

You never walk alone...🙃

🙃

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
SPRING DAY WILL COME SOON║ˢᵉʷᵒˡ ᶠᵉʳʳʸ ᵗʳᵃᵍᵉᵈʸ║✔︎Donde viven las historias. Descúbrelo ahora