❥︎02

394 129 71
                                    

"හියුන්ගී දන්නෝද,මන් උදේ එද්දී නැනී හොදතෝම ඇදුවා.තුතී ඇහුවා අඩල්ලෙ ඇයි කීලා.ඒත් එයා උත්තල දුල්ලේ ලෑ.ඉතිම් තුතී තිව්වා තුතී ඉම්මනට මල්ලි බබූව අලම් එල්ලම් අඩම්න අපා කීලා.මල්ලි බබා හියුන්ගිගේ ගෙදලනේ ඉල්ලේ.ගියපු ගමන් මට දෙල්ල.මත නැනීත පෙන්නල්ල නන්න ඕනෙ" බස් එකේ වාඩි වුනු වෙලේ ඉදන් ජන්කුක් එකදිගට කියෙව්වා.

ඔව් අන්තිමට ටේහ්‍යුන්ට එයා ජීවිතේ කරන්න අකමැතිම දෙයක් කරන්න සිද්ද වුනා.එයා ජන්කුක්ට බොරුවක් කිව්වා.කීප සැරයක්ම තමන් එක්ක එන්න කියලා කිව්වට මල්ලි බබා අරන් ඔම්මා එනකන් එතනින් එන්න බෑ කිව්ව නිසා ටේහ්‍යුන් ජන්කුක්ගේ මල්ලි බබා ඉන්නේ තමන්ගේ ගෙදර කියලා ජන්කුක්‍ට බොරුවක් කිව්වා.

වෙලාවේ හැටියට ටේහ්‍යුන්ට වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ.නන්නාදුනන මිනිස්සු ගොඩක් මැද්දේ ඒ අහිංසකයව දාලා එන එක ටේහ්‍යුන්ට කරන්න තියා හිතන්නවත් බැරිවුනා.

තමන්ව අතරමං කරලා ගියපු ඔම්මා කිව්ව බොරුව පිළිගත්‍ත ජන්කුක් හරි ඉක්මනින් ටේහ්‍යුන්වත් විශ්වාස කළා.

තමන්ට වගේම අනික් ඕනම කෙනෙක් කියන දේ ජන්කුක් පිලිගන්න බව දන්න නිසාම,වෙන කිසිම මනුස්සයෙක්ට කලින් තමන්ට ජන්කුක්ව මුන්ගැස්සෙව්ව එක ගැන ටේහ්‍යුන් දෙවියන්ට ස්තූති කළා.

තමන්ගේ කුසින්ම වදාපු දරුවටම ඔම්මම මෙහෙම කළානම් අනික් මිනිස්සු ගැන කවර කතාද?!!!

ජන්කුක්ගේ අත තද කරලා අල්ල ගත්තු ටේහ්‍යුන් කොයිම වෙලාවකවත් ඒ අත අතඇරියේ නැහැ.

"අල ලුකු කෝත්ත මුකද්ද හියුන්?" ජන්කුක් ඇහුවේ බස් එකේ ජනේලෙන් පෙනුන නම්සන් ටවර් එක පෙන්නලා.

"ඒක තමා නම්සන් ටවර් එක පැටියෝ."ටේහ්‍යුන් ජන්කුක්ගේ ඔලුව අතගාමින් ඇහුවා.

"න-ම්-ශ-ම්..."ජන්කුක් අකුරු ඇහුලුවා."ඒ මුකද්ද හියුන්ගී.තුතී ඒම එකක් ආලා ළෑලේ මීත තලින්.ඒ වුනාට උයා දන්නවද ,අප්පා ළග නම් තීනවා උය වගේම උස කෝත්තක්.අප්පයි ඔම්මයි තමාල වෙලාවට ඔම්මගේ බන්ඩියේ ඉන්න මල්ලි බබා එක්ක කතා කලද්දි තුතී හොලෙන් බලන් ඉන්නවා.තුතීත් ආතයි ඔම්මයි අප්පයි එක්ක ඉදන් මල්ලි බබා එක්ක තතා තලන්න.ඒත් සමාල දවතත අප්පා මන් ඉල්ලවා දැක්කොත් මත ඒ තෝත්තෙන් ගාලා කීනවා පිත්තා මේ පැත්ත පලාතේ එන්න අපා කීලා.එතකොට නැනී ඇවිල්ලා මාව එත්තම් නනවා.එතකොට-එතකොට තුතීගේ ඇත්වලින් ජෝජෝ වගේ මුනාද එනවනේ හියුන්ගී" අන්තිම ටික කියද්දි ඒ අහිංසකයගේ ඇස්වල කදුලු පිරෙනවා ටේහ්‍යුන් දැක්කා.

