ජන්කුක් එයාගෙ රියල් ඒජ් එකට ආපු වෙලාවක දැනගත්තු විස්තරවලට අනුව ගිහින් හොයලා බැලුවත් ජොන් පවුලේ අය හොයා ගන්න පුලුවන් වුනේ නැහැ.ජොන් මැන්ශන් එක වහලා දාලා තිබ්බා.
එයාලා රටින් ගිහිල්ලා!!!
අසල්වැසි ගෙදරකින් ඇහුවහම ටේහ්යුන්ට දැනගන්න ලැබුනේ එහෙමයි.ටේහ්යුන්,මිස්ට ජොන්ගේ පුතා තමන් ළග ඉන්නවා කිව්වහම ඒ කෙනා ඇහුවේ මොන පුතාද කියලා.
අඩුමතරමේ ජොන් මැන්ශන් එකේ ළමයෙක් හිටියා කියලවත් කිසිම කෙනෙක් දැනන් හිටියේ නැහැ.ඒ අසරනයව ලෝකෙන්ම හංගලා තියන් ඉදලා අනිතිමට ඒ ලෝකේ මැද්දෙම තනි කරලා දාලා එයාලා යන්න ගිහින්...
ඇයි?මොකද්ද හේතුව?
ස්වභාවයෙන්ම මානසික ලෙඩක් එක්ක ඉපදුනු නිසාද?
ඒත් එයා ඕනැකමින්ම ඒ ලෙඩේ එයා ළගට ගත්තද?
නැහැ.එහෙම ලෙඩ ලමයෙක් තමන්ට ඉන්නවා කියලා අනිත් අය දැනගන්න එක ජොන් පවුලට ප්රශ්නයක් වුනු නිසා.ඒ දරුවා තමන්ගේ තත්වෙට නොගැලපුනු නිසා.
ඒ වගේ දරුවෝ කීදෙනෙක් මේ ලෝකේ අතරමං වෙනවා ඇතිද?ඒකත් එයාලා හිතලා කරපු වරදක් නැති කොට!!!ජොන් පවුලේ කිසිම කෙනෙක් දැන් රටේ නැති එක ටේහ්යුන්ට ඇත්තටම ලොකු සතුටක් වුනා.
දැන් එයාට එයාගේ පුලුං බෝලේ හැමදාම එයා ළගම තියාගන්න පුලුවන්!!!!
ඕනකරන ලීගල් ඩොකියුමන්ට්ස් සයින් කලාට පස්සේ දවස් කීපයකින් ජන්කුක් කිම් පවුලේ සාමාජිකයෙක් බවට පත් වුනා.
රියල් ඒජ් එකට ආවහම ගොඩක් සතුටින් කිම් පවුලේ අයත් එක්ක හිටපු ජන්කුක් , ලිට්ල් ස්පේස් ඒජ් එකට ආවහම සතුටින් හිටියා වුනත් නිතරම එයාගේ නැනීව ඉල්ලලා ඇඩුවා.
අර අපායේ ඉද්දී එයා ගැන හොයලා බලපු එකමකෙනා ඒ අහිංසකයගේ හිතේ තදින්ම තැන්පත් වෙලා තියෙන්න ඇති.................................................................
හැමදේම හොද අතට හැරුනේ ටේහ්යුන්ට ජන්කුක්ගේ නැනීවත් හම්බුනාට පස්සේ.
දවසක් ටේහ්යුන් යුනි ඉවර වෙලා එද්දී රෙස්ටුරන්ට් එකකට ගියේ ගෙදර යද්දි ජන්කුක්ට මොනවා හරි අරන් යන්න.වේටර් එයාගේ ඕඩර් එක අරන් එනකන් ටේහ්යුන් ටේබ්ල් එකක වාඩි වෙලා ජන්කුක්නුයි එයයි ගත්තු ෆොටෝස් බැලුවා.
ඒ හැම ෆොටෝ එකකම තිබුනු ජන්කුක්ගේ බනී හිනාව එක්ක හිනාවුනු ටේහ්යුන් එකපාරට ගැස්සුන්නේ කාගේ හරි අතින් බාජනයක් බිදෙනවා ඇහිලා.ඒ ජන්කුක්ගේ නැනී.එයා එතන වේටර් කෙනෙක් විදිහට වැඩ කලා.ටේහ්යුන් බල බල හිටපු ජන්කුක්ගේ ෆොටෝස් දැකලා එයා කලබල වෙලා තිබුනා.
කොහොමහරි ටේහ්යුන් එයාට ඇත්ත විස්තරේ කිව්වට පස්සේ තමයි නැනී ටේහ්යුන් කියපු දේවල් විශ්වාස කලේ.
ජන්කුක්ව කොහෙහරි දාලා එනවා කියලා දැනගත්තු මොහොතේ නැනී ඒක නවත්තන්න හැදුවත් මිස්ට ජොන් එයාට තර්ජනය කරපු නිසා එයාට මුකුත් කරගන්න බැරි වෙලා තිබුනා.
අන්තිමට එයා ටේහ්යුන්ගේ ගෙදර වැටුපක් යටතේ ජන්කුක්ගේ නැනී විදිහට දිගටම වැඩ කරන්න එකග වුනා.
නැනීව දැකලා ජන්කුක් කොච්චර සතුටු වුනාද කියනව නම් එදා දවසෙම එයා ටේහ්යුන් ළගටවත් ආවේ නැහැ.
ටේහ්යුන් ඉතින් ඒ ගැන පොඩ්ඩක් ඉරිසියාවෙන් තමා හිටියේ.😂
අන්තිමේදී හැමදේම හොදින් සිද්ද වුනා.
නන්නාදුනන මිනිස්සු ගොඩක් මැද්දේ අතරමං වෙන්න ගියපු අහිංසක ජීවිතයකට අහම්බයෙන් සිද්ද වුනු හමුවීමක් නිසා අලුත්, ලස්සන පවුලක් ලැබුනා.
ඒත් එතන තව එක හිස්තැනක් ඉතුරුයි.
ජන්කුක්ගේ ලෝකෙ ලස්සන කරපු ඒ ආගන්තුකයට තවමත් තමන්ගේ හිතේ ජන්කුක් ගැන තියෙන හැගීම් ප්රකාශ කරගන්න බැරි වුනා!!!...
___♡'・ᴗ・'♡___
Drop your comments
~Fayette~
YOU ARE READING
Sad Song| [Oneshot]
Fanfiction♪Without you, I feel broke... Like I'm half of a whole... Without you, I've got no hand to hold... Without you, I feel torn... Like a sail In a storm... Without you, I'm just a sad song...♫︎ Start & End ; 05.10.21