හිමිදිරි ප්‍රභා ලෝකය අදුරු කුටියේ කවුළු අතර පොර බදිමින් අදුර පරදා විජයක් සෙවූය.
නමුදු එය එක් ජය පැරදුමකින් තොරවු නමුදු නිෂ්ඵල ද නොවූ සටනකි.නමුදු ඒ සැකවින්ම නිෂ්ඵල නොවූ සටනේ ඵලයක් ලෙස මන්දාලෝකයෙන් දිස්වූ කුටියේ සුවපහසු යහන් ගැබේ වැතිර උන් දෙව් රුවක් බදු නග්න තරුණයා දැක්මට හැකිවිය.
අඩ අඳුරේ වුවද ඔහුගේ නග්න රුව ඔප දැමූ කිරි ගරුඪ පබළුවක් මෙන් දිදුළේය.
රුවට සම වූ ' පබරූ ' නම් ඔහුගේ නාමය විය.රුව කෙතරම් උසස් වූද මේ කුවීර නගරයේ ඔහුට සිඟනා අයෙකුට තරම් හෝ ගෞරවයක් නොමැති බව ඔහු දැන උන්නේය .
එක් පසකින් වෛශ්‍යාවකගේ දරුවකුව ඉපිද සමරිසි තරුණයන් මෙන්ම මැදි වයසෙ හා වියපත් මහල්ලන් පවා දිනය පුරා තුටු කරමින් ඔහු වෛශ්‍යයකු ලෙස ගෙවනා දිවියෙහි ගෞරවය යන වදන පවා කොහිදැයි ඔහුට නිසැක නොවීය.ඔහු එය අත්විදද නොමැතිය.
ලෝකයටම තමා සම්මත යැයි පෙන්වමින් අසම්මත යැයි සමාජය සැලකූ ලොවක දිවිගෙවන්නන් තලා පෙලා, රැයෙහි සැනසුම සොයා මෙන්ම ඔවුන් තුළ දැවෙනා ගින්න නිවා ගැනීමට වෛශ්‍ය අංගනයේ සැගවුණු ඔහුගේ කුටියට ගෙවදිනා රදළයන්ගේ සැබෑ මුහුණත ඔහු හා වෛශ්‍ය අංගනයේ හිමිකරු වූ ' සුවර්ණ ' පමණක් දැන උන්නෝය.
එවන් සමාජයකින් ඔහු ගෞරවය පැතීම හුදෙක් උපහාසයට කරුණක් පමණක්ම විය.
.
.
.
.
.
.
.
හී...හී..
ඒන්ජල් ඊස් බැක් ...
චුටි චුටි චැප්ටර් එක්ක වන්ශොට් එකක්...
හෙට වෙනකොට ඉවර කරන්නම්...
මට කියන්න කතාව ගැන...
හොදයිද... නරකයිද ...මේක කලින්ම නවත්තන්න උන්නු එකක් හෙහෙ දන්නෝ දනිති...
අවසානයේ සාකච්ඡා කරලා මරණ තර්ජන උනාට පස්සෙ මන් ලියනවා කියලා තීරණේ කොරා...
ටැම්කියු මරණ තර්ජනේට බලුබ් අක්කෙ...වෛශ්‍යයෙක් ගේ කතාවක්ලු...
කතාවෙ නමට මෙලෝ ගැලපීමක් නෑනේ...
පස්සෙ බලමු...Angel.

ESTÁS LEYENDO
වෙණ නද [ Historical ] °CoMpLeTeD°
Ficción históricaහැඩට රුව දිළෙන ලෙස පබරූ වෙණ නදට තබන අඩි නොමේරූ වන් ශුංගාර වැස්සක් මහද මත් කල සොදුරූ ඉඩදෙන්න විදින්නට , තෙමෙන්නට මොහොතක්... cover by JINius_MooN