මට මතක මම පහලට ලිස්සලා ගිහින් නැව් තට්ටුවේ වදිනවා විතරයි. ඒත් එක්කම මට දැනුණේ ලවණ රසැති මුහුදු වතුරේ ස්පර්ශය විතරමයි. මගේ පෙණහළු වතුරෙන් පිරිලා යද්දී මට දැනුනේ ලොකු වේදනාවක්. මගේ ඇටකටු ඔක්කෝම බිඳිලා ගිහින් වගේ හැඟීමක් විතරයි දැනුණේ. ඒත් එක්කම මම පොඩි විවේකයක් ගන්න හිතුවා. මම මගේ ඇස් පියා ගත්තා.
ඒත් ඒ විවේකය අවසන් කරමින් මගේ හිත මට ආපහු අවදිවෙන්න අණකළා. ඒ නිසා මම ඇස් දෙක ඇරියේ මට මොනාද උනේ කියල කල්පනා කරන ගමන්. මම මැරිල ද? නැද්ද?
ඇස් ඇරපු මම දැක්කේ නිල් පාට ජලතලය විතරයි. මට දැනුනේ පාවෙලා යන හැඟීමක්. ඒත් එක්කම මම බැලුවේ වටපිට . ඔව් මම තාමත් ඉන්නේ නැව ඇතුලේ. ඒත් මාව ගිලෙන්නේ නෑ. මාව වතුර ඇතුලේ කිමිදෙනවා වගේ මට දැනුනේ. ඒත් එක්කම මම පහල මම වැටුන හරිය හොයාගෙන ගියා. මගේ අනුමානය හරි. මම මැරිලා. මගේ මළ සිරුර නැව් පතුලේ තැන්පත් වෙලා තිබුනා. මම ඒක දැක්කා. මට මගෙම සිරුර දිහා බලන්න ඉන්න ලොකු වුවමනාවක් තිබුණේ නෑ. මම ඒ නිසා වෙන අතකට පීනලා යන්න හදනකොටම හුරුපුරුදු හඬක් මට කතා කළා.
"දෝයෝන්, ඔයත්, ඔයත් මැරිලද?" මම හැරිලා බැලුවා. එතන හිටියේ දිලිසෙන විනිවිද පෙනෙන අවතාරයක්. ඒ වගේම එයාට තිබුණේ මින්හා ගේ මූණ. ඒ කියන්නේ එයත් මැරිලා? එතකොට මින්දෝ? එයාට මොකද උනේ?
"මින්හා? ඔයත් එතකොට..." මට ඊට එහා මොකුත් කියාගන්න බැරි වුණා. අපි දැනටමත් මේ ලෝකෙන් ඇත්තටම ගිහින් ඉවරයි.
"ඔව්, මේක අපේ දෛවය වෙන්නැති දෝයෝන්. අඩුම තරමේ මින් දෝ වත් බේරිලා ඇති නේද?" මින්හා ඇහුවා.
"එයා බේරිලා ඇති. අපි එයාව හොයාගමු" මම කිව්වේ අහල පහලකවත් එයා පේන්න ඉන්නවා ද කියලා බලන ගමන්.
අහල පහල බලනකොට මට දකින්න ලැබුනේ අපි වගේම තවත් අවතාර ගොඩක් මුහුදේ පාවෙමින් ඉන්නවා. අපේ ඉස්කෝලේ යාලුවෝ සෑහෙන ගණනක් ඒ හැමෝම, අපි හැමෝම දැන් මැරිලා ඉවරයි. ඒ හැමෝම ලොකු දුකකින් තමන්ගේ ම මිය ගිය ශරීර දිහා බලාගෙන ඉන්නවා. මම වගේම. ඒ අය අතරේ මම බැලුවේ මින් දෝ ඉන්නවද කියලා. ඒත් එයා කොහෙවත් පේන්න හිටියේ නෑ.
BẠN ĐANG ĐỌC
SPRING DAY WILL COME SOON║ˢᵉʷᵒˡ ᶠᵉʳʳʸ ᵗʳᵃᵍᵉᵈʸ║✔︎
Fanfiction🎗️2014.04.16 වනදා...🎗️ ලොවක් කම්පා කරමින් ජීවිත සිය ගණනක් බිලි ගන්නා නෞකාවක්...🛳️ ජීවිතයත් මරණයත් අතර සටන් කළ සිසුන්... නැවේ දී ඔවුන්ට මුහුණ දෙන්නට වුණු අත්දැකීම් ඔවුන්ගේ දෘෂ්ටි කෝණයෙන්... මේ ඔවුන්ගේ කතාව... වසන්තයේ දවස ඉක්මනින්ම ඒවි... ජීවිතයේ න...