එහෙම ලෙඩක් තිබුනට ඒ අසරනයා මොනවා කරන්නද?

ටේහ්‍යුන්ගේ ඇස්වලත් ඉබේම කදුලු පිරුනා.

"අලේ අන්න ඒ ජෝජෝ හියුන්ගිගේ ඇත්වලත් පිලෙනෝ.ඒවට එන්න දෙල්ල අපා හියුන්ගී.ඒවා එල තොත තුතීගේ මෙන්න මෙතල සිදෙනො."ජන්කුක් එයාගේ පපුවට අත තියලා පෙන්නමින් ටේහ්‍යුන්ගේ කදුලු පිහදැම්මා.
"හියුන්ගී ඒවත එල්ල දෙල්ල අපා.එතතොත උයාගෙත් මෙතන සිදෙයි"

"ඒක නෙමේ පැටියෝ ඔයා නම්සන් ගිහින් නැද්ද?" අමාරුවෙන් කදුලු නවත්තගත්ත ටේහ්‍යුන් මාතෘකාව වෙනස් කලා.

"නෑ හියුන්ගී.තුතී ඉත්තෙල්ලම ගේත් එතෙන් එලියට ආවේ අද තමා.මේ අපි දැන් නනවා වගේ ලොකු පෙත්ති ඇවිත් නතල කලන්නේ.අන්න එතන මාව ඉන්දවලා ඔම්මා තිව්වා එතනත තමා පාත් එකක් කීන්නේ කීලා.තුතීට දොදක් තතුතු හිතුනා ඔම්මා අන්තිමට එයාව පාත් එක්කල් ආව නිශා."

ජන්කුක් කිව්ව ගොඩක් දේවල්වට ටේහ්‍යුන්ගෙන් උත්තර ලැබුනේ නැහැ.එයා එක දිගට ඒ අහිංසක ඇස්වල,අහිංසක වචන අස්සේ අතරමං වෙලා හිටියේ.අන්තිමට කතා කරලා කරල මහන්සි වුනු පාරට ජන්කුක්ට ටේහ්‍යුන්ගේ උරහිස උඩම නින්ද ගියා.පොඩි දරුවෙක් ළගින් එනවා වගේ ජන්කුක්ගේ ළගින් ආපු කිරි සුවද විද ගත්තු ටේහ්‍යුන් ජන්කුක්ව තව ටිකක් තමන්ගේ උනුහුමට ගත්තා.

ජන්කුක් ඒ වෙනකන් කතා කරපු වචන හැමඑකකින්ම ටේහ්‍යුන්ට තේරුනා ජන්කුකට නොතේරුනා වුනත් එයා ගෙදරදි ගොඩක් දුක් විදලා තියෙනවා කියලා.
ඒ වගේම එයා බය වුනා හයහතරක් නොතේරෙන මේ අහිංසකයට ගෙදරදි වෙන මොනවා හරි කරදයක් වුනාද කියලා.

මනසින් කඩා වැටුනු අසරනයෙක්ව මහමග දාලා යන්න පුලුවන් මිනිස්සුන්ට වෙන මොනවද කරන්න බැරි!!!....

"මන් ඔයාව පරිස්සමින් බලා ගන්නම් පැටියෝ"ජන්කුක් කටේ ගහගෙන උර උර හිටපු ඇගිල්ල එලියට ගත්තු ටේහ්‍යුන් තමන් මොකද්ද කරන්නේ කියලා හිතන්නත් කලින් ඒ හීනී රෝස තොල් මත හාදුවක් තිබ්බා.

ඔව් මේ ගත කරපු පැය කිහිපයට ජන්කුක් ගැන තමන්ගේ හිතේ වෙනස් හැගීම්ක් ඇති වෙලා කියලා ටේහ්‍යුන් තේරුම් ගත්තා.

"නැහැ ඒක අනුකම්පාවක් නෙමේ කොහොමටත් !!!"

දැඩි නින්දේ හිටපු ජන්කුක් නින්දෙන්ම තව ටිකක් ටේහ්‍යුන්ගේ උනුහුමට තුරුල් වෙද්දි ඒක තමන්ගේ පලවෙනි හාදුව නේද කියලා මතක් වුනු ටේහ්‍යුන්ට හිනා ගියා.
තමන්ගේ පළවෙනි හාදුව තමන්ටත් හොරා වෙන කෙනෙක් ගත්තා කියලා නොදන්න ජන්කුක් ටේහ්‍යුන්ගේ උනුහුමේ සැපට නිදන් හිටියා.

___♡'・ᴗ・'♡___

Drop your comments

~Fayette~

Sad Song| [Oneshot]Where stories live. Discover now